වැඩ බැරි දාස චිත්‍ර ඇඳීමට පටන් අරගෙන මුහුණ පෑ කරදරය ඔය ළමයින් දන්නවා නොවැ. ඔන්න ඉතින් ඉන් පසු ඔහු කවි ලියන්නට පටන් ගත්තා. ඔහු අඳුනන කවියෙක් හිටියා ඔදුවාන්චික් වීදියේ. එයාගේ හැබෑ නම පූදික්. නමුත් කවීන් ලස්සන නම් වලට කැමති බව ප්‍රසිද්ධ දෙයක්. ඉතින් පූදික් කවි ලියන්ට පටන් ගත්තයින් පස්සෙ එයා "කවි කුසුම්" යන නමින් ප්‍රසිද්ධ වුණා.
වැඩ බැරි දාස දවසක් දා කවි කුසුම් හමුවීමට ඇවිත් මෙහෙම කියුවා: "කවි කුසුම්,මාත් කැමතියි කවියකු වීමට. මට කවි හදන හැටි උගන්වන්න."
"කවි තැනීමට ඔයාට දක්සතාවක් තියෙනවද?" කවි කුසුම් ඇහුවා.
"අපොයි තියෙනවා. මම බොහොම දක්ස ළමයෙක්" වැඩ බැරියා පිළිතුරු දුන්නා.
"එය හොයා බලන්ට ඕන. ඔයා රිද්මය, එළිසමය වගේ දේ දන්නවද?"
"අපොයි, ඒවා දන්නේ නැහැ"
"වචන එක විදියේ ශබ්දයකින් අවසන් වෙන විට ඒකට එළිසමය කියලා කියනවා. උදාහරණ මෙන්න: බස්සා -කුස්සා, මැස්සා-පිස්සා. දැන් ඔයාට තේරුම් ගන්ට පුළුවන්ද?"
"ඔව්, තේරුම් ගත්තා."
"එහෙනම් වත-ගොත නැමැති වචනයට සෑහෙන වචනයක් කියන්න" කවි කුසුම් ඉල්ලා හිටියා.
"ළපටි සිත" වැඩ බැරි දාස ගත් කටටම කියාපි.
"ඔතන එළි සමය හරි නැහැ. ඒ වචන වල ගැළපීම හරි නැහැ" කවි කුසුම් කියුවා.
"ඇයි නැත්තේ? වචන දෙකම ඉවර වෙන්නේ "ත" ශබ්දයෙන් නෙව"
"ඒ විතරක් මදි. වචන දෙක ශබ්දය අනුවත් සමාන වෙන්ට ඕන. ඔන්න අහගන්ට: වත-ගොත, සිත-මෙත, කැත - නැත, ගත -සිත"
"ඔව්! ඔව්! දැන් මට තේරුම් ගත හැකියි! පොල්ල -බෙල්ල, තල්ල -මල්ල, කොල්ලා -බල්ලා, ජුන්ටා-බන්ටා! හා-හා-හා!"
"හොඳයි, එහෙනම් "කිත්තම්" නැමැති වචනයට ගැළපෙන පදයක් හොයන්න." එහෙම කියුවේ කවි කුසුම්.
"ලත්තම්" වැඩ බැරි දාස ගත් කටටම පිළිතුරු දුන්නා.
"ලත්තම් කියන්නෙ මොනවටද?"
"එහෙම වචනයක් නැද්ද?"
"සත්තකින්ම නැහැ.."
"එහෙනම් ඉරුත්තම්"
"ඒ වචනයේ තේරුම මොකද්ද?" කවි කුසුම් පුදුම වෙලා ඇහුවා.
"ඉරනව කියන වචනයෙන්ම තමයි ඒ වචනය ඇවිත් තියෙන්නේ" වැඩ බැරියා විස්තර කළා.
"නුඹ බොරු ඇද බෑම නවත්වාපන්. වචන ගැළපෙනවා විතරක් නොවෙයි, කාව්‍යමය තේරුම් තියෙන්ටත් ඕන. නිකන් බොරුවට හිතෙන් මවා ගන්ට එපා. "
"වෙනින් වචනයක් මට හිතා ගැනීමට බැරි නම්?"
"එහෙනම් ඔයාට කවි පද බැඳීමට දක්සතාවයක් නැහැ"
"එහෙනම් කිත්තම් කියන වචනයට ගැලපෙන වචන නුඹම හදාපන්!" එහෙම කියුවේ වැඩ බැරිදාස.
" දැන්ම හදන්නම්!" කවි කුසුම් පිළිතුරු දුන්නා.
ඔහු කාමරය මැද සිටගෙන, දෑත බැඳගෙන, හිස පැත්තකට හරවාගෙන කල්පනා කරන්ට පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ කවි කුසුම් වහලේ සීලිම දෙස බලාගෙන කල්පනා කළා. එයා කාමරයේ එහාට මෙහාට ගමන් කරමින් තොල මතුරන්ට පටන් ගත්තා.
"කිත්තම්, ලත්තම්, බත්තම්, පත්තම්, නත්තම්" ඔහොම මතුරලා හිටි හැටියේම මෙහෙම කියුවා:
"මොන කාලකන්නි වචනයක්ද! ඒක කවියට ගලපන්ට බැහැ!"
"ඔන්න පේනවා නේද, නුඹ කවියෙක් වෙලත් එළිසමය නැති වචන මට දුන්නා, ඊට පස්සෙ කියනවා මම දක්සතාවත් නැති කෙනෙක් කියලා." වැඩ බැරි දාස කවි කුසුම්ට දොස් පැවරුවා.
"අපොයි නුඹට කවි හදන්ට දක්සතාවක් තියෙනවා. නුඹ දක්සයි, දක්සයි. මගේ හිස කකියනවා. නුඹට මම මෙහෙම කියන්නම්: එළිසමය තියෙන්නත් ඕන, කවි වල අදහසක් තියෙන්නත් ඕන. අන්න ඒ වගේ කවි ලියන්ට පුළුවන්නම් නුඹ කවියෙක්."
"ඒක ඒතරම්ම ලේසි වැඩක්ද?" වැඩ බැරිදාස මවිතයට පත් වුණා.
"සත්තකින්ම ලෙහෙසියි. ප්‍රධාන දේ සහජ දක්සතාවක් තියෙන්ට ඕන."
වැඩ බැරිදාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුල ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුණා.
ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා.
"සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!"
"ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැමදෙනාම ඔහුගෙන් ඉල්ලා සිටියා.
"මම කවි හැදුවේ නුඹලා ගැනයි. පළමු වැනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!-
"මොනවා? මම වලට වැටුනේ කවදාද?" දක්සපාල ඇහුවා.
"ඒක ඇත්ත තමයි, ඒ වුනාට මම එහෙම ලියුවේ එළිසමය ගලපා ගන්ට" වැඩ බැරියා විස්තර කළා.
"ඉතින් නුඹේ එළිසමය රැකගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්සපාල ඇහුවේ බොහොම කේන්තියෙන්.
"සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන් ලියන්නේ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ."
"නුඹ තවත් ඔය වගේ කවි ලියුවොත්, නුඹට වැඩ වරදීවි" දක්ස පාල තර්ජනය කරලා මෙලෙස ඇසුවා.: " ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?"
"කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,-
"සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ" කඩිනම් රාළ වේගයෙන් කෑගැහුවා.
"නුඹ හෑගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැකගන්ට ඕම හන්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදියට," වැඩ බැරි කවියා කිව්වා.
"මම හීතල ඉස්තිරික්කයක් හරි රස්නේ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!"
"ඉතින් මම කියන්නේ නැහැ නෙව, ඔයා රස්නේ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා." වැඩ බැරි කවියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කියුවා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!-
ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා.
"හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ"
"අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලියුවේ එළිසමය අනුව වචන ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියාපු කවිය,"
"සෝයුරනි! වැඩ බැරියාගේ මේ විකාර වලට ඉඩ දියයුතුද? එයා හැම දෙනා ගැනම පට්ටපල් බොරු ලියා තියෙනවා. ඒවා අප ඇසිය යුතුද?"
"නවත්වාපන්! නුඹගේ ඔය පල් හෑලි අහන්ට අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නේ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!"
එවිට දක්සපාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා.
"අනිත් අය ගැන ලියාපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?"
"නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්ට කැමති නැහැ!" අනිත් කුරුමිට්ටෝ ළමයි සියළු දෙනාම එකවර කියුවා.
"නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිසුන්ට කියවන්නම්" වැඩ බැරි කවියා කිව්වා.
"මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නේ නැහැ!"
"සෝයුරනි! මම එහෙම කරන්නේ නැහැ. නුඹලා මා සමග තරහ වෙන්ට එපා." වැඩ බැරි දාස කියුවා.
ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරිදාස කවි ලිවීම අතහැර දැම්මා.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

දක්සපාල ගියේ ගඟට නාන්නට
එළුවට උඩින් පැනලා වැටුනා වලකට!"
එළුවට උඩින් පැනලා වැටුනා වලකට!"
"මොනවා? මම වලට වැටුනේ කවදාද?" දක්සපාල ඇහුවා.
"ඒක ඇත්ත තමයි, ඒ වුනාට මම එහෙම ලියුවේ එළිසමය ගලපා ගන්ට" වැඩ බැරියා විස්තර කළා.
"ඉතින් නුඹේ එළිසමය රැකගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්සපාල ඇහුවේ බොහොම කේන්තියෙන්.
"සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන් ලියන්නේ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ."
"නුඹ තවත් ඔය වගේ කවි ලියුවොත්, නුඹට වැඩ වරදීවි" දක්ස පාල තර්ජනය කරලා මෙලෙස ඇසුවා.: " ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?"
"කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,-
හැදුනා කඩිනම් රාළට බඩගින්නක්
ගිල්ලා හීතල ඉස්තිරික්කයක්"
ගිල්ලා හීතල ඉස්තිරික්කයක්"
"සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ" කඩිනම් රාළ වේගයෙන් කෑගැහුවා.
"නුඹ හෑගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැකගන්ට ඕම හන්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදියට," වැඩ බැරි කවියා කිව්වා.
"මම හීතල ඉස්තිරික්කයක් හරි රස්නේ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!"
"ඉතින් මම කියන්නේ නැහැ නෙව, ඔයා රස්නේ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා." වැඩ බැරි කවියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කියුවා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!-
"ඈනුමාගේ කොට්ටය යට
සඟවා තලප රෑ කෑමට."