අඳුර වැටෙන්න ඔන්න මෙන්න තිබියදී ටීවෝස් රජතුමාට ඔහු සෙවූ දෙය හම්බ වුණා. ඒ තමයි නගරය කෙළවරේ පැරණි මහල් නිවාසයක තුන්වැනි තට්ටුවේ තිබුණ, හිස් නවාතැන.
අශ්වකරත්තය නවතා අශ්වයන්ට කන්න දීපු රජතුමා ඔහුගේ හා පැටියාව සහ පුංචි වයලට් මල් පැලයක් සිටවා තිබූ මල් පෝච්චිය, නවාතැනේ සඳැල්ලෙන් ගෙන ගොස් තබා, කරත්තය තුළ වූ බඩු නිවස තුළට අදින්නට පටන් ගත්තා.
පියගැටපෙළේ උඩ සිටි කාන්තාවක්, රජතුමා ඉදිරිපිට ගරු සරුව නැමී.... ” අනේ ! රජතුමනි.... කෝ ඔබේ සේවකයෝ” යි, ඇසුවා.
”එයාලා මෙහෙ නෑනේ....” සිනාසී පිළිතුරු දුන් රජතුමා, ”ඔයාට පුළුවන්ද මට මේ බුමුතුරණ උඩට ගිනියන්න උදව් වෙන්න”.... යැයි ඇගෙන් සුහදව ඇසුවා.
”පුළුවන් රජතුමනි....” යි කියා, කාන්තාව බුමුතුරණ ඉහල මාලයට ගෙන ගියා. රජතුමා ඇයට හදවතින්ම ස්තූති කරා.
රජතුමාගේ දත් මද්දවන්න, පිට අතුල්ලන්න සේවකයින් හිටියෙ නෑ. අඩුමගානේ කොණ්ඩය පීරන්නවත් සේවකයෙක් හිටියේ නෑ.
තනියම නාන කාමරයට ගොස් සුද්ද පවිත‍්‍ර වුණ රජතුමා රාතී‍්‍ර ඇඳුම ඇඳ නිදහසේ ඇඳට ගියා.
පහුවෙනිදා රජතුමා පාරේ කොණක තිබුණ කඩයකට ගොස් කිරි පෙට්ටියක්, කේජු බනිස්, ඇපල්, හා පැටියට කැරට් වගේම මල් පැලේට වතුර දමන්නට පුංචි භාජනයක් රැගෙන සිවුරුහඬලමින් නිවසට පැමිණියා.
හිරු එළිය වැටිලා තිබුණ සැඳැල්ලට වෙලා රජතුමායි, එයාගේ හා පැටියයි ආහාර රසවින්ඳා. වතුරෙන් නෑවිලා තිබුණ මල පැලෙත් සැඳැල්ලෙ අයිනක තිබුණා.
නගරයේ සද්ද බද්ද යන්තමින් රජතුමාට ඇහුණා. වාහන වල, කෝච්චි වල රළු හඬ වගේම සෙල්ලම් කරන ළමයින්ගෙ හඬත් ඒ අතර වුණා. උණුසුම් සුළං රැල්ලකට තම හිසකෙස් අතර හමන්න ඉඩ දුන්න රජතුමාට, ජීවිතය කොයිතරම් රසවත්ද කියා හිතුණා.
දවල් වරුව උදා වුණාම රජතුමා ”එන්න හා පැටියෝ.... අද ඇවිදින්න යන්න හොඳ දවසක්” කියා, හා පැටියව හීනී ලණුවකින් බැඳගෙන උයනට ගියා.
වයසක කාන්තාවක් රජතුමාව දැක.... ”අනේ ! රජතුමනි.... හා පැටියෙක්ව ඔහොම බැඳගෙන ඇවිදින්න බෑනේ”යි, රජතුමාට කීවා.
එතකොට හාවා දිහා බලපු රජතුමා.... ” ඇත්ත තමයි.. ඇත්තම තමයි” කියලා, හා පැටියගේ බෙල්ලෙන් ලණුව ගලවලා, ඉදිරියට ඇවිදගෙන ගියා. හා පැටියා රජතුමා පිටිපස්සෙන් පැන පැන ආවා.
ටීවෝස් රජතුමා ආයෙත් නවාතැනට එනකොට නගරාධිපති රජතුමාව මුණගැහෙන්න ඇවිත් හිටියා.
”අනේ රජතුමනි ඔබතුමාගේ වටිනා අශ්ව කරත්තය මේ වගේ පෙදෙසක තියන්නෙ ඇයි”.... කියා, ඔහු රජතුමාගෙන්න ඇහුවා.
ඊළඟ දවසෙ අගමැති රජතුමාගේ නවාතැනට ආවා. අගමැතිව දුටු රජතුමා පුදුම වී ” මම ඔබව මෙහෙදි දකින්නට බලාපොරොත්තු වුණේ නෑ”යි, කීවා.
”අපිට ඔබව නැති කරගන්න බෑ රජතුමනි”යි, ඇමතිතුමා කීවා... ”පාලනයේ වැඩකටයුතු පිළිවෙළට කරන්න එපැයි....” රජතුමනි.
ඇමතිතුමාගේ කතාව ඇහුණ රජතුමා, මද වෙලාවක් කල්පනාවක නියැලී හිඳ.... ”ඔබ කියන දේ හරි අගමැතිතුමනි.... රජතුමාගෙන් පස්සෙ අගමැතිතුමා තමා රට පාලනයට සුදුස්සා.... ඒක නිසා අදින් පස්ස පාලනයේ සියලුම වැඩ කටයුතු ඔබට බාරයි....”
ඒ වචන ඇහුව අගමැතිතුමා පුදුම වුණා. ඒත් රජතුමාගේ කතාවට එකඟ වී එතැනින් එන්න ආවා.
”මෙතැන ජීවත් වෙන්න ? ඒ දේ නම් කොහෙත්ම කරන්න බෑ”යි.... කීව රැජිණ, නැවතත් මාළිගාවට යන්න ගියා.
”අයියො ! ” රජතුමා දුක් වුණා. ”ඒත් ඉතින් තමන්නට කැමති දේ කරන්න තමන්ට පුළුවන්නෙ... ජීවිතය නිදහස් තැනක් නෙ....” රජතුමා එයාටම කියා ගත්තා.
”මෙයාටද මේ රජතුමා කියන්නෙ ? රජතුමෙක් වුණාට මෙයාට කිසිම දෙයක් නෑනේ. මාලිගාවක් නෑ.... සේවකයො නෑ.. රැජිණක් නෑ.. අඩුම ගානේ අශ්ව කරත්තයක්වත් නෑ.. මුකුත් නැති රජතුමා ! මුකුත් නැති රජතුමා !” ගම්මු හිනා වෙවී රජතුමාට අපහාස කරන්න පටන් ගත්තා. ඒ කතා සියල්ලම නිහඬව අසා සිටිය රජතුමා අහස දෙස බැලුවා. හිරු එළිය රජතුමාගේ මුහුණට වැටුණා. හා පැටියා සහ මල් පැලය දෙසත් බලපු රජතුමා....
”මුකුත් නැති රජතුමා ?” යි කියාගෙන, මහා හඬින් හිනා වුණා. රජතුමා කොච්චර හයියෙන් හිනා වුණාද කියනවනම්, ඒ හිනා හඬ මුළු වීථීය පුරාම රැව් පිළිරැව් දුන්නා.
ඒ කතාව ඇහුණ ගම්මු කිසිවක් කියා ගත නොහැකිව සිය නිවෙස් බලා යන්න ගියා. ලොකු හුස්මක් ගත්ත රජතුමා හා පැටියට කැරට් අලයක් කන්න දී මල් පැලේටත් වතුර දා නිදහසේ කෑම කන්න පටන් ගත්තා.
කල්පනා කර බලා තීරණයක් ගත් රැජිණ කළුවර වැටෙන්නට පෙර රජතුමා එක්ක නවතින්නට නවාතැනට ආවා.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අශ්වකරත්තය නවතා අශ්වයන්ට කන්න දීපු රජතුමා ඔහුගේ හා පැටියාව සහ පුංචි වයලට් මල් පැලයක් සිටවා තිබූ මල් පෝච්චිය, නවාතැනේ සඳැල්ලෙන් ගෙන ගොස් තබා, කරත්තය තුළ වූ බඩු නිවස තුළට අදින්නට පටන් ගත්තා.
පියගැටපෙළේ උඩ සිටි කාන්තාවක්, රජතුමා ඉදිරිපිට ගරු සරුව නැමී.... ” අනේ ! රජතුමනි.... කෝ ඔබේ සේවකයෝ” යි, ඇසුවා.
”එයාලා මෙහෙ නෑනේ....” සිනාසී පිළිතුරු දුන් රජතුමා, ”ඔයාට පුළුවන්ද මට මේ බුමුතුරණ උඩට ගිනියන්න උදව් වෙන්න”.... යැයි ඇගෙන් සුහදව ඇසුවා.
”පුළුවන් රජතුමනි....” යි කියා, කාන්තාව බුමුතුරණ ඉහල මාලයට ගෙන ගියා. රජතුමා ඇයට හදවතින්ම ස්තූති කරා.
රජතුමාගේ දත් මද්දවන්න, පිට අතුල්ලන්න සේවකයින් හිටියෙ නෑ. අඩුමගානේ කොණ්ඩය පීරන්නවත් සේවකයෙක් හිටියේ නෑ.
තනියම නාන කාමරයට ගොස් සුද්ද පවිත‍්‍ර වුණ රජතුමා රාතී‍්‍ර ඇඳුම ඇඳ නිදහසේ ඇඳට ගියා.
පහුවෙනිදා රජතුමා පාරේ කොණක තිබුණ කඩයකට ගොස් කිරි පෙට්ටියක්, කේජු බනිස්, ඇපල්, හා පැටියට කැරට් වගේම මල් පැලේට වතුර දමන්නට පුංචි භාජනයක් රැගෙන සිවුරුහඬලමින් නිවසට පැමිණියා.
හිරු එළිය වැටිලා තිබුණ සැඳැල්ලට වෙලා රජතුමායි, එයාගේ හා පැටියයි ආහාර රසවින්ඳා. වතුරෙන් නෑවිලා තිබුණ මල පැලෙත් සැඳැල්ලෙ අයිනක තිබුණා.
නගරයේ සද්ද බද්ද යන්තමින් රජතුමාට ඇහුණා. වාහන වල, කෝච්චි වල රළු හඬ වගේම සෙල්ලම් කරන ළමයින්ගෙ හඬත් ඒ අතර වුණා. උණුසුම් සුළං රැල්ලකට තම හිසකෙස් අතර හමන්න ඉඩ දුන්න රජතුමාට, ජීවිතය කොයිතරම් රසවත්ද කියා හිතුණා.
දවල් වරුව උදා වුණාම රජතුමා ”එන්න හා පැටියෝ.... අද ඇවිදින්න යන්න හොඳ දවසක්” කියා, හා පැටියව හීනී ලණුවකින් බැඳගෙන උයනට ගියා.
වයසක කාන්තාවක් රජතුමාව දැක.... ”අනේ ! රජතුමනි.... හා පැටියෙක්ව ඔහොම බැඳගෙන ඇවිදින්න බෑනේ”යි, රජතුමාට කීවා.
එතකොට හාවා දිහා බලපු රජතුමා.... ” ඇත්ත තමයි.. ඇත්තම තමයි” කියලා, හා පැටියගේ බෙල්ලෙන් ලණුව ගලවලා, ඉදිරියට ඇවිදගෙන ගියා. හා පැටියා රජතුමා පිටිපස්සෙන් පැන පැන ආවා.
ටීවෝස් රජතුමා ආයෙත් නවාතැනට එනකොට නගරාධිපති රජතුමාව මුණගැහෙන්න ඇවිත් හිටියා.
”අනේ රජතුමනි ඔබතුමාගේ වටිනා අශ්ව කරත්තය මේ වගේ පෙදෙසක තියන්නෙ ඇයි”.... කියා, ඔහු රජතුමාගෙන්න ඇහුවා.
එතකොට අශ්ව කරත්තය දෙස බලපු රජතුමා.... ”ඇත්ත තමයි. කරත්තය ඔහේ තියෙනවා... මට රාජකීය කරත්තයකින් වැඩකුත් නැහැ”යි, කියා.... කරත්තයේ බැඳ උන් අශ්වයින්ව ලිහා පිට්ටනියට ගෙන ගොස් දමා කරත්තය විකුණන්න දැම්මා.
ඊළඟ දවසෙ අගමැති රජතුමාගේ නවාතැනට ආවා. අගමැතිව දුටු රජතුමා පුදුම වී ” මම ඔබව මෙහෙදි දකින්නට බලාපොරොත්තු වුණේ නෑ”යි, කීවා.
”අපිට ඔබව නැති කරගන්න බෑ රජතුමනි”යි, ඇමතිතුමා කීවා... ”පාලනයේ වැඩකටයුතු පිළිවෙළට කරන්න එපැයි....” රජතුමනි.
ඇමතිතුමාගේ කතාව ඇහුණ රජතුමා, මද වෙලාවක් කල්පනාවක නියැලී හිඳ.... ”ඔබ කියන දේ හරි අගමැතිතුමනි.... රජතුමාගෙන් පස්සෙ අගමැතිතුමා තමා රට පාලනයට සුදුස්සා.... ඒක නිසා අදින් පස්ස පාලනයේ සියලුම වැඩ කටයුතු ඔබට බාරයි....”
ඒ වචන ඇහුව අගමැතිතුමා පුදුම වුණා. ඒත් රජතුමාගේ කතාවට එකඟ වී එතැනින් එන්න ආවා.
ටික වෙලාවකට පසු රජතුමාව මුණගැහෙන්න ආව රැජිණි ”ටීවෝස් ඔයා පුදුම දේවල් තමා කරන්නෙ”යි, මදක් කේන්තියෙන් පැවසුවා. ”අර තරම් විශාල මාලිගාවක මාව තනිකරල ආවම හරිද ?”
”ඔයා කියන එක ඇත්ත තමා.... ඒත් නවාතැනේ ගෙවන ම් ජීවිතය නිස්කලංකයි.... ඔයත් එන්න මා එක්ත මෙහෙ ජීවත් වෙන්න” යැයි රජතුමා රැජිණිට කීවා.
”මෙතැන ජීවත් වෙන්න ? ඒ දේ නම් කොහෙත්ම කරන්න බෑ”යි.... කීව රැජිණ, නැවතත් මාළිගාවට යන්න ගියා.
”අයියො ! ” රජතුමා දුක් වුණා. ”ඒත් ඉතින් තමන්නට කැමති දේ කරන්න තමන්ට පුළුවන්නෙ... ජීවිතය නිදහස් තැනක් නෙ....” රජතුමා එයාටම කියා ගත්තා.
සැඳල්ලට ගිය රජතුමා හා පැටියව බිම තබා මල් පැලේ හිරු දෙසට හැරෙව්වා. පහළ වීථීයෙන් සිනා හඬක් මතුවෙන්න පටන් ගත්ත නිසා රජතුමා එදෙස බැලුවා. ගම්වාසීන් රජතුමාට හිනා වෙන්න පටන්ගෙන....
”මුකුත් නැති රජතුමා ?” යි කියාගෙන, මහා හඬින් හිනා වුණා. රජතුමා කොච්චර හයියෙන් හිනා වුණාද කියනවනම්, ඒ හිනා හඬ මුළු වීථීය පුරාම රැව් පිළිරැව් දුන්නා.
”මට හා පැටියෙක් ඉන්නවා.. මල් පැලයක් තියෙනවා.. හිරු එළිය විඳගන්න පුළුවන් සඳැල්ලක් තියෙනවා....”යි, රජතුමා හිනාවෙවී කීවා.
ඒ කතාව ඇහුණ ගම්මු කිසිවක් කියා ගත නොහැකිව සිය නිවෙස් බලා යන්න ගියා. ලොකු හුස්මක් ගත්ත රජතුමා හා පැටියට කැරට් අලයක් කන්න දී මල් පැලේටත් වතුර දා නිදහසේ කෑම කන්න පටන් ගත්තා.
කල්පනා කර බලා තීරණයක් ගත් රැජිණ කළුවර වැටෙන්නට පෙර රජතුමා එක්ක නවතින්නට නවාතැනට ආවා.
කතාව : එල් ෆන් ලීස්හවුට් සහ එරික් ෆන් ඔස්
සිතුවම් : පාවුලා ගෙරිට්සන්
පරිවර්තනය : මුතු පබා