tag:blogger.com,1999:blog-69301509042852386772024-02-19T14:23:33.355-08:00දෝසි|DOSISri Lankan site for children's literature from the best of world community.Koombiyahttp://www.blogger.com/profile/05132076975151845412noreply@blogger.comBlogger282125tag:blogger.com,1999:blog-6930150904285238677.post-76870879884029718022014-12-27T16:58:00.001-08:002014-12-27T16:58:04.527-08:00කතන්දර දෝසි | මී දුවගෙ විවාහය

ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණවලින් ගොඩක් පොහොසත්. එ්ක නිසා මී අම්මයි, මී තාත්තයි එයාලගෙ එකම දියණිය ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

දවසක් මී තාත්තා, මී අම්මට කීවා, "අපිට ඕනේ අපේ දුව මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා එක්ක අතිනත ගන්නවා දකින්න නෙමෙයිද?"

මී අම්මා උත්තර දුන්නා, "හොඳම කෙනා එහෙනම් ඉර වෙන්න ඕනෑ. ඉර අහසෙ මුදුනෙ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා.."

ඉතින් දවසක් මී අම්මයි, මී තාත්තයි ඉර මුණගැහෙන්න ගියා.

"ඉර, අපි ආවෙ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න. ඔයාට පුළුවන්ද අපිට ටිකක් ඇහුම්කන් දෙන්න.. මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා ඔයයි. ඔයා කැමතිද අපේ දුව එක්ක විවාහ වෙන්න. අපේ දුව ගුණ යහපත්කම් වලින් පිරිපුන් අවංක කෙනෙක්. අපිට ඕනෙ එයාට මේ ලෝකෙ ඉන්න හොඳම මනමාලයාව හොයල දෙන්න.."

ඉර උත්තර දුන්නා. "හ්ම්..... මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා මම නෙමෙයි. එ් තමා වලාකුළ. මම කොච්චර මහන්සි වෙලා මුළු ලෝකෙම එළිය කරත් වැඩක් නෑ. වලාකුළක් ආව ගමන් මාව ඉබේටම හැංඟනවා.."

ඉරෙන් වෙන්වුණ මී අම්මයි, මී තාත්තයි වලාකුළ හම්බෙන්න යන්න පිටත් වුණා.

"වලාකුළ, අපිට දැනගන්න ලැබුණා මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා ඔයා කියලා.. එ්කයි අපි ආවෙ ඔයාගෙන් අහන්න, අපේ එකම දුවව මනමාලියක් විදිහට බාරගන්න කැමතිද කියලා.."

"අනේ නෑ.. ! මම නෙමෙයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා.." වලාකුළ උත්තර දුන්නා. "මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමා සුළඟ.. මට පුළුවන් මුළු අහසම වසාගෙන පැතිරෙන්න. එ්ත් පුංචි හරි හුළඟක් හැමුවොත් මගෙ සලකුණක්වත් ඉතුරු නොවී මාව ඈතටම ගහගෙන යනවා.."

වලාකුළෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි ඊළඟට ගියා සුළඟ හම්බවෙන්න.

"සුළඟ. අපිට ආරංචි වුණා මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද අපේ එකම දියණියගෙ අත ගන්න.. ?"

"බොහොම ස්තූතියි, ඔයාලගේ කාරුණික ඉල්ලීමට.." සුළඟ උත්තර දුන්නා. "ඒත් මට වඩා හොඳ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනෙ.."

"කවුද එ්?" මී අම්මයි, මී තාත්තයි ඇහුවා.

"එ් තමයි බිත්තිය. මම කොච්චර වේගෙන් හැමුවත් මට බෑනෙ එයාව විනාශ කරන්න.."

මී අම්මයි, මී තාත්තයි බිත්තිය හම්බවෙන්න ගියා.

"බිත්තිය කරුණාකරලා අපේ දියණිය ඔයාගෙ මනමාලි විදිහට බාරගන්න.. අපිට ඕනෙ අපේ එකම දියණිය මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා එක්ක විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නවා දකින්න.."

"අනේ! අනේ! මී අම්මෙ.. මී තාත්තෙ.. ඔය දෙන්නට ගොඩක් වැරදිලා.." බිත්තිය උත්තර දුන්නා. "මේ බලන්න මං දිහා.. ඔයාලා එකමුතුවෙලා කරන වැඩ නිසා මාව හිල් වලින් පිරිලා.. මේ ලෝකෙ ඉන්න හොඳම අය මීයො වෙන්න ඕනෙ"

"ඇත්තටම ඔය දේ මීට කලින් අපිට හිතුනෙ නෑනේ.."

බිත්තියෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි යන්න ගියෙ සිනාසෙමින්.

"බලන් යද්දි මේ ලෝකෙ ඉන්න හොඳම අය අපිනෙ. අපි අපේ දුවව එහා ගෙදර මී පුතාට යෝජනා කරමු.. දෙන්නට දෙන්න කැමති වුණොත් එයාලා ජීවිත කාලෙටම සන්තෝසෙන් ඉඳීවි..."

ටික දවසකට පස්සෙ මී මනමාලියි, මී මනමාලයයි විවාහ වුණා. දවස් තුනක් තිබ්බ විවාහ උත්සවයෙන් පස්සෙ අලුත් ජෝඩුව අලුත් ගෙදරකට ගිහිල්ලා ගොඩක් සන්තෝසෙන් කල් ගෙව්වා.

[ජපන් ජන කතාවක් ඇසුරිනි.]
පරිවර්තනය - මුතු පබා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-52771256975985430902014-11-08T18:20:00.001-08:002014-11-08T18:20:30.238-08:00කවි දෝසි | නැළවිල්ල - [ඩොරති වයිට්ෆීල්ඩ්]

නිදියන්න නිදියන්න රන් පුතේ

නොහඬා නිදියන්න රන් පුතේ

අර තරු දිලෙන අහස යට

කදෝ පැණි රැඟුම් දැක

සිත් තොසින් නිදියන්න රන් පුතේ

නිදියන්න නිදියන්න රන් පුතේ

නොහඬා නිදියන්න රන් පුතේ

අර අඹ ගහේ අතු මත්තෙ

සුරඟනන් තුන් දෙනෙකි

සිත් තොසින් නිදියන්න රන් පුතේ

නිදියන්න නිදියන්න රන් පුතේ

නොහඬා නිදියන්න රන් පුතේ

සුරඟනුන් තුන් දෙනා නුඹේ සිහිනය වියයි

ඒ මිහිරි ගීතයෙන් වා තලය පිරී යයි

සඳේ එළි වැටි වැටී ඒ රිදී කෙඳි දිලෙයි

නිදියන්න නිදියන්න රන් පුතේ

නොහඬා නිදියන්න රන් පුතේ

අඹ ගහෙන් බිමට බැස

ඒ සිහින එයි නුඹ වෙතට

සිත් තොසින් නිදියන්න රන් පුතේ

(ඩොරති වයිට්ෆීල්ඩ්ගේ "කැරිබියන් සුළඟ" කවි පොතෙනි. සිත්තම- Rio Villegas)

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - රුවන්මලී

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-71752750542568355302014-10-17T01:29:00.001-07:002014-10-17T01:29:58.092-07:00කතන්දර දෝසි | ගිනිකූරු විකිණූ කුඩා දැරිය - [හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්]

එය අලුත් අවුරුදු දාට පෙරදා රැයකි. එය දැඩි ශීතලයද රැඳුණු දවසක් විය. දවස පුරාම හිම වැටෙමින් පැවතුණා. තවමත් හිම පියලි වැටෙමින් තිබුණා. හැම වහලයක්ම වාගේ හිමෙන් වැසී පැවතුණා. ගස්වල අතු හිම වැටී බරට පහතට නැඹුරු වී තිබුණා.

පිටත හිස් වූ වීදියේ එක් දුප්පත් ගිණිකූරු විකුණන කුඩා දැරියක් එහාට මෙහාට ඇවිදිමින් සිටියේ හුඟාක් දුකින්. මුළු දවස පුරාම ඇවිද්දත් එකමෙක ගිණි පෙට්ටියක් වත් ඈට විකුණා ගත නොහැකි වී තිබුණි. ඇයට දැඩි වෙහෙසක් ද දැනුණි. කැඩී ගිය ඇයගේ සෙරෙප්පු කුට්ටම ද නැති වී තිබුණි. ඇය ඇඳ සිටියේ ඉතාම තුනී කඩමාලු රෙද්දකි. ඉතින් අන්තිමට ඇයට ගුලි වී සිටීමට පුලුවන් වන තරමක් වියළි තැනක් දැක ගන්නට ඇයට හැකි වුණා.

බොහෝ ගෙවල ඇතුලත දැල්වෙන පහන් ආලෝකය ඈට පෙනුණා. ඒ ගෙවල් වලින් නික්මෙන රස ආහාර සුවඳත් ඇයට දැනුණා. එක ගිණි කූරක් දල්වන්නට හැකි නම් යයි ඈ සිතුවා. ඉතින් ඈගිනි කූරක් දැල්වූවා. එතකොට ඇය ඒ එළියෙන් දුටුවේ දිලිසෙන තඹ පැහැති ගිනි උඳුනකි. ඇය එයට ළංවුණා. ෂු- හ්... ගිනි දැල්ල නිවී ගියා. ඈ තවත් ගිනි කූරක් දැල් වූවා. මේ ගමන ඒ එළියෙන් ඈ දුටුවේ මහා පුදුමාකාර කෑම වලින් පිරුණු කෑම මේසයක්. එහි තිබුණු කෑම අතර ලස්සනට හැඩ කරන ලද කේක් ගෙඩියකුත් තිබුණා. ප්ලම් ගෙඩි සහ ඉදුණු පළතුරු වර්ගයක් තිබුණා. තව ඉතින් ලස්සනට රෝස් කරපු ආහර පිරවූ කළුකුමෙකුත් තිබුණා.

ඒ රස ආහාර වල රස බලන්නට ඔන්න මෙන්න කියා ටිකක් ඉස්සරහට යනකොටම මොකද වුණේ? ෂු- හ්.... ගිනි දැල්ල නිවී ගියා.

දැල් වූ හුඟාක් ගිනි කූරු වලින් රැය පෙනුනේ හරියටම දීප්තියෙන් යුතු දහවලක් වගෙයි.

ඇයට සිය ආච්ච් අම්මා පෙනුණා. ඇය බොහොම ශාන්ත දාන්තයි. කරුණාවන්තයි. ඒ ආච්චි අම්මා හෙමින් හෙමින් මේ පුංචි දැරිවිය ළඟට ආවා. අන්තිම ගිණි කූර දල්වනවාත් සමගම ආච්චි අම්මා සිය මිනිබිරියට සමීප වී මුදු මොළොක් ලෙස ඇගේ හිස අත ගෑවා.

ඉන්පසු ආච්චි අම්මා මේ ගිනි කුරු විකිණු කුඩා දැරිය තම දෑතින් ඔසවා ගත්තා. දෙන්නට දෙන්න එකිනෙකා තදින් අල්ලාගෙන ඉහළ අහ්ස දෙසට ඇදී ගියා. ආච්චි අම්මයි මිනිබිරියි හිම වැසි අතරින් හුඟාක් දුරට ගමන් කළා. පොළවෙන් හුඟාක් ඉහළට ඇදුනා. දැන්නම් කොහෙත්ම සීතලක් නෑ. බඩගින්නකුත් නෑ. වේදනාවකුත් නෑ. දුකකුත් නෑ.

විශාල නිවසක තාප්පයක් අද්දර ගුලි වී හෙවණක් හොයාගෙන සිටින ගිනි කූරු විකුණන කුඩා දැරියක පසුවදා උදේ නගරයේ මිනිසුන් දුටුවා. පරණ අවුරුද්දේ රැය කාලය ඇය සීතලෙන් පීඩා විඳලා මියගොස් ඇති බව ඒ මිනිස්සු දැන ගත්තා. ඇගේ මුහුණේ සාමකාමී බවකුත් මුදු සිනාවකුත් තිබුණා.

දල්වන ලද ගිණි කූරු ඈ ඉදිරියේ බිම වැටී තිබුණා.

"දුප්පත් අසරණ කෙල්ල" මිනිස්සු කීවා.

"ගිණි කූරු පත්තු කරලා සීතල මග හරවා ගන්න බලන්න ඇති. අනේ මොන තරම් දුකක් විඳින්නට ඇත් ද?"

එහෙත් මෙම කුඩා දැරිය පෙරදා රැයේදී කෙතරම් ලස්සන දේවල් දුටුවද කියනෙක ඒ මිනිස්සුන්ගෙන් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඇයට තමන්ගේ ආච්චි අම්මා මුණ ගැසී සාමයෙන් ඉන්නට ඉඩ සැලසුන බවත් කිසිවෙකු දැන සිටියේ නෑ.

[හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන් ගේ 'කෝකිලාව සහ තවත් කතා' ඇසුරිනි. ]

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
පරිවර්තනය - සුනන්ද මහෙන්ද්‍ර

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-13400647795763299502014-10-01T04:39:00.001-07:002014-10-01T04:39:30.067-07:00කවි දෝසි | ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ - [තුෂාරි ප්‍රියංගිකා]

කිරි ඉද්ද පිපී හිනැහෙන හැටි බලන්න එන්න

නා දල්ල දිගේ බේරෙන පිනිකැට අහුලන්න

සියපතක දිලෙන මුදු ගුණ දෑසක තවරන්න

මගෙ පුංචි දුවේ ගහ කොළ දියවැල් ය බලන්න

නිල් අහස දිගේ පියඹන සියොතුනි මෙහෙ එන්න

කිරි ගොයම පැසී එක කවියක් කියලා යන්න

මහපොළොව හිඳී නොසැළී නුඹලා සනසන්න

මගෙ පුංචි පුතේ පුන් පෝ දා අහස බලන්න

දයා දියෙන් තෙමෙනා හදවතක් තියෙන්න

ආදරයෙන් සොබා දහම දිහා බලන්න

මගෙ පුංචි දරුවනේ වසවිස ගැනත් හිතන්න

ගන අඳුරු රැයට පහණක් සේ රැස් විහිදන්න

පුංචි ලොවක පුංචි එවුන් වගේම ඉන්න

කුරුළු පැටවුනේ පියඹා ලෝකෙ දකින්න

අකුර අකුර එකතු කරලා නැණස වඩන්න

සොඳුරු ලොවක් තැනුමට නම් නුඹලට ඉන්න

නිල් මැණික පරද්දන එළියකි දැනුම කියන්නේ

ඒ එළියෙනි මිනිසත්කම පාට වැටෙන්නේ

කිරි හිනාවකින් කලතා ලෝකෙට කියපන්නේ

ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ

තුෂාරි ප්‍රියංගිකා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-80757769589550368502014-08-28T07:59:00.001-07:002014-08-28T07:59:26.182-07:00Cine දෝසි | කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී අපූරු ළමා චිත්‍රපට පෙළක්...!

සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පොරොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක් සිනමා උළෙලේ දී තිරගත වීමට නියමිතයි.

2014, සැප්තැම්බර් 03 සිට 07 දක්වා සෑම දිනකම, කොළඹ 02, රීගල් සිනමා ශාලාවේ දී හා බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පෙ.ව. 10.00 ට, මෙම ජාත්‍යන්තර ගෞරවාදරයට පත් ළමා චිත්‍රපට පෙළ තිරගත කෙරෙනු ඇත.

2013 වසරේ මොන්ට්‍රියල් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ, ළමා ජූරි සම්මානය දිනාගත්, Clara and the secret out the Bears (2013), බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී, Crystal Bear සම්මානය දිනාගත් ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක Avinash Arunගේ Killa (2014) වැනි ජාත්‍යන්තර සම්මානලාභී ළමා චිත්‍රපට, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී තිරගත වන මෙම ළමා චිත්‍රපට පෙළට ඇතුළත් වනු ඇත. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක Avinash Arun ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය චිත්‍රපටය ඉදිරිපත් කිරීම සඳහා කොළඹ සිනමා උළෙලට පැමිණෙයි.

ඔවුන්ගේ තාල විරහිත සංගීතය හේතුවෙන් ගමෙන් පළවා හරින ගායකයෙකු හා වාදකයෙකු ගැන කියැවෙන කතා පුවතක් අඩංගු අපූර්ව සහගත සජීවීකරණ (කාටුන්) චිත්‍රපටයක් වන Shilpa Ranade ගේ Goopi Gawaiya Bagha Bajaiya (2013) මෙන්ම අළුත් උපන් බිළිඳෙකුගේ වික්‍රමයන් ඇතුළත් ප්‍රංශ සජීවිකරණ චිත්‍රපටයක් වන Kirikou et les homes les femmes(2013) චිත්‍රපටය ද මෙම ළමා චිත්‍රපට මාලාවට අයත් ය.

සැප්තැම්බර් 3 – 7 දිනවලදී කොළඹ සිනමා උළෙල 2014 ට සහභාගී වී ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මෙම අපූර්ව සහගත චිත්‍රපට අත්දැකීම විඳගන්නා ලෙස කොළඹ සිනමා උළෙල ඔබට ඇරයුම් කර සිටී. මේ සඳහා නොමිලේ නිකුත් කරනු ලබන ප්‍රවේශපත්‍ර ජාතික චිත්‍රපට සංස්ථාවෙන් හෝ නිදහස් චතුරශ්‍රයේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ, කාමර අංක 12, පිහිටි කාර්යාලයෙන් ලබාගත හැක. කොළඹ සිනමා උළෙල 2014 දී තිරගත වන ළමා චිත්‍රපට හා අනෙකුත් චිත්‍රපට පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනිම සඳහා www.iffcolombo.com වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම ළමා චිත්‍රපට මාලාව වැඩි විස්තර සහිතව පහත දැක්වේ.

1. Comme Un Lion [Little Lion]

නිෂ්පාදිත රට- ප්‍රංශය

නිෂ්පාදිත වර්ෂය- 2012

ධාවන කාලය- විනාඩි 101

අධ්‍යක්ෂණය- Samuel Collardey

කථා සාරාංශය- පහළොස් වියැති මිත්රි, සෙනගල් ගම්මානයක පදිංචිකරුවෙකි. සම වයසේ අනෙකුත් සියළු පිරිමි දරුවන් මෙන් පාපන්දු ක්‍රීඩා කරන ඔහු Barca සහ Chelsea පාපන්දු කණ්ඩායම් ගැන සිහින මවයි. තේරීම් නිලධාරීන් විසින් ඔහුව ඉවත් කරන විට පවා ඔහු ගේ සිහිනය වනුයේ කෙදිනක හෝ ඔහුට අවස්ථාව ලැබෙන බවයි. නමුත් බලවත් යුරෝපීය පාපන්දු සමාජවල අවධානයට ලක්වීමට නම් යමෙක් විසින් ගෙවීමක් කළ යුතුය.

සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඔහුගේ පවුලට ණය වීමට සිදු වේ. එහෙත් පැරිසියේ දී සියල්ල බිඳ වැටේ. අතේ කිසිදු මුදලක් නැතිව, නැවත හැරී සිය ගමට යෑමේ දී විඳින්නට වන නින්දාව සිහිපත්වන මිත්රි ට තමා අතරමං වූ බවක් දැනේ. දිගු ගමනක් සඳහා අවශ්‍ය උපාය කෞෂල්‍යය ඔහු තුළින් මතු වන නමුත් ඔහුගේ පාපන්දු සිහිනය ඔහු සමඟ පෙරට යනු ඇත.

හිමි වූ සම්මාන/ගෞරව- හොඳම චිත්‍රපටය සඳහා Heike Hurst සම්මානය සඳහා නිර්දේශ වීම, Lumiere සම්මානය, ප්‍රංශය 2014

2. Clara Und das Geheimnis der Bären [CLARA AND THE SECRET OF THE BEARS]

නිෂ්පාදිත රට- ස්විට්සර්ලන්තය

නිෂ්පාදිත වර්ෂය- 2013

ධාවන කාලය- විනාඩි 90

අධ්‍යක්ෂණය- Tobias Ineichen

කථා සාරාංශය- දහතුන් වියැති ක්ලාරා සිය මව හා කුඩම්මා සමඟ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් හි කඳුකර ගොවිපලක ජීවත් වේ. ක්ලාරාගේ දැඩි සංවේදී බව හා සොබා දහම සමඟ තිබෙන්නා වූ දැඩි බැඳියාව හේතුවෙන් අන් අයට නොපෙනන හා නොදකින දේ ඇයට සංජානනය වේ. එක් දිනෙක තණ පිට්ටණියේ දී කුඩා වලහෙක් සොයා ගැනීමත් ඉන් අනතුරුව වසර 200 කට පෙර එම කඳුකර ගොවිපලේ විසූ සුසානා නමැති දැරිය මුණගැසීමත් සමඟ ක්ලාරාගේ ලෝකය උඩු යටිකුරු වේ. මෙම කඳුකර ගොවිපලට හා ඇගේ පවුලට ශාපයක් ඇති බවත් එයට මෙම කුඩා වලහා ගේ සම්බන්ධයක් ඇති බවත් ක්ලාරාට වැටහේ. ඇගේ දෙමාපියන් ඇයව විශ්වාස නොකරයි. ක්ලාරාට විශ්වාසය තැබිය හැකි වන්නේ අසල්වැසි ගමේ තරුණ මධ්‍යස්ථානයේ තාවකාලික පදිංචිකරුවකු වන 12 වියැති තෝමස් කෙරෙහි පමණි. අතීතයෙන් පැමිණි සුසානා හා වත්මනේ තෝමස් සමඟ එක්ව මිනිසා හා සොබාදහම අතර සමබරතාව ප්‍රතිෂ්ඨාපනය කරන්නට ක්ලාරා සමත් වේ.

3. Kirikou et les homes et les femmes [Kirikou and the Men and Women]

නිෂ්පාදිත රට- ප්‍රංශය

වර්ගය- සජීවීකරණ

නිෂ්පාදිත වර්ෂය- 2012

ධාවන කාලය- විනාඩි 88

අධ්‍යක්ෂණය- Michel Ocelot

කථා සාරාංශය- විශේෂ වීරයන්ගේ වික්රමයන්ගෙන් යුතු සජීවීකරණ චිත්‍රපටයක් නොවුව ද දඟකාර සහ වික්‍රමාන්විත Kirikou and the Men and Women සිත් වසඟ කරවන චිත්‍රපටය කි. Kirikou විසින් ධෛර්ය හා කෞෂල්‍යය පිළිබඳ සෙනගල් උපමා කතා 5 ක් පවසන අතර කුරුස යුද්ධ අතරතුර ස්වාභාවික හා අද්භූත විරුද්ධවාදින්ගෙන් ඔහුගේ ගම ආරක්ෂා කර දීම, Kirikou විසින් ප්‍රඥාවන්ත දෘෂ්ටාන්තයක් ලෙසින් ගසක සඟවාගත් වයස්ගත පුද්ගලයකු සිඟාලයකුගෙන් බේරා ගැනීම, සිය නිවස ගිනි තැබූ නපුරු මායාකාරයකු වෙතින් පළිගන්නා කාන්තාවක්, ජීවිත වෙනස් කරන Blue Monster මුදාගැනීම මෙම කතාවන්ට ඇතුළත් ය.

4. Goopy Gawaiya Bagha Bajaiya [The World of Goopi and Bagha]

නිෂ්පාදිත රට- ඉන්දියාව

වර්ගය- සජීවීකරණ (කාටුන්)

නිෂ්පාදිත වර්ෂය- 2013

ධාවන කාලය- විනාඩි 78

අධ්‍යක්ෂණය- ShilpaRanade

කථා සාරාංශය- ගෝපි නම් ගායකයාත් භාග්හා නම් ගායකයාත් ඔවුන්ගේ ගමෙන් පිටමං කරනුයේ ඔවුන්ගේ ප්‍රජාවට තවදුරටත් ඔවුන්ගේ තාල විරහිත සංගීතය උසුලාගත නොහැකි වීම හේතුවෙනි. ඔවුන් දෙදෙනා වනයට පිවිසෙනුයේ එහි සිට එක්ව සංගිතය වැයීමට අදහස් කරගනිමිනි. ඔවුන්ගේ සංගීතයෙන් උදම් වූ වනයේ වෙසෙන භූතයෙක් ඔවුන්ට වර 4 ක් ලබා දෙයි. ගෝපි සහ භාග්හා ඔවුන්ගේ සංගිතය අගයනු ලැබීමටත්, ඔවුන් ඉල්ලු විට ආහාර ලැබීමටත්, ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම වේලාවක ඕනෑම තැනක සංචාරය කිරීමේ හැකියාව ලැබීමටත් ඉල්ලා සිටියි. හතරවෙනි වරය අනාගතයේ විය හැකි හදිසි අවශ්‍යතාවයක් සඳහා ඉතිරි කර ගනී. ඔවුන් සරණ පතා Shundi රාජ්‍යයට පිවිසෙනුයේ එහි රජතුමා සිය නිවුන් සහෝදරයාගේ එනම් Shundi රජතුමාගේ ප්‍රහාරයට ලක්වීමට ආසන්න බවට අනතුරු ඇඟවීමක් ලැබී ඇති අවස්ථාවකය. ගෝපි සහ භාග්හා Shundi රජතුමාට උපකාර කරනුයේ සිය සංගීත කුසලතාවයේ බලය මගින් යුද්ධය වැළැක්වීමෙනි.

5. Killa | කිල්ලා [The Fort]

නිෂ්පාදිත රට- ඉන්දියාව

නිෂ්පාදිත වර්ෂය- 2014

ධාවන කාලය- විනාඩි 107

අධ්‍යක්ෂණය- AvinashaArun

කථා සාරාංශය- සිය පියාගේ මරණය හේතුවෙන් සංක්‍රමණය වන්නට සිදුවන්නා වූ නව ස්ථානයට අනුගතවීමට අපහසු වන 11 වියැති දරුවෙකු වටා මෙම චිත්‍රපටය ගෙතී ඇත.

හිමි වූ සම්මාන/ගෞරව- 64 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ළමා චිත්‍රපට සඳහා වන Generation Kplus අංශයේ Crystal සම්මානය.

6. Achtste Groepers Huilen Niet [Cool Kids Don’t Cry]

වර්ගය- ළමුන් සඳහා සජීවීකරණ ක්‍රියාදාම

නිෂ්පාදිත වර්ෂය- 2012

ධාවන කාලය- විනාඩි 96

අධ්‍යක්ෂණය- Dennis Bots

කථා සාරාංශය- Benelux ගේ ප්‍රසිද්ධ ළමා නවකතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයකි. ප්‍රාථමික පාසල් ශිෂ්‍යාවක් වන මුරණ්ඩු Akki සොකර් ක්‍රීඩා ලෝලිනියක් වන අතර අවශ්‍ය විට බලය පෑමට තරම් නිර්භය ය. ඇය බිය වනුයේ ආදරයට පමණි. Akki ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව සෙයාගැනීමත් සමඟම ඇයට ඇගේ ජීවිතය උදෙසා අරගල කිරීමට සිදුවේ. උසස් පාසලේ අග භාගයේ දී ඇගේ ජීවිතය ආදරයට නිරාවරණය වීම වැළැක්වීමට Akkiට නොහැකි වන අතර එය ඇයට ජීවිතට විඳීමට ධෛර්යය සපයයි.

7. වීනා වාදකයා [Fiddlesticks]

නිෂ්පාදිත රට- ජර්මනිය

වර්ගය- සජීවී ක්‍රියාදාම

නිෂ්පාදිත වර්ෂය- 2013

ධාවන කාලය- විනාඩි 82

අධ්‍යක්ෂණය- VeitHelmer

කථා සාරාංශය- "වීනාවාදකයා" කතා පුවත දිගහැරෙන යුරෝපයේ සාමාන්‍ය කුඩා නගරය අවිශේෂිත ප්‍රදේශයක් බැවින් එය සියළු ආකාරයේ වෙළෙඳපල පර්යේෂණ සඳහා නිරන්තරව යොදා ගැනෙයි. මෙහි විපාකය වනුයේ පදිංචිකරුවන්ගේ සාමාන්‍ය වයස අඩුකර තබාගැනීම සඳහා වයස්ගත පුද්ගලයන්ව සාත්තු නිවාසවලට යොමු කිරීමයි. නමුදු මෙම ළමුන් මෙම අධම ක්‍රියාදාමයට විරුද්ධ වන අතර මෙයට විරුද්ධව පියවර ගැනිමට තීරණය කරයි.

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-60981104175351236342014-07-20T04:53:00.001-07:002014-07-20T04:53:23.209-07:00කවි දෝසි | මගේ ඔන්චිල්ලාව - [ඩොරති වයිට්ෆීල්ඩ්]

අඹ ගස් අත්තෙක

පහලට එල්ලෙන

ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

කුරුලෙකු වෙමි මම මොහොතක ඉඳහිට

නිල් අහසට පැන ගයමින් පියඹන

ගුවන් නියමුවෙක් වෙමි මම මොහොතක

අහස් තොටුපළට මග සොයමින් යන

හමන සුළං රැලි හැන්දෑ වරුවල

අඹ තුරු පත් වෙත රහස් කියන කොට

අහසෙන් මතුවෙයි පොඩි නිල් තරු කැට

අඟහරු වෙත යන ගගනගාමියෙක් වෙමි මම එතකොට

අඹ ගස් අත්තෙක

පහලට එල්ලෙන

ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

[-කැරිබියන් සුළඟ කවි පොතෙන්.]

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - රුවන්මලී

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-55258559611277182532014-07-08T22:52:00.001-07:002014-07-08T22:52:15.275-07:00කවි දෝසි | ටෙලිපෝනය - [කර්නෙයි චුකොව්ස්කි]

ටෙලිපෝනය නද දෙන්නේ

හලෝ කියා නද දෙන්නේ

කව්දෝ මා අමතන්නේ?

අලියා මේ දොඩවන්නේ

කොහොමද දැන් වැඩ කටයුතු?

වැඩි වරදක් නෑ කිව යුතු

කොහේද දැන් ඔබ ඉන්නේ?

ඔටුවල, නුග ගස් තැන්නේ

කොයි හරියෙද?, කොතනද තැන?

හිවල් මාවත අංක තුන

මොනවත් ඔබ හට ඕනද?

සූකිරි කැට තියෙනවාද?

පොඩි එකාට තේ වතුරට?

හිතුණා කැටයක් දෙන්නට

රාත්තලක් දෙකක් ඇද්ද?

අපෝ හොණ්ඩර දෙක තුනක් නැද්ද?

එක කටකට සෑහෙන්නට,

ඒ ඇති මගෙ අලි පැටියට

නැවතත් ටෙලිපෝනය නද දෙන්නා

කිඹුලා ගොත ගසමින් පවසන්නා

යාළුවෙ මට පොඩි පහෙ උදව්වක්

කළහොත් එවනව කදිම තෑග්ගක්

මගේ මහගේටයි දුවටයි ගැළපෙන

ලස්සන සපත්තු ටිකක් එවනවද?

කඩේ තිබුන ඉස්තරම්ම ඒවා

හිය සතියේ මම දුසිමක් එව්වා

සපත්තු දොළහක් දින දෙක තුනකට

ගෙවෙන්නෙ කොහොමද කියා දෙන්න මට

ආ ගිය සතියේ ඔබ එව් ඒවා

හරි සතුටින් අපි ඔක්කොම කෑවා

ආදර මිතුරේ, අප දැන් ඉන්නේ,

සපත්තු කුට්ටම් හීනෙන් දකිමින්

රෑ කෑමට ඒවා බොහොම රහයි

පොඩි එවුනුත් මගෙ හොඳට කැමතියි

රබර් අඩිය ඇති සපත්තු දුසිමක්

එව්වොත් හදනව රස ඇති කෑමක්

අල්ලපු වත්තෙ පොඩි හා පැටියා

මේස් එවන්නැයි ඉල්ලා සිටියා

සත්තු වත්තෙ චිම්පන්සියො දෙන්නා

පොත් දෙකකට ඇණවුම් දුන්නා

බූරු හාමිනේ කත කරනවා,

කන් අඩි පිපිරෙයි කියා හිතෙනවා

යාළුවෙ මොනවට බෙරිහන් දෙනවද

මා බීරෙක් කියලාවත් හිතුවද?

කොච්චර කිව්වත් නෑ තේරෙන්නේ?

බූරු හඩින්මයි දොඩවන්නේ

මූ මූ බූ බූ මා මා බා බා

ටෙලිපෝනය මා ආපසු තිබ්බා

නරි වැල් දෙනියේ ගොහොරු මඩිත්තෙන්

කොක් අප්පුයි මේ කතා කරන්නේ

මැඩියන් කාලා මට ඉස්මුරුත්තෙ

බේතක්වත් නැහැ ගන්නට දන්නේ

වතුර කඩිත්තේ හිටගෙන ඉඳලා

පොඩ්ඩට සීතල සන්නිය හැදිලා

අපි දෙන්නම ලෙඩ ඇඳටම වැටිලා

බෙහෙතක් දෙනවද කරුණා කරලා

ඉබි පිහාටු හතරක් අර ගන්නේ

කිඹුල් කඳුලු ගල ගා ගන්නේ

කෝඳුරු තෙල්ගෙන මුසු කර බොන්නේ

ලෙඩ දුක් එක මොහොතින් දුරු වෙන්නේ

වලස් හාමිනේ, මොකද බය වෙලා

කොටි රාළට හිරි වාතය හැදිලා

මම නම් හිතන්නෙ වැස්සට තෙමිලා

නෑ විදුලි ආඳෙකුගෙ වලිගය වැදිලා

එළි වෙනවා, රෑ වෙනවා, ටෙලිපෝනය නද දෙනවා

හලෝ හලෝ, කව්ද? කව්ද? හැම තිස්සෙම දොඩවනවා

ට්‍රිං, ට්‍රිං, ට්ලිං, ට්ලිං, ටෙලිපෝනය නද දෙනවා

එළි වෙනවා, රෑ වෙනවා, අඩ නින්දෙන් ඇහැරෙනවා

රෑ තිස්සෙම නින්ද නැතිව එළි වෙනතුරු දොඩවනවා

ටෙලිපෝනයෙ සීනු හඞන් මුලු දවසෙම ට්‍රිං, ට්‍රිං,ට්‍රිං, ට්‍රිං,

දවස් තුනක් මේ විදියට ගෙවුනා,

නින්ද නැතිව ඇස් රත් පැහැ ගැනුනා.

[කර්නෙයි චුකොව්ස්කි ගේ ‘ටෙලිපෝනය' නම් කෘතියේ සිංහල අනුවාදය වන ‘අපූරු කතා' කෘතියෙන් උපුටා ගැණුනි.]

කර්නෙයි චුකොව්ස්කි
පරිවර්තනය - ආනන්ද අබේසේකර / දැදිගම වී.රුද්‍රිගු

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-39907116479322984082014-07-01T01:08:00.001-07:002014-07-01T01:08:50.019-07:00කවි දෝසි | White - [සිඳුසර මුණසිංහ]

White is pale,

Pale as a cloud,

a cloud without water.

It is quiet

as quiet as a leaf

falling from an empty branch.

White is like a soul

without heart

or a paper with no words.

White is clean

as clean as a wintry lake

Or fresh snow

falling from the sky.

White is the blinding light

that leads you to nowhere.

White covers fear.

White.

සිඳුසර මුණසිංහ

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-9101116011527317572014-05-12T11:08:00.001-07:002014-05-12T11:08:19.667-07:00ගී දෝසි | මල් කියන්නෙ කාට කාට - [පී.බී. අල්විස් පෙරේරා]

මල් කියන්නෙ කාට කාට

ළමයින්ටයි පාට පාට….//

පෙළක් ළමුන් සුවඳ ගොඩයි

පෙළක් ළමුන් හරිම හැඩයි….//

පාසල මේ ළමයින්නේ

පොළොව යටයි නොපෙනෙන්නේ….//

තදින් වැස්ස වසින කලේ

මල් පාසල වතුර වලේ….//

වතුර පිරෙන වැහි කාලේ

නිවාඩු දෙයි ඉස්කෝලේ….//

නිවාඩුවට ඇඳුම් ඔපේ

පෙන්වා මල් ළමුන් පිපේ….//

මල් කියන්නෙ කාට කාට

ළමයින්ටයි පාට පාට….//

පෙළක් ළමුන් සුවඳ ගොඩයි

පෙළක් ළමුන් හරිම හැඩයි….//

පාසල මේ ළමයින්නේ

පොළොව යටයි නොපෙනෙන්නේ….//

දැන් මල් පාසල් නිවාඩු

ළඟදී අපටත් නිවාඩු…//

ගායනය/තනුව: නන්දා මාලිනී

සිතුවම : Donald Zolan

පී.බී. අල්විස් පෙරේරා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-61963858583550610852014-05-12T00:05:00.001-07:002014-05-12T00:05:25.068-07:00පුහුල් දෝසි | ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී - [මාලතී]

ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක් බිහිකළ හැකි ජාන පිටපත් කිරීම හෝ ක්‍රෝමසොමවල එවැනි කොටස් පිටපත් කිරීම යි. මේ ජාන පිටපත්කරණය මඟින් ජානමය වශයෙන් සම්පූර්ණයෙන් ම එකිනෙකාට සමාන සත්ත්වයින් බිහිකළ හැකියි. අනෙක් ක්‍රමය වන නිවුන්කරණය ("Twinning"), එනම් සංසේචනය වූ විගස යුක්තානුවක් බෙදා වෙන්කොට එක සමාන ජානමය ලක්ෂණ දරණ කළල වර්ධනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සමාන ජාන ලක්ෂණ දරණ දරුවන් බිහිවීමයි.

ලෝකයේ මුල්ම ජාන පිටපත වන්නේ ස්කොට් ජාතික විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1996 දී බිහිකළ ඩොලී නමැති බැටළු දෙනයි. ඉපදී වසර හයකට පසු මිය ගිය ඩොලී, අභ්‍යවකාශගත වූ ලයිකා බැල්ල තරම් ම, ඇතැම් විට ඊටත් වැඩියෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූවා.

ක්ෂීරපායී සතුන් ක්ලෝනීකරණය පිළිබඳ මෙසේ උදාහරණ බිහිවෙද්දී මිහිමත විශිෂ්ටම ක්ෂීරපායී සත්ත්වයා වන හෝමෝ සේපියන් සේපියන් හෙවත් මිනිසාගේ පිටපත් නිර්මාණය කිරීම ගැනත් අවධානය යොමුවෙලා. නමුත් මේ ගැන වාද විවාද බොහොම යි.

මාලතී

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-85270092117662041632014-05-02T04:11:00.001-07:002014-05-02T04:11:55.490-07:00ගී දෝසි | තට්ටු දෙකේ බස් - [මහගම සේකර]

තට්ටු දෙකේ බස් එනකන්

ඉස්කෝලේ යන ළමයින්

රංචු ගැහී පාර දිගට

බලා ඉන්නවා

උඩ තට්ටුවටම නැඟලා

ඉස්සරහින් වාඩි වෙලා

සන්තෝසෙන් හිනා වෙවී

ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ

මේ වගෙ

තට්ටු දහය පහලොව ඇති

බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි

ඒ බස් වල

ඉහලම තට්ටුවට ගිහින්

හඳ හාවා අල්ලන්නට

ආකාසෙට යනවා…

මහගම සේකර

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-68501126502214114162014-04-17T00:43:00.001-07:002014-04-17T00:43:48.828-07:00කතන්දර දෝසි | ටෝටි නම් වූ පොඩි ඉබ්බා - [වසිලිස්සා]

ඔන්න එකමත් එක රටක ඉබි ගමක් තිබුණා. මේ ඉබි ගමේ ලොකු ගල් ඉබ්බෝ , පුංචි තාරකා ඉබ්බෝ වගේම කිරි ඉබ්බොත් හිටියා. දුර බැහැර ගියොත් ඒගොල්ලන්ට යන්න එන්න බොහොම කාලයක් ගත වෙන නිසා කෑම වතුර හැම දේම අහල පහල තිබුණ තැනක තමයි ඉබි පවුල් ගෙවල් හදා ගත්තෙ. මොකද ඉබි ගමන බොහොම හෙමින් හින්දා. ඒ ගම අයිනෙ තිබුණා ගැඹුරු ළිඳක්. වයසක ඉබි සීයලා ඒකට කිව්වෙ මන්තරකාර ළිඳ කියලා. ඒ ළිඳට ගිය ආය ආපහු එන්නෙ නැතිලු. ඒ නිසා ඒ පැත්තට යන එක කාටත් තහනම්.

හැම ගමක වගේම මේ ගමෙත් පුංචි ඉබි පැටවු බොහොම එකතුයි. යාළු මිතුරුකම් ගොඩයි. ඒ හින්දම දඟ වැඩත් බොහොමයි. ඉබ්බෙක් වුනාම සෑහෙන කාලයක් ඥානවන්තව ජීවත් වෙන්න ඕනෙ. අවුරුදු එකසිය පණහකටත් වැඩියෙන් ජීවත් වෙන අය හින්දා සෑහෙන්න දේවල් ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට තමයි ඉබි ඉස්කෝලෙ තියෙන්නෙ. ඉබි ඉස්කෝලෙ උගන්නන්නෙ අවුරුදු සීයක් විතර වයස ඉබි සීයලා. ඒගොල්ලො ඉබි පැටවුන්ට කෑම හොයා ගන්න හැටි, අනතුරක් අඳුර ගන්න හැටි, අනතුරකින් ගැලවෙන හැටි හෙමින් හෙමින් කියල දෙනවා.

ඉබි ඉස්කෝලෙ යන ඉබි ළමයි අතර හිටිය කුඩා ම ඉබි පැටියා තමයි ටෝටි. ටෝටි හිටපු ගමන් දඟ වැඩ කරනවා. උගන්නන වෙලාවට කටුව ඇතුළට වෙලා කල්පනා කරනවා. ප්‍රශ්නයක් ඇහුවම එක පාරම ඔළුව එළියට දාලා උත්තර දෙනවා. ඔන්න එතකොට අනෙක් ඉබි පැටවුන්ට හිනා යනවා. ඉබි ගුරුතුමා තරහෙන් පොඩි ඉබි කටු උඩට වේවැල් පාර දෙනවා. ඉබි කටු හයිය නිසා රිදෙන්නෙ නැති බව ගුරුතුමා දන්නවා.

ඉස්කෝලෙ ඇරුණම ඉබි පැටවු ගමේ ඇවිදින්න යනවා. ඒත් ඒගොල්ලො වැඩියෙන්ම කැමති රංචු ගැහිලා කතා කර කර තම තමන්ගෙ ඉබි කටු ඔප දමා ගන්න. කටුව තියෙන්නෙ පිට උඩ නිසා කෙනෙකුට තමන්ගෙම කටුව ඔප දමා ගන්න අමාරුයි. ඒ හින්දා කෙනෙක් තවත් කෙනෙකුගෙ කටුව ඔප දමනවා. ඒගොල්ලො කටු ඔප දමද්දි බලන් ඉන්න ලස්සනයි. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔන්න එක ඉබ්බෙකුගෙ පිට උඩ තව කෙනෙක්. එයාගෙ පිට උඩ තවත් කෙනෙක්. මේ විදිහට කටු ඔප දමාගෙන ඉර අව්වට දිළිසෙද්දි වැඩිපුරම දිළිසෙන ඉබි කටුව තෝරන්න ගත්තම මුළු හවස් වරුව ම ගෙවිලා යනවා. මේ හින්දා ඉබි ළමයි හිටියෙ බොහොම සමඟියෙන්.

දවසක් වෙනදා වගේම ඉස්කෝලෙ ඇරිලා ටෝටියි යාළු ඉබි පැටවු රංචුවයි ඇවිදින්න ගියා. මේ යන පාරේ යන්නෙ ඉබි ගමේ අය විතරක් නෙවෙයි. වෙන වෙන අයත් යනවා. පාරෙ හෙවණක නතර වුණ ඉබි පැටවු රෑන කටු ඔප දමන්නයි සෙල්ලම් කරන්නයි පටන් ගත්තා. එක්කෙනක් අනෙක් එක්කෙනාගේ පිට උඩ නැගගෙන පාර පුරා පෙරළි පෙරළි සෙල්ලම් කරනවා. ඔන්න දැන් රෑ බෝ වේගෙන එනවා. ඉර බෝලයක් වගේ ඈත කන්දෙන් නොපෙනී යන්න හදන කොට මී මැසි ගමේ නෑගම් ගිහින් වලස් හාමි කෙනෙක් ගෙදර යන්න පාර දිගේ එනවා. පාර පුරා ඉබි පැටවු පෙරළෙනවා.

වලස් හාමි උගුරෙ රැල් බුරුල් ඇරියා. ලොකු වලස්හාමිලා එකපාරට කතා කරන්නෙ නෑ. ආඩම්බර කමටයි ඉන්න කැමති. මේ බව නො දන්න ටෝටි වලස්හාමිගෙ කකුල් අතරිනුත් රිංගලා පෙරළුණා. වලස්හාමිට තරහා ගියා.

"කමකට නැති ගල් ඉබ්බො" වලස්හාමි හයියෙන් ගෙරෙව්වා. ඉබි පැටවු ගෙරවිල්ලට බයවෙන්නත් කලින්ම එයාගෙ ලොකු අත් දෙකෙන් ඉබි පැටවු ටික එකතු කර ගත්තා.

"ජොකොස්! ජොකොස්! ! ජොකොස්! ! !"

හිතා ගන්නත් කලින් ඉබි පැටවු හිටියේ කළුවර වතුරක. වැටුණු පාරට ටෝටි වතුර යටට ම ගියා. අන්දමන්ද වුණ ටෝටි ඇස් දෙක ලොකු කරලා කරකවලා වට පිට බලනවා. ටෝටි වගේම යාළුවොත් වැටුණ පාරට ඊතල වගේ වතුර විදගෙන යට යනවා. හොඳටම බය වුණ ටෝටි කකුල්වලින් වාරු අරන් අමාරුවෙන් වතුර උඩට ඇවිත් බලන කොට යි තෙරුණේ- වලස්හාමි තරහ ගිය පාර ඉබි ළමයි ටික මන්තරකාර ළිඳට අත් ඇරලා.

දැන් මොනවා කරන්නද?

"ටෝටි, උඹ හරිම පල් මෝඩයෙක්. මොන එකටද අර වලස් තඩියගෙ ඇඟේ පෙරළුණේ?" යාළුවෝ ටෝටිට බැණ වැදුණා.

"මම හිතුවෙ ඒ ලොම් තියෙන කන්දක් කියලයි" ටෝටි අහිංසක විදිහට කිව්වා.

"හපොයි උඹ වගේ මැටි ගුලියක්. උඹ ඉබ්බෙක් කියලා කියන්නත් ලැජ්ජයි. - ලොම් තියෙන කඳු තියෙන්නේ කොහේද?" යාළුවන් තරහෙන් පිපිරෙනවා දැකපු ටෝටි ළිඳේ කොණකට පීනලා ගිහින් තරු දිහා බලාගෙන කණගාටුවෙන් කල්පනා කරනවා.

ඔන්න එතකොට කවුදෝ ටෝටිගේ කකුලෙන් ඇද්දා.. ටිකක් ගැස්සුණ ටෝටි වටපිට බැලුවා. කවුරුවත් නෑ.. ආපහු තරු දිහා බලද්දි මෙන්න ආයෙත් කකුලෙන් අදිනවා.

"මම මේ ඉන්නෙ මන්තරකාර ළිඳේ. මේ නම් යකෙක් තමයි"  බයවුණ ටෝටි කෑ ගහන්න කට ඇරියා.

"කෑ ගහන්න එපා පුංචි ඉබ්බො. මේ මම" ඔන්න ඒ පාර එතන ගෙම්බෙක් ඉඳගෙන ඉබ්බෙක් වගේ ඉබි බාසාවෙන් කතා කරනවා.

"අපොයි මම බය වුණ තරමක්- මේ ගෙඹිහාමි කෙනෙක් නෙ" ටෝටි දැනුමැත්තෙක් වගේ කියනවා.

"ඇත්තටම මම ගෙම්බෙක් වගේද?" ගෙඹිහාමි දුකෙන් අහනවා.

"මේ මොනව අහනවද? ගෙම්බෙක් ගෙම්බෙක් වගේ නොවී වෙන කවුරු වගේ වෙන්නද?" ටෝටි පුදුම වෙලා අහනවා.

"ඒ කියන්නෙ මම කැතම කැත සෙවල ගෑවුණ ගෙම්බෙක්?" ගෙඹිහාමි අඬන්න පටන් ගත්තා. හොඳටම කළබල වුණ ටෝටි මෙහෙම කියනවා.

"අපොයි ගෙඹිහාමි අඬන්න එපා. කවුද කිව්වෙ ගෙඹිහාමි කැතයි කියලා. ගෙඹිහාමිට තියෙන්නෙ හරිම ලස්සන කොළ පාටක්. බලාපන් ඔය හම- හඳ එළියට මැණිකක් වගේ දිළිසෙනවා." ටෝටි ඒ කිව්වෙ ඇත්තටමයි. ටෝටි කැමති වුනේ නෑ ගෙම්බෙක් වුනත් දුකෙන් ඉන්නවා බලන්න.

"මම ලස්සන නෑ. මම කැත ගෙම්බෙක්"  ගෙඹිහාමි තවත් අඬනවා.

"අපොයි නෑ . ගෙඹිහාමි හරිම ලස්සනයි."  ටෝටි ගෙඹිහාමිට කියනවා.

"මම දන්නවා මම කැතයි" ගෙඹිහාමි වැළපුණා.

"මේ බලාපන් ගෙඹිහාමි. කෙනෙකුට තමන්ගෙ ලස්සන පෙනෙන්නෙ නෑ. එය දකින්නෙ වෙන කෙනෙක්. ඔය දිළිසෙන ඇස් දෙකත් එක්ක ගෙඹිහාමි කොයි තරම් ලස්සනද?"

ටෝටි එහෙම කියන කොටම මන්තරකාර ළිඳ එළිය වුණා. ගෙඹිහාමි අතුරුදහන් වුණා. ඒ වෙනකොට එතන හිටියෙ වචනවලින් කියල ඉවර කරන්න බැරි තරම් ලස්සන සුරංගනාවියක්.

"නුඹට ස්තූතියි ආදරණීය ඉබි පැංචෝ. මම අවුරුදු දාහක් මේ ළිඳේ හිටියා. මම සුරංගනාවියක් වෙලා ඉන්න කොට මේ ළිඳේ වතුර බිව්වා. ඒකට තරහ ගිය මේ ළිඳට අරක් ගත් මන්තරකාරි මට සාපයක් කළා. ඒ සාපයෙන් මම ගෙම්බෙක් වුණා. පණ තියෙන කෙනෙකු ඇවිත් ඒ ගෙඹි රූපෙ ලස්සනයි කියල තුන් පාරක් කිව්වොත් මට ඒ සාපයෙන් ගැලවෙන්න පුලුවන් කිව්වා. ඒ වගේ කැත ගෙම්බෙකුට ලස්සනයි කියන්න තරම් ලස්සන හදවතක් තියෙන කෙනෙක් මේ ලෝකෙ නෙවෙයි මම ඉන්න සුරංගනා ලෝකෙවත් ඉන්නවා කියලා මම හිතුවෙ නෑ. නුඹ මට කළේ සුරංගනාවියක්වත් නොකරන උදව්වක්."

ගෙඹිහාමි වෙලා හිටිය සුරංගනාවි ගීතයක් වගේ ලස්සන කටහඬකින් කිව්වා.

"මේ කළ උපකාරයට මම නුඹට වරයක් දෙන්න කැමතියි. නුඹ කැමති දෙයක් ඉල්ලපන්."

ටෝටි හොඳටම කලබල වෙලා. ගෙම්බෙක් ඇස් ඉදිරිපිට සුරංගනාවියක් උනාම ඉබි පැටියෙක් කලබල නොවී කොහොමද? ටෝටිගෙ යාළු ඉබි පැටවු දැන් ටෝටිගෙ වටේ බලන් ඉන්නවා.

ටෝටි කල්පනා කරනවා.

"හරි." ටෝටි කිව්වා.

" අපි, ඉබ්බෝ හැමෝම කන්නෙ, බොන්නෙ, ඇවිදින්නෙ, වැඩකරන්නෙ හෙමිහිට. මට ඕනෙ හැම දේම වේගයෙන් කරන්න වරයක්"

සුරංගනාවි හිනාවුණා.

"හරි ටෝටි. නුඹට එය ලැබෙයි. මම තව තෑග්ගක් නුඹලාට දෙනවා. ඒ තමයි නුඹලා හැමෝම මේ ළිඳෙන් ගොඩට ගෙනියන එක. මහ රෑට මන්තරකාරි මේ ළිඳට එනවා. ඒ එනකොට නුඹලා හිටියොත් ඇය නුඹලාව කා දමාවි."

ඉබි පැටවු ටික ළිඳෙන් ගොඩට ගෙනාපු සුරංගනාවි සමු අරගෙන තරු අතරට අතුරුදහන් වුණා. ටෝටිට කිසිම ඉබ්බෙකුට කවදාවත් හිතන්නවත් බැරි තරම් වේගයෙක් වැඩ කරන්න පුලුවන් වුණා. ඒ හැකියාවෙන් ඉබි ගමේ හැමෝටම උදව් කරමින් ටෝටි අවුරුදු එකසිය පණහකටත් වඩා කල් සන්තෝසෙන් ජීවත් වුණා.

[චිත්‍ර : අන්තර්ජාලයෙන්]

~ඉවරයි.~

වසිලිස්සා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-52307281777835832014-02-17T23:59:00.001-08:002014-02-17T23:59:46.142-08:00කවි දෝසි | රාත්‍රිය - [එස්. මහින්ද හිමි]

සමන් පිච්ච මල් ඉහිරුණු

නිල් තණ කොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු

කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹතී

අනෙක් කුරුල්ලෝ නිදතී

බෝ අතුවල එල්ලීගෙන

මා වවුලෝ කෑ ගසතී

මගෙ සුරතල් අක්කාගේ

මාලේ මුතු ඇට වාගේ

මේ වැටෙන්නෙ පිණි බින්දුත්

හදමු එකක් ඒ වාගේ

හඳ හාමී අප දිහාව

එබී බලයි පා හිනාව

සිහිල් සුළං දැල් විඳිනට

දොරට යන්ට හොඳ වෙලාව

අහසේ තරු මල් පිරිලා

පොළොවේ සුදු මල් පිපිලා

මගුල් ගෙවල් දෙකක් වගෙයි

මේ දෙපළම හැඩ ගැහිලා

එස්. මහින්ද හිමි

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-2414942486720427232014-01-30T22:44:00.001-08:002014-01-30T22:44:09.808-08:00පුහුල් දෝසි | ෆ්ලැමින්ගෝ වගතුග - [මුතු පබා]

ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව) , ‘ලෙසර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, ඉන්දියාව) ,‘චිලියන් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව) , ‘ජේම්ස් ෆ්ලැමින්ගෝ’ (දකුණු ඇමරිකාව) , ‘ඇන්ඩීන් ෆ්ලැමින්ගෝ’(දකුණු ඇමරිකාව) සහ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’(කැරබියානු දූපත්).

මේ ලිපියෙන් වැඩිපුර කියැවෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ ගැනයි. Phoenicopterus ruber කියන්නේ මොවුන්ගේ විද්‍යාත්මක නාමයයි. මේ ෆ්ලැමින්ගෝ විශේෂය අඩි 3 - 5 ක් උස වන අතර බර රාත්තල් 5 - 6 ක් පමණ වෙනවා. පිරිමි ෆ්ලැමින්ගෝ මදක් ගෑණු ෆ්ලැමින්ගෝ ට වඩා විශාලයි. මොවුන්ගේ අත්තටු සාමාන්‍යයෙන් රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත වන අතර, කකුල් රෝස පාටින් යුක්ත වෙනවා. හොටේ ආරම්භය සුදු පාටින් ද, හොට මැද රෝස පාටින්ද, හොට අවසන කළු පාටින් ද ලස්සනට හැඩවෙලා තියෙනවා.

උතුරු ඇමරිකාවේ වනගතව ජීවත්වෙන්නේ ‘ඇමරිකන් ෆ්ලැමින්ගෝ’ විශේෂය විතරයි. ඔවුන් කැරබියානු දූපත් වන බහමාස් , කියුබාව සහ හිස්පැනිඕලා , ගැලපගොස් දූපත් සහ මෙක්සිකෝවේ සමහර ප්‍රදේශ වලත් ජීවත්වෙනවා.

වගුරු බිම්, විල් හෝ මද වශයෙන් වතුර ගැවසෙන ප්‍රදේශ සිය වාසභූමිය කරගන්නා මේ කුරුල්ලන් සමහර විට ජීවත්වෙන්නේ 10,000 වැනි විශාල රංචු වශයෙන්.

ෆ්ලැමින්ගෝ ගොඩක් වෙලාවට වතුරේ හෝ මඩේ ඉන්නා, කුඩා සත්වයින්, කබලු මත්ස්‍යයින් වැනි දේ ආහාරය කොට ගන්නවා. සිය රෝසපාට වර්ණකය මොවුන්ට ලැබෙන්නේත් ඒ හේතුවෙන්.

නිතරම ජලය ආශි‍්‍රත ප්‍රදේශයන්හි එරි එරී ඇවිද්දත් මොවුන්ට ගොඩක් හොඳින් පියාඹන්නත් පුළුවන්. රංචු වශයෙන් පියාසර කරන මොවුන්, පියාසර කරන්නට ප්‍රථම දිවගොස් සිය වේගය එක් රැස්කර ගන්නවා.

ෆ්ලැමින්ගෝ එක කකුලකින් හිටගෙන ඉන්න හේතුව නම් විද්‍යාඥයින් පවා 100% ක්ම දන්නෙ නෑ. හැබැයි ඔවුන් අනුමාන කරන හේතු කීපයක් තියෙනවා. සමහර කියන්නේ එක කකුලක් උණුසුම්ව තියාගන්න ඕනැ නිසා කියලා. සිරුරට ආසන්නව එක කකුලක් තියාගෙන කකුල උණුසුම් කරන මේ ක්‍රමය, සීත කාලයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවලු. තවත් අදහසක් තමා මාරුවෙන් මාරුවට හරි කකුල් වේලගන්න තියෙනවයි කියන උවමනාව. තම ගොදුරු පහසුවෙන් අල්ලගන්නත් පුළුවන්ලු එක කකුලකින් හිටගෙන හිටියාම. කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට වඩා එක කකුලකින් ඉන්නකොට, ඒ ඒක ගහක් වගේ පේන නිසා. එක කකුලකින් හිටගෙන ඉන්නා හේතුව කුමක් වුණත්, සැලකිය යුතු බරක් ඇති මේ කුරුල්ලන්, එක කකුලකින් සමබරව ඉන්නා අයුරු පුදුමයක් නෙමෙයිද? මොවුන් නිදාගන්නෙත් එක කකුලක් උඩට ඔසවාගෙන.

ෆ්ලැමින්ගෝ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු හයක් වැනි කාලයක් ආරක්ෂාව සපයනවා. අවුරුදු 40ක් පමණැති කාලයක් ජීවත්වෙන මේ කුරුලු විශේෂය බොහෝ කාලයක් ජීවත්වෙන කුරුල්ලන් අතරට අයිති වෙනවා. මඩෙහි සිය කූඩුව තනන මොවුන් වරකට බිහි කරන්නේ එක විශාල බිත්තරයක් පමණයි. එයට කුරුලු ජෝඩුවම වරින් වර උණුසුම සපයනවා. අපි‍්‍රකාවේ වෙසෙන ෆ්ලැමින්ගෝ විශේෂය ඇතැම් විට මිලියන එකක පමණ විශාල රංචුවකින් සමන්විතයි. ඒ තමයි ලෝකයේ විශාලතම කුරුලු රංචුව. ෆ්ලැමින්ගෝ හඬ පාත්තයන්ගේ හඬට සමානයි.

[අන්තර්ජාලය ඇසුරෙන්]

මුතු පබා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-35411153697496694432014-01-28T06:37:00.001-08:002014-01-28T06:37:50.927-08:00කවි දෝසි | වැස්ස - [එස්. මහින්ද හිමි]

සිරි සිරි ගා පොද වැටෙන්නෙ

බිම ටික ටික තෙමී යන්නෙ

දූවිලි කෝ යට වෙලාය

උණුසුම කෝ ඇල් වෙලාය

හෝ හෝ මහ වැස්සක්

ගලා යාය හැම වැස්සක්

කාණු අගල් දියෙන් වැහී

කැත කුණු රොඩු ගලා බසී

මිදුලේ සිටි බලු පැටවා

ගෙයි මුල්ලට පැන නැටුවා

ගොවිරාළත් ගොවි මහගෙත්

ගෙපිලේ සිට කුඹුර බලත්

එස්. මහින්ද හිමි

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-57835179632850168632014-01-24T08:14:00.001-08:002014-01-24T08:14:47.371-08:00කවි දෝසි | Being Small - [සිඳුසර මුණසිංහ]

There’s nothing wrong with being small

It could be fun and scary

Sometimes being small is very scary.

Walking through big people with big arms and deep voices,

Growing time by time,

thinking you have a bad sickness that makes you large.

First time feeling the coldness of air,

Gazing at the clouds while singing the ABCs

Being helpless to other people who are hurt

because you don’t know what to do.

Meeting problems you don't know how to solve.

Getting some pain for once, being bullied,

Being teased like a banana being squashed,

or a pear left there to rotten

and falling down in a hole of sadness

You see being small is hard,

But it is not bad,

Cause you never know what you will see,

that you never would have seen if you were big.

[Painting By : Donald Zolan]

සිඳුසර මුණසිංහ

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-37541389810567005182014-01-12T00:15:00.001-08:002014-01-12T00:15:36.309-08:00කතන්දර දෝසි | චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා - [වසිලිස්සා]

එකමත් එක කාලෙක එකමත් එක ගමක හිටියා කුකුල් පවුලක්. ඒ පවුලෙ හිටියා චුට්ටු බුට්ටු කියන කුකුල් පැටියයි එයාගෙ මල්ලිලා හය දෙනයි , අම්මයි , තාත්තයි කුකුල් පැටවුන්ගෙ වයසක සීයයි. මේ කුකුල් ගමේ අයට ටිකක් දුර පියාඹන්න පුලුවන්. ඒගොල්ලො ඒ ගැන සතුටු වුනා. ඒ අහල පහළ තිබුණා තව කුකුල් ගෙවල් කීපයක්. මේ කවුරුත් හිටියෙ බොහොම අලංකාර පුංචි පුංචි පිදුරු ගෙවල්වල.. ඒ ගෙවල් තිබුණෙ ගැඹුරු ගංගාවක් අයිනෙ. වැඩිහිටියො ඒකට කිව්වෙ කැඩපත් ගංගාව කියලයි. ගඟට යන කාගෙ වුනත් මූණ බොහොම ලස්සනට පෙන්නන හින්දයි ඒ ගඟට ඒ නම වැටුණෙ.

චුට්ටු බුට්ටු හැමදාම උදේට නැගිටලා එයාගෙ මල්ලිලා එක්ක ගඟ ට ගිහින් නානවා. නානවා කිව්වට ඒගොල්ලො වැඩිපුර කරන්නෙ දිය බුං ගහන එක. ඊට පස්සෙ අම්මයි තාත්තයි අහුලලා තියෙන පණුවන්ව උදේ කෑමට ගන්නවා. බඩ පිරුණම ගං ඉවුරෙ උදෑසන අවුවෙ ආපහු දුව පැන පැන සෙල්ලම් කරල අහල පහල ඇවිදිනවා. කාල ඉවර වෙලා ඒගොල්ලන්ට කරන්න නියමිත වැඩක් තියෙනවා. ඒ තමයි සීයගෙ දේශනා අහන එක.

"ඌහ් ... නිදිමතයි"

ඒ වෙලාවට චුට්ටු බුට්ටු පියාපත් කම්මැලි කමින් දිගඇරලා එහෙම කියනවා. සීයා කියලා දෙන්නෙ කෑම අහුල ගන්න හැටි, පණුවො වැඩි පුර ඉන්න තැන් ගැන විතරක් නෙවෙයි ලොකු රාජාලියන්ගෙන් හිවල්හාමි ගෙන් වගේම කැලේ ඉන්න අනෙක් නපුරු සත්තුන්ගෙන් පරිස්සම් වෙන හැටිත් කියල දෙනවා. ඒ වුනාට කුකුල් පැටව් පාඩම් අහන් ඉන්න කම්මැලියි. ඒගොල්ලන්ට ඕනෙ හැමදේම තමන් ම කරලා ඉගෙන ගන්න.

"පරිස්සම් වෙන එක ඒ හැටි ලොකු දෙයක්ද? අපි ගඟේ දිය බුං ගහන්නත් පුලුවන්. අපි දැන් ලොකු කුකුල් පැටව්" ඒගොල්ලො පියාපත් ගස්සලා එකිනෙකාට කොඳුර ගන්නවා.

සීයා මේවා නෑහුණා වගේ ගහක මුලක් උඩට පියාඹලා උගුරෙ රැල් බුරුල් අරිනවා. සීයා වයසයි. කෙට්ටුයි. පිහාටු හැලිලා . තියෙන පිහාටු වුනත් තරුණ අයගෙ වගේ දිළිසන්නෙ නෑ. කරමල තද රතුපාට නෑ. අවපැහැ වෙලා. පහළට කඩා වැටිලා. කුකුලු පැටවුන්ට පේන්නෙ සීයගෙ තට්ටෙ පෑදිලා වගෙයි. ඒ වුනාට සීයගේ කටහඬ බොහොම ගාම්භීරයි. සීයා කතාව පටන් ගන්නවා.

කතාව අහන් ඉන්න කුකුල් පැටවු ඔන්න නිදි කිරා වැටෙනවා.

"ගර් ර් ර්ර්...." චුට්ටු බුට්ටු බොරුවට නින්දෙන් ගොරවනවා. සීයා සැර වුනාම ආයි නැගිටලා අහන් ඉන්නවා. අනෙක් අය හිනාවෙනවා. ඔය විදිහට තමයි මේ පාඩම් අහගැනිල්ල කෙරුණේ.

ඔන්න එදා උදෙත් කුකුල් පැටවු ගඟේ සෙල්ලම් කළා. එදා ඒගොල්ලො තව අලුත් වැඩක් යොදාගෙන තිබුණා. ඒ තමයි කැලේ හැංගිමුත්තං තරගයක් තියන්න. කැලේ ගොඩක් ඉඩ තියෙනවා. හැංගුනාම හොයන්නත් අමාරුයි. මේ ලොකු අදහසේ අයිතිකාරයා තමයි පුංචි චුට්ටු බුට්ටු. ඒ වුනාට ලොකුම බාධාව තමයි සීයගේ උදේ වරුවෙ කතාව. මේගොල්ලො කල්පනා කළේම කොහොමද එදා පාඩමෙන් ගැලවෙන්නෙ කියලා.

"අපි සීයව කේන්ති ගස්සමු. එතකොට සීයා අපි අක්ක තරහ වෙලා යන්න යාවි. ඊට පස්සෙ අපි කැලේට දුවමු."

චුට්ටු බුට්ටු අදහසක් ගෙනාවා. හැමෝම එක පයින් කැමති වුණා.

වෙනද වගේම ඉර ගඟ උඩින් හිනාවෙද්දි සීයා ගස් මුල උඩට පියාඹලා උගුර පෑදුවා.

"අද ළමයිනේ මං කියල දෙන්න යන්නෙ සුප් බඩගිනි රාස්සයා ගැන"

කුකුල් පැටවු ටික ආයෙත් කිචි බිචි ගාන්න පටන් ගත්තා. සුප් බඩගිනි රාස්සයා ගැන කොච්චර නම් අහලා තියෙනවාද? ඔය කිව්වට එහෙම රාස්සයෙක් නෑ කියලමයි චුට්ටු බුට්ටු අනිත් අයට සහතික කරල කියලා තිබුණේ.

"අපේ මේ කුකුල් ගමට පිටිපස්සෙන් තියෙන්නෙ සුප් බඩගිනි රාස්සයා ඉන්න මහ වනන්තරේ. මේ රාස්සයට හැමදාම අස්සයො දෙන්නෙකුගෙන් සුප් හදලා බොන්න ඕනෙ. රාස්සයට සුප් හදලා දෙන්නේ රාජාලියෙක්. මේ රාජාලියාට හැතැප්ම සීයක් දුර පේනවා. රාජාලියා සුප් බඩගිනි රාස්සයාගේ කන්දක් උස උරහිසට නැගලා කැලේ බැලුවම අස්සයො ඉන්න තැන් පේනවා. ඊට පස්සෙ රාජාලියා ගිහින් අස්සයෙකුට ඇස්වලට ඇනලා අන්ධ කරනවා. තවත් අස්වයෙකුගෙ ඇස්වලට ඇනලා අන්ධ කරලා මෙන්න මෙහෙම සින්දුවක් කියනවා.

අහස යටින් අකුණු අරන්

පොළව යටින් ගින්න අරන්

මායා දූවරුනි ඇවිත්

අස්සයෙක්ව ඇහිඳ ගන්න

රාස්සයගෙ රාක්කයෙන්

අස්සයෙක්ව තියල එන්න

ඔන්න එතකොට මායාකාර දූවරු හත් දෙනෙක් අහසින් පොළවෙන් මතුවෙනවා. ඒ වෙලාවට අහසෙ අකුණු ගහලා පොළව දෙබෑ වෙලා ගින්දර මතුවෙනවා. ඒ ගින්දරට රස්නෙ ඉවසන්න පුලුවන් රාජාලියාට ම විතරයි. මායාකාරියො හත් දෙනා අස්සයින්ව මරලා රාස්සයගේ ගව්වක් දිග රාක්කෙ තියලා අතුරුදහන් වෙනවා. රාජාලියා පියාඹලා ගිහින් අස්සයින්ගෙන් සුප් හදනවා.

රාජාලියා අවුරුද්දකට සැරයක් විවේක ගන්න දුර ඈත කඳුමුදුනකට යනවා. එදාට රාස්සයට සුප් නැති වෙනවා. බඩගිනි රාස්සයා එතකොට වනන්තරේ දෙදරන්න ගොරවලා ලොකු කන්දක් පෙරළෙනවා වගේ ඇවිදින්න පටන් ගන්නවා. අහුවෙන ඕනෙ දෙයක් කනවා.

ඒ හින්දයි මේ ළමයින්ට කියන්නේ කැලේ ඈත ඇවිදින්න එපා කියලා. " සීයා කතාව කියලා අවවාද දෙන්න හරි බරි ගැහුණා.

කුකුල් පැටවු ටිකක් කල්පනා කළා. සීයා හරියට රහස දැනගත්තා වගේ මේ කතාව කිව්වේ සෙල්ලම නවත්තන්න තමයි. ඒ ගොල්ලො හිතුවා. චුට්ටු බුට්ටු එකපාරටම පැනලා කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. අනෙක් අයත් පස්සෙන් දිව්වා. අන්ද මන්ද වුන සීයත්  "කොක් කොක් කොහෙද යන්නෙ" කිය කිය දුවන්න ගත්තා. කුකුල් පැටවු ටික ගස් අස්සෙ හැංගිලා.. සීයට දුවන්න බැරුව නැවතිලා. ඈතට දුවපු නිසා පැටවුන්ට සීයගේ කරමල නැති ඔළුව පෙනුනෙ තට්ටෙ වගේ. චුට්ටු බුට්ටු එක පාරටම හීනි හඬින් හනි හනිකට මෙහෙම කියන්න ගත්තා.

"තට්ට ගෙඩිය පෑදේ..

තට්ට ගෙඩිය පෑදේ."

ඒකට අනෙක් අයත් එකතු වුනා.

"තට්ට ගෙඩිය පෑදේ..

තට්ට ගෙඩිය පෑදේ.." හැමෝම ගයන්න පටන් ගත්තා.

මේක ඇහුන සීයට හොඳටම තරහ ගියා. සීයා ගියා කුකුල් පැටවුන්ගේ තාත්තට මේ ගැන කියලා දඬුවම් අරන් දෙන්න. ඒ අතරෙ කුකුල් පැටවු තව තවත් කැලේට දිව්වා. දුවලා හැංගිමුත්තං කරන්න පටන් ගත්තා. සෙල්ලම් කරමින් ඉන්න කොට එකපාරට පොළව පෙරළෙනවා වගේ සද්දයක් ආවා. චුට්ටු බුට්ටු යි අනෙක් කුකුල් පැටවු ටිකයි හොඳටම බයවෙලා එහෙ මෙහෙ දිව්වා.

ඔන්න එතකොටම මහා විසාලෙට සුප් බඩගිනි රාස්සයා මතු වුණා. රාස්සයෙක් නෑ කියලා හිතාගෙන හිටපු චුට්ටු බුට්ටු බය වෙලා ගස් බෙනයක් ඇතුළට රිංගුවා. අනෙක් කුකුල් පැටවු ටිකත් ඒකටම රිංගුවා. ඒක දැකපු රාස්සයා මහ හයියෙන් හිනාවෙලා ගහ දෙකට ඉරලා කුකුල් පැටවුන්ව අරන් සාක්කුවෙ දා ගත්තා.

"අද මං අස්ස සුප් බීලා නුඹලව අතුරු පසට ගන්නවා."

කුකුල් පැටවු බයට වෙව්ලන්න පටන් ගත්තා. දැන් මොනවා කරන්නද? රාජාලියා නිවාඩු ගිහින් නිසා අද රාස්සයා දඩයමේ ඇවිත්. රාස්සයා අස්සයොයි කුකුල් පැටවුන්වයි අරන් එයාගෙ විමානෙට ගිහින් සාක්කුවෙ හිටපු කුකුල් පැටවුන්ව මේසයක් උඩ තියෙන ලොකු කෝපපෙක දැම්මා. ඒකෙ කට පොඩියි. පතුල ගැඹුරුයි. උඩට එන්න බෑ. කුකුල් පැටවු කණගාටු වුණා. චුට්ටු බුට්ටු හැමෝටම වඩා කණගාටු වෙලා සුසුම් හෙලන්න ගත්තා.

" මා නිසා තමයි මේ හැම දේම" ඔහු තමන්ටම බැණ ගත්තා. ඔන්න එතකොට ඒගොල්ලන්ට ඇහුණා සුප් බඩගිනි රාස්සයා ලිප පත්තු කරනවා.

"මම ඉස්සරවෙලා සුප් හදලා බීලා නුඹලව බදින්නම්" රාස්සයා කියනවා. කුකුල් පැටවු බයට වෙව්ලනවා.

එකපාරටම කුකුල් පැටවුන්ට "කොක් කොක් කොක්" කියලා කෑ ගහන, පිහාටු ගහන මහ සද්ද ගොඩක් ඇහුණා. කෝප්පෙ පෙරළුණා. පෙරළුණ කෝප්පෙන් එළියට ආපු කුකුල් පැටවු මේසය උඩට වැටුණා. එතකොටයි ඒගොල්ලො දැක්කේ කුකුල් ගමේ හැමෝම එයාලව හොයගෙන ඇවිත් බව. වැඩිහිටි කුකුල්ලුන්ට උපදෙස් දුන්නෙ චුට්ටු බුට්ටුලගෙ සීයා.

"අපි දැන් සුප් බඩගිනි රාස්සයට කොටන්න ඕනෙ"

සීයා ගැඹුරු හඬින් අණ දුන්නා. ඔක්කොම පියාඹලා ගිහින් රාස්සයගේ ඇස්වලට, ඔළුවට, කකුල්වලට කොටන්න ගත්තා. කලබල වුණ රාස්සයා ඇස් ඇරගන්න දැඟලුවා. අතපය ගැසුවා. ඊට පස්සෙ පය පැටලිලා නටන සුප් ඇතිලියට වැටුණා. රාස්සයා ගෙ කෑ ගැහිල්ලට වනන්තරේ ගස් ඉදිරුණ බවයි කුකුල් ගමේ කතන්දරවල නම් තියෙන්නෙ.

සුප් බඩගිනි රාස්සයා සුප් ඇතිලියේම මැරිලා ගියා. වැඩිහිටියෝ කුකුල් පැටවු හත්දෙනාව පිහාටු අතර තියාගෙන ගෙදර ආවා.

චුට්ටු බුට්ටුවත් එයාගෙ සහෝදරයොවත් ආයි කවදාවත් සීයට විහිළු කළේ නෑ. සීයා කියපු හැමදේම අහගෙන හොඳ ළමයි වෙලා හැදුණා වැඩුණා. ඉඳ හිට පුංචි පුංචි දඟකාරකම් කළා. ඒගොල්ලො කැඩපත් ගංගාවෙ දියබුං ගහන සද්දෙ බොහොම කාලයක් ඒ ගං ඉවුරෙන් ඇහුණා.

[චිත්‍ර : නම නොදන්න සුරංගනාවි සහ අන්තර්ජාලයෙන්]

වසිලිස්සා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-67756297468250060492014-01-05T08:15:00.001-08:002014-01-05T08:15:06.182-08:00කතන්දර දෝසි | පට සේද අම්මා

එකෝමත් එක කාලෙක හංචවි කෝරළයේ අභිරහස් ගමක කාන්තාවක් සැඟවී වාසය කලා. එක්තරා ගමක පුංචි දැරියක් වූ කුවෝ හැර අන් කිසිවෙක් ඒ කාන්තාව දැක නෑ.

කුවෝට අවුරුදු නවය වෙනකොට ඇගේ අම්මා මියගියා. ඇය මියගියේ කුවෝ සහ ඇගේ හතර හැවිරිදි මල්ලී ද තනිකර දමාය. තාත්තා නැවත විවාහයක් කරගත්තා. අලුත් කුඩම්මා හරිම නපුරුයි. ඇය සිතුවේ මේ දරුවන් දෙදෙනා කවන්නට පොවන්නට ඇති අමතර කටවල් දෙකක් ලෙසය. හේතුව, ඔවුන් ඇගේ දරුවන් නොවීමයි.

එක් සීත වැසි දවසක කුඩම්මා කුවෝට මෙහෙම නියමයක් කළා.

"ගිහින් තණකොළ ටිකක් අරන් වරෙන්. උඹට මල්ල පුරෝගෙන එන්න බැරිනම් ගෙදර ඇවිත් වැඩක් නැහැ. රෑට කන්න ලැබෙන්නේ නෑ. තේරුණාද?"

දැරිය උදෑසනින් හිස් මල්ලත්, හිස් බඩත් උස්සාගෙන ගෙදරින් පිටත් වුණා. ඈ තණ පිට්ටනියේ සිට කෙත් වතු ද ගංතෙර සිට කඳු මුදුන් ද පීර පීරා උදේ පටන් හවස් වන තුරුම ඇවිද්දා. ඒත් තණ කැබෙල්ලක් වත් සොයා ගන්නට බැරි වුණා. කුසගින්න සහ සීතල උහුලන්න බැරිතරම්. ඒත් කුඩම්මාට මුහුණ දෙන්නට ආපසු ගෙදර යන්නට ඈ බය වුණා. ගලක් උඩ වාඩි වූ ඈ වෙහෙස මහන්සිය නිසා ගිමන් ඇරියා. ඇගේ දෙකම්මුල් දිගේ කඳුළු බිඳු කඩා වැටුණා. පුංචි හිතේ නොයෙක් සිතුවිලි පහල වුණා. සීතලේම මැරිලා යනව නම් සියලු කරදර ඉවරයි කියල ඇයට හිතුණා.

උණුසුම් හිරු එළිය ඇති ජූනි මාසයේදී ගස්වල මල් ලස්සනට පිපෙනවා. ඇයට සිහිපත් වුණා. කුරුල්ලන් කීචි බීචි ගාලා සිංදු කියනවා. ඈ පිල අද්දර මල්ලිත් එකා සෙල්ලම් කරනවා. ඇගේ අම්මා සිනා සිසී අලුතින් කැපූ තණකොළ මල්ලක් ගෙන එනවා. ඈ ළඟට එමින් "නිදාගන්න යන්න එපා. බැටළුවන්ට කන්න දෙන්න ඕනේ..." කියලා කුවෝට කියනවා. මේවා මතක් වෙනකොට ඇයට මහ දුකක් දැනෙනනවා.

"අර සැඟවුණු ගුහාවේ හුඟක් තණකොළ තියෙනවා" එකපාරටම කාගේදෝ කටහඬක් ඇයට ඇසුණා.

ඒ හඬ ආපහු කුවෝට ඇහුනා.

"අර සැඟවුණු ගුහාවේ හුඟක් තණකොළ තියෙනවා."

සුදු වළලු කරක් ඇති කුරුල්ලකු අළු පැහැති අහසට කෙලින් පියාඹනවා ඈ දුටුවා. හඬ පිට වුණේ කුරුල්ලගෙන් කියලා ඇයට හිතුනා. ඌ ඇයට මග පෙන්වනව කියලා ඇයට දැනුනා. ඈ ඉබේම් උගේ පසු පස ගියා. වංගු කීපයක් පසු කළාම කුරුල්ලා අතුරුදන් වුණා. තමා අතරමං වුණයි කියලා පුංචි කුවෝ තැති ගත්තා. කුරුල්ලාට කතා කරන්න පුළුවන්ද? මේක නිකං හීනයක්ද? මෙහෙම හිතමින් ඉස්සරහට යනකොට ඇයට ලොකු පයින් ගහක් හමුවුණා. ඒ ගසෙන් පාර ඇහිරිලයි තිබුණේ. ඒ ගහ ඒ තරමට විශාලයි. හිරු එළියක් වත් බිමට වැටුණේ නෑ. ඈ ගස ළඟ නතර වුණා. ගහ ළඟ කඳු පාමුල ලොකු ගුහාවක් තිබුණා. මොහොතක් ඈ ඒ දෙස බලා සිටියා. හදිසියේම අවට නිහඬතාව බිඳිම්න් ගලා යන දිය පහරක හඬ ඈට ඇසුණා. ඇයට සිහිය ආවා වගේ දැනුණා. කුවෝ හෙමිහිට ගුහාවට ළං වුණා. ඇතුලට යන්න පුළුවනි. ඈ අඩිය තැබුවා. ගුහාව ඇතුලේ තෙතමනය සහ උණුසුම ද දැනුනා. ගුහාවේ සිට ගලන කුඩා ඔය පාරට නැමිලා දිය දෝතක් අරන් බිවුවා. එය හරිම රසයි. ඔය අද්දර හොඳට තණකොල වැවිලා තිබුණා. ඈ නැමි නැමී තණ කොළ කප කපා මල්ලට දමාගෙන ඉදිරියට ගියා. ටිකින් ටික ඉස්සරහට යනකොට ඔය අද්දර මල් පිපී තිබුණා.

තණකොළ වලින් මල්ල පිරෙන කොට ඈ ගුහාව කෙළවරට ඇවිත් සිටියා. සුදු ඇඳුමෙන් සැරසුණු ලස්සන කාන්තාවක් ඇය ඉදිරියට ආවා. කුවෝ ළඟට ආ ඈ "බය වෙන්න එපා මගේ පුංචි යාළුවා, ඔයාට මහන්සි පාටයි. ඔයා කැමතිද අපිත් එක්ක ටික දවසක් ඉන්න?" කියලා ඇහුවා. කුවෝ හිස වනා ඊට කැමති වුණා.

ගුහාව කෙළවර ඇත්තේ තැනිතලා බිමක්. ඈ විමසිල්ලෙන් වටපිට බැලුවා. කඳු බෑවුමේ සුන්දර පරිසරයක සුදු උළු සෙවිලි කල සුදුපාට ගෙවල් ඈ දුටුවා. ඒ ගෙවල් ඉදිරිපිට තද නිල් කොළ වලින් පිරුණු මිටි ගස් පෙළක් තිබුණා. සුදු ඇඳුමෙන් සැරසුණු තරුණ ගැහැණු ළමයි සිංදු කිය කියා ඒ කොල කැඩුවා. කුවෝට හරිම සතුටක් දැනුනා. ඇගේ මවගේ මරණයෙන් පසු ඇයට මෙහෙම සතුටක් මෙතෙක් ලැබිලා නෑ. සුදු ඇඳි කාන්තාවත් හිටියේ ලොකු සතුටකින් කියලා පුංචි කුවෝට දැනුණා. ඒ නිසා ටික දිනක් නතර වෙලා සිටීම හොඳයි කියලා ඇයට හිතුණා.

කුවෝටත් සුදු ඇඳුම් අඳින්නට ලැබුණා. ඈ දහවල් කාලයේ අනෙක් ගෑනු ළමයි එක්ක එකතු වෙලා මිටි ගස් වල නිල් පාට කොළ එකතු කළා. රාත්‍රි කාලයේ හිම මෙන් සුදුපාට පණුවන් දහස් ගණනකට ඒවා කන්න දුන්නා. මේ පණුවන් පට පණුවන් බවත්, කොළ මල්බෙරි ගස්වල කොළ බවත් ඈ පසුව දැනගත්තා. පණුවන්ගේ පට කෝෂ වලින් නූල් ගන්න හැටිත්, එයින් සේද රෙදි වියා ගන්නා හැටිත්, කුඩා පැලෑටි වලින් සායම් සාදා නූල් එක එක පාටින් හැඩ ගන්නා ගන්න සැටිත් සුදු කාන්තාව පුංචි කුවෝට කියා දුන්නා.

ඉතින් ඈ මේ පාඩම් ඉතා හොඳින් මතකයේ තියාගත්තා.

දවසක් ඇයට ගෙදර මතක් වුණා. කාලය ගෙවිලා ඇතියි කියලා ඈට හිතුණා. "ඇයි මං මගේ පුංචි මල්ලි මේ ලස්සන සුරංගනා ලෝකේ එකට ඉන්න එක් කරගෙන එන්නෙ නැත්තේ?" කියලා කුවෝ කල්පනා කළා.

ඈ පසුවදා එළිවෙන්නට කලියෙන් කාටවත් නොකියා ගෙදර බලා පිටත් වුණා. ඇය යන විට පට පණු බිත්තර ද, මල්බෙරි පඳුරු ද, කොළ ද මල්ලක් ගෙන යන්නට අමතක කළේ නෑ. මල් බෙරි යන මගට දමාගෙන යන කොට, ආපසු එන මග සොයා ගන්නට හැකි වේ යයි ඈ හිතුවා.

නිවෙසට පැමිනි පසු ඇගේ තාත්තා මහල්ලකුව සිටිනවා දැකලා කුවෝ පුදුම වුණා. ඇගේ මල්ලී තරුණයෙක් වෙලා හිටියා.

"නුඹ අවුරුදු පහළොවක්ම කොහෙද ගිහින් හිටියේ? නුඹට මොකද වුණේ?" සතුටු කඳුළු ඇතුව ඇගේ තාත්තා ඇසුවා.

සැඟවුණු මිටියාවතේ කතාවත්, සුදු ඇඳි ළමයින් හා සුදු කාන්තාව ගැනත් ඈ තාත්තාට විස්තර කලා. ඈ පට පණුවන් හැඳින්වූයේ "දිව්‍ය ලෝකයේ සතුන්" කියලයි.

ඇය පට පණු බිත්තර තාත්තාටත්, මල්ලීටත් කුඩම්මාටත් පෙන්නුවේ ආඩම්බරයෙන්.

කුවෝට දිව්‍යාංගනාවක් මුණගැහිලා. කුවෝට කියලා හංචවි කෝරලේ ගම්වැසියන්ට පට පණුවන් බෝ කරලා පට රෙදි වියන හැටි කියලා දෙන්න එවලයි කියලා අසල්වැසියන් කියන්නට වුණා.

පසුවදා කුවෝ සැඟවුණු මිටියාවත සොයා යන්නට පිටත් වුණා. ඇය මහ මග දමා ආ මල්බෙරි එකක් නෑර හොඳින් පැලවෙලා වැවිලා තිබුණා. ඈ මල්බෙරි ගස් වැවිලා තිබුණු මග දිගේ යෝධ පයින් ගස ළඟට ආවා. නමුත් කඳු පාමුල ගුහාව අතුරු දහන් වෙලා. ඇයට ගුහාව සොයා ගත නොහැකි වුණා.

සුදු වළලු කරක් ඇති කුරුල්ලා කුවෝගේ හිසට ඉහළින් පියාඹමින් සිංදුවක් කිවුවා.

"කුවෝ හොරකම් කළා වස්තුව...

කුවෝ හොරකම් කළා වස්තුව..."

එසේ ගැයූ කුරුල්ලා කඳු වළල්ලේ නොපෙනී ගියා. සැඟවුණු මිටියාවතෙන් පට පණු බිත්තට හා මල්බෙරි පඳුරු ද ගෙන ඒමෙන් තමා කළේ වරදක් කියලා කුවෝ පසුතැවිලි වුනා. ආපසු ගෙදර යනවා ඇරෙන්නට ඇයට වෙන කරන්නට පුළුවන් දෙයක් දැන් නෑ. ඒත් කුවෝට අහිමි වූ වාසනාව පසුව හංචවි කෝරලයට උදා වුනා. දැන් හංචවි කෝරලය චීනයේ පට රෙදි නිෂ්පාදනයේ මුල් තැනක් ගන්නවා. "දිව්‍ය ලෝකයේ සතා" හංචවි කෝරළයට ගෙනා තැනැත්තිය කුවෝ ලෙසද, නම නොදත් සුදු හැඳි කාන්තාව "පටසේද අම්මා" ලෙසත් කටින් කට පැතිරුණා.
පරිවර්තනය - නිමල් හොරණ

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-36389425404601753712013-11-08T07:55:00.001-08:002013-11-08T07:55:52.128-08:00කවි දෝසි | Randomness - [සිඳුසර මුණසිංහ]

Under light,

the dark is new.

Don't fight,

tight the might,

goes through fire.

Petal is the same as metal

Fire is the dark of water

Fire goes back,

water goes forward,

air goes either way,

never gets to play.

The last back,

is the lack of a back,

a back that has no pain.

Water rises,

while times goes down

A flower is white,

time is a fright.

Under light

is fire.

සිඳුසර මුණසිංහ

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-47740885743493074652013-10-17T00:47:00.001-07:002013-10-17T00:47:21.072-07:00කවි දෝසි | Ten Thousand Poems - [සිඳුසර මුණසිංහ]

If I create 10,000 poems,

my room and the halls

would be filled with paper,

And the roof would break

and shatter the windows,

fill the city and break someone’s clan,

fill up the country and takeover the lakes,

cover the rivers,

cut down all the trees,

stack so high and touch the sky

Filled with poems,

it would reach in space,

reach mars,

take all the planets and connect them,

break all the spaceships,

and fall down

covering the entire North America,

making a bridge to Asia,

takeover half of Russia

And after a few minutes

the world would be covered in papers,

If that happened…

The globe would be gray,

from all the papers,

I used…

සිඳුසර මුණසිංහ

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-50275185646843091952013-09-28T17:28:00.001-07:002013-09-28T17:28:47.335-07:00කතන්දර දෝසි | නුවණක්කාර පුංචි කෙල්ලෝ - [ලියෝ තෝල්ස්තෝයි]

එය පාස්කු වේ පූර්ව භාගය විය. හිම මත ලිස්සා යාම මේ දැන් අවසන් වූවා පමණි. හිම කැටිති තවමත් ගෙවතු මත වැතිර ගත් වනමය. ඉන් ගලා එන දිය දහරාවන් ගෙන් සැදු කුඩා ඇලවල් වීදිය ඔස්සේ පහළට ඇදෙයි. අහල පහළ ගෙවල් දෙකක පුංචි ගෑණු ළමෝ දෙදෙනෙක් ගොවි පලවලින් ඉවත ලූ ජලය ගලාවිත් එක් රැස් වී සැදුණු කුඩා මඩකඩිත්තක් තැනුණු ගෙවතු අතරෙහි වූ කුඩා පටු මගෙහි දී හමුවූහ. එක කෙල්ලක වඩා කෙසඟ වූ අතර අනෙක් කෙල්ල තරමක් වැඩුණු එකියකි. මව්වරුන් විසින් ඔවුන් දෙදෙනාට අලුත් ඇඳුම් අන්දවා තිබිණි. එක් කෙල්ලක් නිල් පැහැ ගවොමකින් සැරසී සිටියාය. අනෙක් කෙල්ල කහ පැහැති මුද්‍රිත ගවොමක් හැඳ සිටි අතර දෙදෙනාම රතු පැහැ ලේන්සු වලින් හිස් වසා සිටියහ. ඔවුන් මේ දැන් පල්ලියෙන් සිට ආවා පමණි. එකිනෙකා ගේ අලුත් ඇඳුම් එකිනෙකා ට පෙන්වා ගත් ඔවුහූ සෙල්ලමට වන්හ.

හැඳ සිටි සපත්තු සමගින්ම පුංචි කෙල්ල මඩ කඩිත්තට පනින්නට තැත් කළාය.ඒ දුටු වැඩිමහල් කෙල්ල කෑගෑවාය.

"ඔහොම වතුරට බහින්නෙපා මලාෂා. අම්මා බනියි ඔයාට. මගේ සපත්තුයි මේසුයි මං ගලවන්නයි යන්නේ. ඔයත් ගලවන්න." ඈ කීවාය.

ඉදින් ඔවුහු එසේ කළෝය. පසුව සායවල් අතින් අල්වාගෙන මඩ කඩිත්ත දෙසට ඇවිද ගියෝය. වතුර මලාෂාගේ වළලු කර තෙක් තිබිණි.

"මේක ගැඹුරුයි අකෝල්යා. මට බයයි!" ඈ කෑගෑවාය.

"මෙහෙ එන්න. මේක ඒ තරම් ගැඹුරු නෑ" අනෙකා පිළිතුරු දුන්නාය.

"මලාෂා බලාගෙන, වතුර ඉහින්න එපා ඇවිදිනකොට. ඔන්න පරිස්සමට ඇවිදින්නෝනේ..." දෙදෙනා එකිනෙකාට සමීප වූ විට අකෝල්යා කුඩා කෙසඟ කෙල්ල අමතා කීවාය.

අකෝල්යා එසේ කියනවාත් සමගම මලාෂා වේගයෙන් ජලය මතට පා තැබුවාය. ඉන් ඉහුනු අපිරිසිදු ජලයෙන් අකෝල්යාගේ ගවොම මත පැල්ලම් ඇති කෙරිණි. එපමණකින් නොනැවති ඇගේ නාසයත් ඇසුත් ඉන් තෙමී ගියේය. ඇගේ ගවොමේ වූ මඩ පැල්ලම් දැක කෝපයට පත් වූ අකෝල්යා මලාෂා ට පහර දෙන්නට යයි සිතා ඈ පසුපසින් දිව ගියාය. අකෝල්යාව තමා කරදරයට පත් කළ බව වටහා ගත් මලාෂා ඉන් තැතී ගැනී වහා දිවයන්නට සිතා මඩ කඩිත්තෙන් පැන ගෙදර යන්නට සූදානම් වූවාය. ඔන්න එවිටම වාගේ අකෝල්යාගේ මව එතැන පසු කරමින් යමින් සිටියාය. කිළුටු වූ අකෝල්යාගේ සාය සහ ගවොමෙ අත් දුටූ ඇය,

"විසේකාර කෙල්ල. මක් කරගත්තද මේ අලුත් ඇඳුමට?" යි ඇසුවාය.

"මලාෂා මඩා ඉස්සා ගවුමට. එයා ඕනෙකමින්මයි එහෙම කළේ." කෙල්ල පිළිතුරු දුන්නාය.

මළාෂා අල්ලා ගත් අකෝල්යාගේ මව ඇගේ ගෙල පිටුපසට පහරක් එල්ල කළාය. මළාෂා මහ හඬින් හඬන්නට වූයේ මුලු විදීයෙම යන්නවුන්ට ඇසෙන්නටය. එය ඇසී ඇගේ මව වහා වීදියට දිව ආවාය.

"මගෙ කෙල්ලට ගහන්නෙ මොකද?" එසේ අසමින් මලාෂාගේ මව තම අසල්වැසියාට දොස් නගන්නට වූවාය. විසි කරන එක් එක් වචනයක් පාසා තව තවත් වචන දහස් ගණනක් මැවෙමින් සිදුවීම ද්වේෂ සහගත රණ්ඩුවක් බවට පෙරළිනි. මිනිසුන් එකා දෙන්නා බැගින් එම ස්ථානයට ඇදුනු අතර මොහොතකින් එතැන මිනිසුන්ගෙන් පිරීතිරි යන්නට වූයේය. හැම දෙනාම කෑ කොස්සන් ගසන්නට වූ අතර සවන්දෙන්නට තරම් කෙනෙකු ඒ අතර නොවූයේය.

මාරුවෙන් මාරුවට වරෙක දෙදෙනාගේ පැත්ත ගමිනින් ද, එකිනෙකා තල්ලු කරගනිමින්ද සියල්ලෝම රණ්ඩුවේ පැටලී සිටින අතරතුර මෙය සමථයකයට පත් කරන්නෙ මැයි සිතූ අකෝල්යාගේ අත්තම්මා ඔවුන් අතරට පැමිණියාය.

"මේ වගේ හැසිරෙන එක හරිද මං අහන්නෙ? අනිත් එක මේ වගේ දවසක? සතුටින් ඉන්නෝනෙ දවසක මේ වගේ සුළු සුළු දේට ආරවුල් ඇති කරගන්න එක හොඳ මදි. ඒ ගැන හාංකවිසියක්වත් නැද්ද හැබෑට, මං අහන්නෙ?"

මැහැල්ලට ඇහුම්කන් නොදුන් ඔවුහූ ඈ පසෙකට තල්ලු කොට දැමුවෝය. අකෝල්යා සහ මලාෂා ට ම හැර, කෑකොස්සන් ගසන පිරිස සන්සුන් කිරීමට ඕ අපොහොසත් වූවාය. ගැහැණුන් දෙදෙනා ඔවුනොවුන් ට දෙස් තබා ගන්නා අතර තුර තම ගවොමේ මඩ පිසදා ගත් අකෝල්යා නැවත මඩ කඩිත්ත වෙත දිව ගියාය. කුඩා ගල් කැබැල්ලක් අතට ගත් ඈ මඩ කඩිත්ත ඉදිරියෙන් පොළොව සූරා වීදීය දෙසට ජලය බැසයන පරිදි කුඩා ඇලක් සෑදූවාය. එවිටම වාගේ මළාෂා ද දිව විත් වහා ඇය හා එක් වූවාය. කුඩා ලී පතුරක් සොයා ගත් ඈ කුඩා ඇල පහර තනන්නට අකෝල්යාට උදවු වුවාය.

මැහැල්ල තව දුරටත් රණ්ඩුවේ පැටලී හුන් මිනිසුන් සමථයකට පත් කරමින් හුන් තැනට කුඩා දිය පහර ගලා ගෙන යන්නට වූයේය. ඒ පසුපසින් කුඩා දැරියෝ දෙදෙනා දිව ගියහ. එකකු දිය පහරේ මේ පස ද අනෙකා අනෙක් පස ද ලෙස.

"අල්ලන්න! මලාෂා අල්ලන්න!" අකෝල්යා කෑ ගසන්නට වූවාය. සිනාව කොතෙක්ද යත් මලාෂා ගේ මුවින් එකදු වදනක් හෝ නික්මුණේ නැත.

දිය පහර ඔස්සේ ඉදිරියට ගසා ගෙන යන කුඩා ලී කැබැල්ල පසුපස මහත් ප්‍රීතියෙන් කෑ ගාමින් කුඩා දැරියෝ දෙදෙනා කෑ කොස්සන් ගසන මිනිසුන් දෙසට දිව ගියහ.

ඒ දුටු මැහැල්ල මෙසේ කීවාය.

"උඹලට ලැජ්ජා නැද්ද? මේ වගේ පොඩි දරුවන්ගේ දේවල් වලට පැටලෙන්නෙ. උන්ටම උන් ගැන අමතක වෙච්චි. උන් සන්තෝසෙන් සෙල්ලං කරන හැටි බලාපල්ලා. අනේ, පුංචි පැටවු! උන් උඹලා ඔක්කොටම වඩා නුවණක්කාරයි!"

මිනිස්සු කුඩා දැරියන් දෙස බැලූහ. ඔවුන්ට තම තමා පිළිබඳ මහත් ලජ්ජාවක් හට ගත්තේය. අවසන දැරියන්ට හිනාවෙමින් ඔවුහු නිවෙස් බලා ඇදී ගියෝය.

"උඹලා කවදාවත් ආපහු හැරිලා පොඩි දරුවො වගේ නොවුනොත් නං උඹලට කිසි කාලෙක ස්වර්ගයට යන්න ලැබෙනවා කියන්නෙ බොරුවක්!"

ලියෝ තෝල්ස්තෝයි

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-23046044584937955862013-09-23T11:15:00.001-07:002013-09-23T11:15:07.902-07:00කවි දෝසි | Point of a Poem - [සිඳුසර මුණසිංහ]

Many have asked...

...the point of a poem.

To say that, you must not know...

A poem is a work,

a work of art,

a work you may never forget

It is a working star.

Time goes slow

when the mime is a crow

When stuff goes by

a way to flow.

The world may not be big

to compare to the sun.

Bright lights,

fire might,

time you may not loose.

Giant crows,

hornless moose,

a clock without hands,

a world with no end,

would be great.

But a poem with no end would be bad

So, let’s end this poem with…

…The End.

සිඳුසර මුණසිංහ

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-88630703898500424522013-08-15T01:32:00.001-07:002013-08-15T01:32:59.127-07:00කතන්දර දෝසි | පළිඟු හදවත - [ආරෝන් ෂපර්ඩ්]

සුරූපී ‘මී වොං’ සහ වැදගත් මුලාදෑනියෙක් වන ඇගේ පියා ජීවත් වුණේ රතු ඟග අසබඩ. ‘මී වොං’ ගේ තත්ත්වයේ සිටි අනෙක් සියලුම තරුණියන් වගේම, පිරිමි ඇස් වලින් ඇයව බේරගන්න ඕනැ නිසා, ඇයටත් සිද්ද වුණේ ගේ ඇතුළටම හිර වෙලා ජීවත් වෙන්න. ගේ ඇතුලෙ කීවට ඉතින් ඒක මහ උස කුලුණක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කාලය ගත කළේ, කුලුණෙ එයාගේ කාමරය ඇතුළෙ. ඒ කාමරයේ තිබුණා සඳක් හැඩයේ කවුළුවක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කළේ, එයාගෙ තනි නොතනියට ඉන්න, මෙහෙකාරිය සමග සල්ලාපයේ යෙදෙමින්, පොතක් පතක් කියවන එක. එහෙමත් නැත්නම් මැහුමක් ගෙතුමක් මහන ගොතන එක. එහෙම වෙලාවටත් කවුළුවෙන් පිටත පේන උයනට සහ ගංගාව පෙදෙසට, ‘මී වොං’ ගෙ ඇස් දුවන එක සාමාන්‍ය දෙයක්.

දවසක් ‘මී වොං’ සඳ කවුළුව ළඟ ඉඳගෙන ඉන්න වෙලාවක, එයාට ඇහුණා, ඈතින් පාවෙලා එන ගැඹුරු ඒත් සුමිහිර කටහඬක්. විමසිලි දෑසින් එළිය බලපු ‘මී වොං’ ට දකින්න ලැබුණෙ; ගඟ දිගේ පාවෙලා එන ධීවර ඔරුවක්.

"ඇහෙනවද.. ඇහෙනවද?" 'මී වොං' එයාගෙ මෙහෙකාරියගෙන් ඇහුවා.

"කොච්චර ලස්සනට ඔහු ගයනවද?" කටහඬ එන්න එන්නම ළං වෙන්න ගත්ත නිසා ‘මී වොං’ තව තවත් උවමනාවෙන් ඒ හඬට ඇහුම්කන් දුන්නා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්

මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"

"ඔහු ගොඩක් තරුණ කඩවසම් කෙනෙක් වෙන්න ඕනෑ." ‘මී වොං’ කීවා.

"සමහරවිට මම මෙහෙ ඉන්න විත්තිය දැනගෙන, මට ඇහෙන්නම ඔහු ඒ ගීතය ගයනවා ඇති." ‘මී වොං’ අමුතුම සතුටකින් පිබිදෙමින් කීවා.

මෙහෙකාරියගෙ ඇසුත් සතුටින් දිලිසුණා. "ඔය වෙස්වලාගෙන එන්නෙ මුලාදෑනියෙක් ගෙ පුතෙක් ද දන්නෙ නෑ. සමහරවිට ඒ ඔබතුමියව සරණ පාවා ගන්න නියමිත කෙනා වෙන්නැති."  ඇය කීවා. ‘මී වොං’ ගෙ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. හදවත හයියෙන් හැහෙන්න පටන්ගත්තා. ‘මී වොං’ ඔහුගේ මුහුණවර පැහැදිලිව දැක ගන්න උත්සහ කළා. ඒත් ගීතයයි ඔරුවයි දෙකම ගඟ දිගේ ඈතට ඇදිලා ගියා.

"ඔව්," ‘මි වොං’ හිමිහිට කටහඬ මතු කළා. "සමහරවිට ඒ ඔහු වෙන්න ඇති."

එදා දවසම ‘මී වොං’ සඳ කවුළුව ළඟට වෙලා, ආයෙත් ඔහුව දැකගන්න බලාගෙන හිටියා. පහුවදාත්, ඊටපස්සෙ උදාවුණු හැම දවසකමත් ‘මී වොං’ දෑස අයාගෙන ඔහුව දැකගන්න බලාගෙන හිටියා. නමුත් කිසිම කටහඬක් ගඟ දිගේ ඇදිලා ආවෙ නෑ.

"ඇයි, ඔහු එන්නෙ නැත්තෙ?" ‘මී වොං’ මෙහෙකාරියගෙන් දුකෙන් ඇසුවා.

දවස් ගත වෙනකොට ‘මී වොං’ සුදුමැලි වෙමින් දුර්වල වෙන්න පටන්ගත්තා. බැරිම තැන ඇය ඇඳට ගොස් එහිම කල් ගත කළා.

‘මී වොං’ ගෙ තාත්තා දවසක් ඇයව බලන්න ආවා. "ඇයි දුව, ඇයි මේ?" තාත්තා ඇහුවා.

"මුකුත් නෑ තාත්තා.." ‘මී වොං’ අඩ සිහියෙන් උත්තර දුන්නා.

මුලාදෑනි තාත්තා; ‘මී වොං’ ව බලන්නට, වෛද්‍යවරයෙක්ව කුලුනට එව්වා. "මට නම් කිසිම ලෙඩක් හොයාගන්න නෑ. කිසි ලෙඩක් නැතුව මට බෙහෙත් කරන්න පුළුවන්කමක් නෑ" ‘මී වොං’ ව පරීක්ෂා කරපු දොස්තර කීවා.

සති ගණන් පහු වුණා. ඒත් ‘මී වොං’ නෙමෙයි ටිකක්වත් සනීප වුණේ. දවසක් මෙහෙකාරිය මුලාදෑනියා ඉදිරිපිටට ආවා.

"ස්වාමිනී, මම දන්නවා ඔබතුමාගේ දුව අසනීප වෙන්නට හේතුව. එතුමිය ආදරය නිසයි මේ අසනීප වෙලා ඉන්නේ. ඉතින් එතුමියව සනීප කරගන්න නම්, මේ ගීතය ගයන කඩවසම් තරුණයාව ඔබතුමාට හොයාගන්නම වෙනවා." ඊටපස්සෙ මෙහෙකාරිය ඒ ගීතය මුලාදෑණියාට ගයා පෙන්නුවා.

"හරි, මං ඒක කරන්නම්." මුලාදෑනියා ඒවෙලේම ඒ කඩවසම් තරුණයාව සොයන්නට දූතයෙක් යැව්වා.

දවස් කීපයකට පස්සෙ දූතයා නැවත පැමිණියා. "ස්වාමිනී, මේ පළාතේ කිසිම වැදගත් ගෙදරක; මේ ගීතය දන්න තරුණයෙක් නෑ. ඒත් ළඟපාත ගමකින් මට හම්බවුණා; මේ ගීතය දන්න, ‘ඕං චී’ කියල ධීවරයෙක්. මම ඔහුව මාළිගාවට එක්කගෙන ආවා."

"ධීවරයෙක්?" ඒ වචන අදහාගන්නවත් බැරි විදිහට මුලාදෑනියා ඇහුවා. "කෝ බලමු එයාව."

දූතයා ඔහුව මාළිගය ඇතුළට කැඳෙව්වා. ‘ඕං චී’ හිටියෙ වික්ෂිප්තව නොසන්සුන්ව. මාළිගය ඇතුළෙ තිබුණු වටිනා බඩු මුට්ටු දුටු ඔහුගේ ඇස් ලොකු වුණා.

‘ඕං චී’ ව දුටු මුලාදෑනියා මොහොතකට මවිත වුණා, ඔහුට කතා කරන්නට පවා අපහසු වුණා. ඒ මොකද තරුණ හෝ කඩවසම් කෙනෙක් නෙමෙයි ‘ඕං චී’ කියන්නෙ. ඔහු ඇඳන් හිටියේ මාළු දුගඳ හමන වැරහැලි ඇඳුම්. ‘මගේ දුවට මෙයා කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! ’ මුලාදෑනියා සිතුවා.

"මේ ධීවරයාව මගේ දුවගෙ කාමරයේ දොර ගාවට එක්කෙගෙන ගිහින්, ගීතය කියන්න ඉඩ සලසල දෙන්න." මුලාදෑනියා දූතයාට අණ දුන්නා.

සිද්දවෙන කිසිම දෙයක් හිතාගන්න බැරුවයි ‘ඕං චී’ හිටියෙ. ‘ඕං චී’ ට හිතාගන්න බෑ, ඇයි එයාව මාළිගාවට එක්කගෙන ආවෙ කියලා. එයාගෙන් මොනව බලාපොරොත්තුවෙන්ද කියලා. කිසිම වැරදි වැඩක් නොකරන අවංක ධීවරයෙක් වුණු ‘ඕං චී’; කාටවත් නපුරක්, හිංසාවක් නැති අහිංසක මනුස්සයෙක්. ටික වෙලාවකින් ‘මී වොං’ ගෙ, කාමරයේ දොර ළඟට ‘ඕං චී’ ආවා.

දූතයා දුන් සංඥාවකට පසු, ‘ඕං චී’ ගැහෙමින් ගීතය ගායනා කරන්න පටන්ගත්තා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්

මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"

කාමරයේ ඇතුළෙ හිටි ‘මී වොං’ගෙ ඇස් වහා ඇරුණා. "ඔහු මෙහාට ඇවිත්!" ඇය කඳුළු පුරවගත් දෑසින් මෙහෙකාරියට කීවා. "කොහොමද ඒක සිද්ද වුණේ? අනේ ඉක්මන් කරලා මට ඇඳගන්න උදව් වෙන්න."

‘මී වොං’ ඉක්මණින් ඇඳෙන් බැස්සා. කවමදාවත් නැති විදිහට; කඩි මුඩියේ ඇඳුමක් ඇඳගෙන, කොණ්ඩෙ පීරගෙන ලෑස්ති වුණා. ගීතයෙ හඬ ළං- ළං ව ඇසුණු නිසාත්, ඇය සැරසුණු මලින් සිත්තම් වුණු සේද ඇඳුම් කට්ටලය නිසාත්, ‘මී වොං’ ව දිස්වුණේ දිව්‍යමය දර්ශණයක් ලෙසට.

"දැන්, දොර අරින්න!" ‘මී වොං’, වේගයෙන් ගැහෙන තම හදවත, සන්සුන් කරගන්න උත්සහ කරමින් කීවා. විනීතව හැදුණු, නිරහංකාර, ඒත් ලැජ්ජාවෙන් බර යුවතියක් ලෙසට, හිස බිමට නැඹුරු කරගෙන ඉන්න ඇය සිතාගත්තා.

කාමරයේ දොර හිමිහිට ඇරෙත්ම, වෙන්න යන්න දේ හිතාගන්න බැරුව ‘ඕං චී’ පිටිපස්සට වුණා. ඉන්පසු ඔහුට දැකගන්න හැකි වුණේ, මෙතෙක් තම ජීවිතයේ කිසිම දා නොදුටු, නෙත්කළු, අයස්කාන්ත දසුනක්. ‘ඕං චී’ ට දැනුණෙ එයාගෙ හදවත පැනයන්නට හදන ආකාරයක්. ඒ තරමට ‘ඕං චී’ ට, ‘මී වොං’ ගැන, තද ගැඹුරු, වචනයෙන් කෙසේවත් විස්තර කළ නොහැකි ආදරයක් ඇති වුණා.

තව සුළු මොහොතක්වත් තම ආදරවන්තයාව නොදැක ඉන්නට නොහැකි වුණු ‘මී වොං’, හිමිහිට ඇස් ඔසවා ඔහු දෙස බැලුවා. ඒ වෙලාවෙ ‘මී වොං’ ගෙ ඇස් ලොකු වුණා. ‘මී වොං’ මහ හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා.

මුලාදෑණියෙක්ගෙ පුතා? ඇයව බඳින්න නියමිත කෙනා? නිකම්ම නිකන් ධීවරයෙක්! ඇය මෙතෙක් දවසක් හැසිරිලා තියෙන්නෙ ගොඩක් මෝඩ විදිහට.

ඇගේ මෝඩකමට මහ හයියෙන් විනෝදයෙන් සිනාවෙමින් ‘මී වොං’ අහක බලාගෙන මිමිණුවා; "වහන්න දොර!"

‘ඕං චී’ ගේ ඇස් පනාපිට දොර වේගයෙන් වැසුණා. ‘ඕං චී’ එතැනම ගල් ගැහී බලා හිටියා. ‘මී වොං’ ගේ හිනාව ‘ඕං චී’ ගේ දෙසවන ඇතුළෙ රැව්පිළි රැව් දුන්නා. ‘ඕං චී’ ට දැනුණා එයාගේ හදවත දුකින් ගල්ගැහෙන විදිහ.

‘ඕං චී’ ව නිවස බලා පිටත් කළා. ඒත් පෙර මෙන් ඇවිද ගන්න පණක් ‘ඕං චී’ ට තිබුණෙ නෑ. කන්න, බොන්න, අඩුම ගානේ ටිකක් නිදාගන්නවත් බැරිවුණ ‘ඕං චී’, දුර්වල වෙමින් අසනීප වුණා. මැරුණත් එකයි, නැතත් එකයි මෙන්; හිටිය ‘ඕං චී’ ඉතින් මියැදුණා.

දුප්තපත් කුටියක නිදන කලාලයක් උඩ සිටි ‘ඕං චී’ ව, ගම්වැසියන්ට හම්බවුණා. ඔහුගෙ පපුව උඩ විශාල පළිඟුවක් තියෙනවා ඔවුන් දුටුවා.

"මොකද්ද ඒ?" ගම්වැසියෙක් ඇසුවා.

"ඒ එයාගේ හදවත!" ප්‍රඥාවන්ත වයසක කාන්තාවක් උත්තර දුන්නා. "මුලාදෑනියාගේ දුව ඔහුගෙ හිත ගැඹුරටම තුවාල කළ නිසා, වේදනාව නැවතෙන්න හදවත ගල් ගැහිලා."

"අපි දැන් මොකද මේ හදවතට කරන්නෙ?" තරුණ කාන්තාවක් ඇසුවා. "ඔහුගේ ගීත වගේම හදවතත් ගොඩක් ලස්සනයි, ආදරණීයයි!"

"අපි මේ හදවත ‘ඕං චී’ ගේ ඔරුවෙ ඇතුළෙ තියලා, මුහුදට යන්න ගඟ දිගේ පා කරල ඇරියනම් හරි." තව තරුණයෙක් කීවා.

මළහිරු බැස යන මොහොතක ඔවුන් පළිඟු හදවත ‘ඕං චී’ ගේ ධීවර ඔරුව ඇතුළෙන් තිබ්බා. ඉන්පසු ඔරුව ගඟ දිගේ තල්ලු කර, ඒ දිහා වේදනාවෙන් දැවෙන ඇස් වලින් බලාන සිටියා. ගඟ දිගේ සෝකයෙන් පාවුණ ඔරුව ඔවුන්ගේ ඇස් වලින් සමුගන්නාතෙක්ම, ඔවුන් එතැනින් නික්ම ගියේ නම් නෑ.

ඒත් ඔරුව මුහුදට නොයා මුලාදෑනියාගේ මාළිගාව අසල වෙරළට සේන්දු වුණා. අරුණළු උදයේ ඉවුර අසබඩ, සක්මනේ නියැලෙන මුලාදෑනියාට, ඔරුව නෙත ගැටුණා.

"මොනාද මේක ඇතුළෙ තියෙන්නෙ?" පළිඟුව ගන්නට ඔරුවට නැඹුරු වෙන ගමන් ඔහු කීවා. "මොනතරම් කදිම, ලස්සන, තෑග්ගක්ද; ඟංගාව මට ගෙනැත් තියෙන්නේ!" අතටගත් පළිඟුව බොහොම උවමනාවෙන් නරඹන ගමන් ඔහු කීවා.

දවස් කීපයකට පසු කිසිවෙක් පළිඟුටවට අයිතිවාසිකම් කියාගෙන නොපැමිණි නිසා; මුලාදෑනියා එය තේ කෝප්පයක් හැඩයට නිමවන්න, ලියවන පට්ටලකරුවෙක් වෙත ඇරියා.

එක් සැන්දෑවකදී මුලාදෑනියා පළිඟු කෝප්පය තම දියණියගේ වෙත ගෙනයනු ලැබුවා.

"මගේ ආදරණීය දුවට තෑග්ගක්!" ඔහු කීවා.

"ගොඩක් ලස්සන තෑග්ගක් තාත්තෙ! මට මේකෙන් බොනකල් සිහියක් නෑ!"

මුලාදෑනියා ගියාට පසු, ‘මී වොං’ සිය මෙහෙකාරියට කීවා, "දැන් ගොඩක් රෑ වෙලා. මට මේ අලුත් කෝප්පෙන් බොන්න තේ ටිකක් හදල දීලා, ඔයා නිදාගන්න."

තම වැඩ සියල්ලම අහවර කළ මෙහෙකාරිය නිදාගන්නට ගියා. මේසය උඩ තිබුණ ඉටිපන්දම් සියල්ලම නිවා දැමූ, ‘මී වොං’; කෝප්පයට තේ ටිකක් වක්කරගෙන, සඳ කවුළුව ළඟ පුටුවට ගියා. පුරහඳ එළිය ඇගේ කාමරයට නොඅඩුව ගලා එමින් තිබුණා. රත්තරං සඳළිය, ගඟ දිය මත සෙල්ලම් කරනායුරු, ‘මී වොං’ ආසාවෙන් නැරඹුවා. පිවිතුරු මල් සුවඳක් උයනේ සිට හමා ආවා.

‘මී වොං’ තේ උගුරක් බොන්න කෝප්පය තොල් ළඟට ගත්තා. ඒත් බොන්න හදනවාත් සමගම නොහිතූ පරිදි ඇය බයෙන් අඬන්නට පටන් ගත්තා. ඊටපස්සෙ ඉක්මණින් පළිඟු කෝප්පය බංකුව මත තිබ්බා.

තේ වතුර උඩ ‘ඕං චී’ ගේ වත මැවී තිබුණා. ඔහු ආදරය දෝරෙ ගලායන ඇස් වලින් ‘මී වොං’ දෙස බලාගෙන හිටියා. මොහොතකින් ඔහුගේ ආදරණීය ගීතය හුරු පුරුදු, ඒත් ටිකක් වෙනස් වුණ හඬකින් ‘මී වොං’ ගේ, කාමරය පුරා විසිරුණා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්

මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"

දොර ළඟදි දුටු ‘ඕං චී’ ගේ ඇස්, සැණෙකින් ‘මී වොං’ ට මතක් වුණා. ඒ ගමන්ම ‘මී වොං’ ට මතක් වුණා එදා ඈ සිනහසුණ ආකාරය. "දෙයියනේ! මම මොනාද කළේ? මම ගොඩක් නපුරු වුණා. මම හිතා මතා නෙමෙයි එදා ඔබව රිදෙව්වෙ. මම දැනගෙන හිටියෙ නෑ........ මට සමාවෙන්න. මට සමාවෙන්න. මට ගොඩක් සමාවෙන්න!"

‘මී වොං’ ගෙ ඇස් ඇතුළෙ කඳුළු පොකුරු පිටින් පිපුණා. එක කඳුළු බිංඳුවක් තේ කෝප්පය ඇතුළට වැටුණා. එතකොට පළිඟු කෝප්පය හිමින් සීරුවෙ දියවුණා. ‘ඕං චී’ ගේ ආත්මය නිදහස් කරන්නට ඒ හොඳටෝම ඇති වුණා. ‘මී වොං’ ට ‘ඕං චී’ ගේ ආදරණීය ගීතය අවසාන වතාවට ඟග දිගේ ඈතට ඇදිල යනව ඇහුණා.

සුළඟේ ළෙලදෙන මලකි ‘මී වොං’

රැල්ලේ නැලවෙන සඳළිය ‘මී වොං’

"ආයුබෝවන්!" ‘මී වොං’ හිමිහිට කීවා. "ඔබට ආයුබෝවන්!"

ඊට සුළු කාලයකට පස්සෙ ‘මී වොං’; බලවත් මුලාදෑනියෙක්ගෙ පුතෙක් සමගින් අතිනත ගත්තා. ඔහු ඉතාමත් ලස්සන කඩවසම් තරුණයෙක්. ‘මී වොං’ට දැනුණෙ එයාගේ හැම සිහිනයක්ම ඉෂ්ට සිද්ද වුණ බවක්.

ඒත් කොච්චර වුණත්, අදටත්; උයනක් හෝ නදියක් ‘මී වොං’ ගෙ ඇස ගැටුණොතින්, තවමත් ඇයට, ඒ ආදරණීය ධීවරයාගේ ගීතය සිය හදවත පතුළේ දෝංකාර දෙනවා ඇහෙනවා.

වියට්නාමයේ ජනකතාවක් ඇසුරෙන් කතාව නැවත කිවුවේ - ආරෝන් ෂපර්ඩ්

පින්තූර ඇන්ඳේ- ජෝසප් ඩැනියෙල් ෆිඩ්ලර්

ආරෝන් ෂපර්ඩ්
පරිවර්තනය - මුතු පබා

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-82078767470049282942013-08-14T03:33:00.001-07:002013-08-14T03:33:20.253-07:00කතන්දර දෝසි | කුරුල්ලා - [ලියෝ තෝල්ස්තෝයි]

සෙර්ගේයි උපන් දවසේ උත්සවයේදි ඔහුට බොහොම තෑගි ලැබුණා. බමර, ලී අශ්වයෝ සහ පින්තූර ඔහුට තෑගි දුන්නා. හොඳම තෑග්ග ලැබුණේ මාමාගෙන්. ඔහු සෙර්ගේයි ට කුරුල්ලන් අල්ලන දැලක් තෑගි දුන්නා. රාමුවකුයි ලෑල්ලකුයි දැලට සවි කර තිබුණා. ලෑල්ල උඩට කෑම ටිකක් දාලා ගෙවත්තේ තියනවා. කුරුල්ලෙක් කෑම දැකලා වහපු හැටියේම දැල ඉබේටම උගේ ඇඟට වැටෙනවා. සෙර්ගේයි බොහොම සතුටු වෙලා තෑග්ග අම්මාට පෙන්නුවා.

"මේක ඒ තරම් හොඳ සෙල්ලම් බඩු වක් නොවෙයි. කුරුල්ලන් අල්ලන්නේ මොකටද? උන්ට හිරිහැර කරන්ට පුතා කැමතිද?" අම්මා ඇසුවා.

"මම උන්ව කූඩුවක දාලා ඇති කරන්නම්. උන්ට කෑම දෙන්නම්. උන් සින්දු කියාවි."

සෙර්ගේයි ඇට වගයක් හොයා ගෙන ඒවා ලෑල්ල උඩ තියලා කුරුල්ලන් අල්ලන දැල ගෙවත්තේ තැබුවා. ඔහු දැල ළඟ බොහෝ වේලාවක් සිටගෙන සිටියා. එක කුරුල්ලෙක් වත් අසලට ආවේ නෑ. උන් සෙර්ගෙයිට බය වුණා. පසුව ඔහු දවල් බතට ගෙදර ගියා. ආපහු ගෙවත්තට එන විට දැලට පුංචි කුරුල්ලෙකු අහුවෙලා හිටියා. ඌ බොහොම හයියෙන් කොටන්ට පටන් ගත්තා. සෙර්ගෙයි බොහොම සතුටු වෙලා කුරුල්ලාව ගෙදර ගෙනැවිත් අම්මාට කතා කරලා මෙහෙම කීවා.

"අම්මේ! බලන්න මම කුරුල්ලෙකු ඇල්ලුවා. මූ සැලලිහිණියෙන් වෙන්ට ඕන. බලන්න උගේ හදවත ගැහෙන හැටි!"

"මේකා වීෂ් වර්ගයට අයත් කුරුල්ලෙක්. ඌට හිරිහැර නොකර ඌව නිදහස් කරපන්." අම්මා කිවුවා.

"නැහැ, මම ඌට කෑම දෙන්නම්. වතුර දෙන්නම්."

සෙර්ගේයි ඌව කූඩුවක දමා දවස් දෙකක්ම නොයෙකුත් ඇට ජාති ගෙනවිත් ඌට කෑමට දුන්නා. වතුර දුන්නා. කූඩුව සුද්ද කළා. තුන්වැනි දවසෙදි කුරුල්ලාට කෑම දෙන්නටයි, වතුර දෙන්ටයි ඔහුට අමතක වුණා.

"ඔන්න පේනවද! නුඹ කුරුල්ලා ගැන අමතක කළා. ඌව නිදහස් කරපන්!" අම්මා ඔහුට ආයෙත් කිවුවා.

"නැහැ. මට අමතක වුණේ නැහැ. මම දැන්ම කෑමයි, වතුරයි තියන්නම්. කූඩුව සුද්ද කරන්නම්."

සෙර්ගෙයි කූඩුවේ දොර හැරලා සුද්ද කරන්ට පටන් ගත්තා. කුරුල්ලා බයවෙලා කූඩුවට කොටන්ට පටන් ගත්තා. කූඩුවේ දොර වහන්ට අමතක වුණු සෙර්ගේයි ඌට වතුර ගේන්ට ගියා. දොර වසා නැති බව දුටු අම්මා පුතාට කතා කළා.

" සෙර්ගෙයි ඉක්මනට දොර වහන්න. නැතිනම් කුරුල්ලා ඉගිලී යාවී!" අම්මා මෙහෙම කීව විතරයි, කුරුල්ලා දොර ඇර ඇති බව දැකලා සතුටු වෙලා, කූඩුවෙන් පිටවී පියඹා ගියා. ජනේලයේ වීදුරු වසා තිබෙන සැටි ඌ දැක්කේ නෑ. වේගයෙන් පියාඹා ගිහින් ඌ ජනේලේ වීදුරුවේ හැප්පිලා ජනේල් පඩිය උඩ වැටුණා. සෙර්ගේයි කුරුල්ලා දෙස බලාගෙන ඇඬුවා.

"අම්මේ දැන් ඉතින් මම මොනවා කරන්නද?"

"දැන් ඉතින් කළ හැකි දෙයක් නැහැ." අම්මා කිවුවා.

සෙර්ගෙයි කුරුලු කූඩුව ළඟ වාඩි වෙලා කුරුල්ලා දිහා බලාගෙන හිටියා. කුරුල්ලා උඩුබැලි අතට පෙරළි අමාරුවෙන් හුස්ම ගත්තා. ඔහු නිදාගන්ට යන විටත් කුරුල්ලා බොහොම අමාරුවෙන් තමා හිටියේ. සෙර්ගේයි ට එදා රෑ නින්දන් නෑ. කුරුල්ලා බිම වැටී, පියාපත් දිගහැරගෙන හුස්ම ගන්නා හැටි ඔහු හීනෙන් කිහිප වරක් ම දුටුවා. උදේ නැගිට්ට හැටියෙම සෙර්ගේයි කුරුල්ලා බැලීමට ආවා. ඌ දැන් වකුටු වෙලා හරස් පොල්ල උඩ ලැගලා හිටියා. එදා ඉඳලා සෙර්ගෙයි කුරුල්ලන් ඇල්ලීමට කවදාවත් ගියේ නෑ.

ලියෝ තෝල්ස්තෝයි

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-6930150904285238677.post-87137225253317463012013-07-24T01:54:00.001-07:002013-07-24T01:54:00.946-07:00කතන්දර දෝසි | සෙංකඩගල යන නම හැදුණු හැටි - [එච්. එම්. එස්. තුන්දෙණිය]

බොහොම ඉස්සර කාලේ මේ කියන පැත්ත මහ මුකලානයක්. ඒකේ අලි, කොටි, වාගේ දරුණු සතුන් වාගේ ම හාවුන්, මුවන් වාගේ අහිංසක සතුනුත් හිටියා. ඒ එක්කම ඒකේ එක එක ජාතියේ පලතුරුත් තිබුණා. කැලේට ගිය කෙනෙකුට ඔය පලතුරු ඕනෑ තරම් බඩ පිරෙන්නට කන්ට පුළුවන්. හැබැයි ආය ගෙදරට ගෙනියන්ට බෑ. එහෙම කෙරුවොත් ඒවා ගෙදර යනකොට කුණුවෙලා. ඇයි, ඔය පලතුරු වාගේ ජාති හැදිලා තියෙන්නේ සත්තුන්ගේත්, මිනිසුන්ගේත් යහපතට, ඒවා පොදි ගහගෙන ඉන්ට නෙවෙයි.

ඔන්න එක දවසක් ඔය කැලේ කිට්ටුව හිටි ඉලන්දාරියෙක්, ‘කූඩයක් වියාගන්ට වේවැල් ටිකක් ඇදගන්ට ඕනෑ’ කියලා හිතාගෙන කැලේට කැත්තකුත් ඇන්න රිංගුවා. හැබැයි වැඩිය දුරක් එයාට යන්ට බැරිවුණා. ඔන්න ඉස්සරහට වල්අලියෙක් එනවා. එයා අලිමන්තර හොඳට දන්නවා. ඒකට මොකද ඒක එයාට කියාගන්ට බැරි වුණා. ඇයි පණ බය නේ. එයාට කියවුණේ ‘චික් ගෙරියා චික්’ කියන ටික විතරයි. එයා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඔන්න එතකොට එයා ඒ ළඟ තරමක් ලොකු ගලක් දැක්කා. ඒකට නගිංට ඕනෑ කියලා හිතලා, ඒ ගල ළඟට ගොහින් ඒකට අත තිබ්බා විතරයි, අර පස්සෙන් එළවාගෙන ආපු වල්අලියා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඒ ඉලන්දාරියත් අර ගලට නැංගා. තවම එයාගේ පපුව ටික් ටික් ගහලා ගැහෙනවා. ඒක හින්දා එයා ඒ ගලේ ඈඳිගෙන ටික වේලාවක් තමන්ට සිද්ද වෙච්ච ඇබැද්දිය ගැන හිතහිත හිටියා. ඔන්න ටික වෙලාවක් යනකොට මුවපැටියෙක් දුවගෙන එනවා, ඌ පස්සෙ කොටියෙක් පන්නාගෙනයි එන්නේ. ඔන්න මුවපැටියා ගල ළඟට ආවා විතරයි, අර ඌ පස්සෙ එළවාගෙන ආව කොටියා ආපහු හැරිලා දුවන්නට පටන්ගත්තා. දැන් මෙයාට හරි පුදුමයක්. ඔන්න ඕවා ගැන හිතහිත ඉන්නකොට, නයෙක් පස්සෙ මුගටියෙක් පන්නාගෙන එනවා. නයා ගල ළඟට ආවා විතරයි, මුගටියා ආපස්සට හැරිලා දුවන්ට පටන්ගත්තා.

ඉතින් අර විදියට ආපු සත්තුන් එහාට මෙහාට ගියාට පස්සෙ මේ ඉලන්දාරියාත් ආය වේවැල් කපන්ට යන්නේ නැතුව මේ පුදුයම ගැන හිතහිත එතැනින් එනකොට තාපසයෙක් ඉස්සරහට හම්බ වුණා. ඔන්න ඉතින් එයා දැක්ක දේ තාපසයාටත් කියාපි.  "ඔව්, ඔව් පැංචෝ මේ ගලේ ඒ විදියේ බලයක් තියෙන එක මමත් දන්නවා. ඒ හින්දා ඔය ගල් ලෙනේ තමයි මාත් ඉන්නේ", කියලා විස්තර කරලා දුන්නා. මගේ නම සෙංඛණ්ඩ කියන එක හින්දා, ඔය පෙළක් ඇත්තන් මේකට සෙංඛණ්ඩ ලෙන කියලාත්, කියනවා කියලා තාපසයා කිව්වා. ඔන්න ඔය දවස්වල ගම්පොළ වික්‍රමබාහු රජ්ජුරුවන් නුවරක් හදන්ට හොඳ තැනක් හොය හොයා හිටියා. අර ඉලන්දාරියාට ඒක ආරංචි වෙලා , අන්න අර ජයබිම ගැන කියලා තියෙනවා. රජ්ජුරුවෝ ඇවිත්, අර තාපසයාත් හම්බවෙලා එතැන නුවරක් හදාගත්තා. එතැන තිබ්බ පොකුණේ කිරිඉබ්බෙකුත් හිටියා. ඒකත් හොඳ ලකුණක් ලු. ඉතින් පස්සෙ ඒකට සෙංකඩල නුවර කියලා කමක් දුන්නා කියලාත් කියනවා. ඔන්න ඔහොමයි ඔය නම ලැබිලා තියෙන්නේ. සේනාව කැඩුණු, බය වුණු ගල හිනදා හරි සෙංඛණ්ඩ තාපසයා හිටිය ගල හින්දා හරි සෙංකඩගල වෙන්ට පුළුවන්.

[උපුටනය: මැද රට ජනකතා 2 - නුවර වටා ගෙතුණු කතා]

එච්. එම්. එස්. තුන්දෙණිය

Boondi Lkhttp://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.com