අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

කුරුලෙකු වෙමි මම මොහොතක ඉඳහිට
නිල් අහසට පැන ගයමින් පියඹන
ගුවන් නියමුවෙක් වෙමි මම මොහොතක
අහස් තොටුපළට මග සොයමින් යන

හමන සුළං රැලි හැන්දෑ වරුවල
අඹ තුරු පත් වෙත රහස් කියන කොට
අහසෙන් මතුවෙයි පොඩි නිල් තරු කැට
අඟහරු වෙත යන ගගනගාමියෙක් වෙමි මම එතකොට

අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

[-කැරිබියන් සුළඟ කවි පොතෙන්.]

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - රුවන්මලී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ටෙලිපෝනය නද දෙන්නේ
හලෝ කියා නද දෙන්නේ
කව්දෝ මා අමතන්නේ?
අලියා මේ දොඩවන්නේ
කොහොමද දැන් වැඩ කටයුතු?
වැඩි වරදක් නෑ කිව යුතු
කොහේද දැන් ඔබ ඉන්නේ?

ඔටුවල, නුග ගස් තැන්නේ
කොයි හරියෙද?, කොතනද තැන?
හිවල් මාවත අංක තුන
මොනවත් ඔබ හට ඕනද?
සූකිරි කැට තියෙනවාද?
පොඩි එකාට තේ වතුරට?
හිතුණා කැටයක් දෙන්නට



රාත්තලක් දෙකක් ඇද්ද?
අපෝ හොණ්ඩර දෙක තුනක් නැද්ද?
එක කටකට සෑහෙන්නට,
ඒ ඇති මගෙ අලි පැටියට

නැවතත් ටෙලිපෝනය නද දෙන්නා
කිඹුලා ගොත ගසමින් පවසන්නා
යාළුවෙ මට පොඩි පහෙ උදව්වක්
කළහොත් එවනව කදිම තෑග්ගක්

මගේ මහගේටයි දුවටයි ගැළපෙන
ලස්සන සපත්තු ටිකක් එවනවද?



කඩේ තිබුන ඉස්තරම්ම ඒවා
හිය සතියේ මම දුසිමක් එව්වා
සපත්තු දොළහක් දින දෙක තුනකට
ගෙවෙන්නෙ කොහොමද කියා දෙන්න මට

ආ ගිය සතියේ ඔබ එව් ඒවා
හරි සතුටින් අපි ඔක්කොම කෑවා
ආදර මිතුරේ, අප දැන් ඉන්නේ,
සපත්තු කුට්ටම් හීනෙන් දකිමින්

රෑ කෑමට ඒවා බොහොම රහයි
පොඩි එවුනුත් මගෙ හොඳට කැමතියි
රබර් අඩිය ඇති සපත්තු දුසිමක්
එව්වොත් හදනව රස ඇති කෑමක්

අල්ලපු වත්තෙ පොඩි හා පැටියා
මේස් එවන්නැයි ඉල්ලා සිටියා
සත්තු වත්තෙ චිම්පන්සියො දෙන්නා
පොත් දෙකකට ඇණවුම් දුන්නා

බූරු හාමිනේ කත කරනවා,
කන් අඩි පිපිරෙයි කියා හිතෙනවා
යාළුවෙ මොනවට බෙරිහන් දෙනවද
මා බීරෙක් කියලාවත් හිතුවද?

කොච්චර කිව්වත් නෑ තේරෙන්නේ?
බූරු හඩින්මයි දොඩවන්නේ
මූ මූ බූ බූ මා මා බා බා
ටෙලිපෝනය මා ආපසු තිබ්බා



නරි වැල් දෙනියේ ගොහොරු මඩිත්තෙන්
කොක් අප්පුයි මේ කතා කරන්නේ
මැඩියන් කාලා මට ඉස්මුරුත්තෙ
බේතක්වත් නැහැ ගන්නට දන්නේ

වතුර කඩිත්තේ හිටගෙන ඉඳලා
පොඩ්ඩට සීතල සන්නිය හැදිලා
අපි දෙන්නම ලෙඩ ඇඳටම වැටිලා
බෙහෙතක් දෙනවද කරුණා කරලා

ඉබි පිහාටු හතරක් අර ගන්නේ
කිඹුල් කඳුලු ගල ගා ගන්නේ
කෝඳුරු තෙල්ගෙන මුසු කර බොන්නේ
ලෙඩ දුක් එක මොහොතින් දුරු වෙන්නේ

වලස් හාමිනේ, මොකද බය වෙලා
කොටි රාළට හිරි වාතය හැදිලා
මම නම් හිතන්නෙ වැස්සට තෙමිලා
නෑ විදුලි ආඳෙකුගෙ වලිගය වැදිලා



එළි වෙනවා, රෑ වෙනවා, ටෙලිපෝනය නද දෙනවා
හලෝ හලෝ, කව්ද? කව්ද? හැම තිස්සෙම දොඩවනවා
ට්‍රිං, ට්‍රිං, ට්ලිං, ට්ලිං, ටෙලිපෝනය නද දෙනවා
එළි වෙනවා, රෑ වෙනවා, අඩ නින්දෙන් ඇහැරෙනවා
රෑ තිස්සෙම නින්ද නැතිව එළි වෙනතුරු දොඩවනවා
ටෙලිපෝනයෙ සීනු හඞන් මුලු දවසෙම ට්‍රිං, ට්‍රිං,ට්‍රිං, ට්‍රිං,

දවස් තුනක් මේ විදියට ගෙවුනා,
නින්ද නැතිව ඇස් රත් පැහැ ගැනුනා.

[කර්නෙයි චුකොව්ස්කි ගේ ‘ටෙලිපෝනය' නම් කෘතියේ සිංහල අනුවාදය වන ‘අපූරු කතා' කෘතියෙන් උපුටා ගැණුනි.]

කර්නෙයි චුකොව්ස්කි
පරිවර්තනය - ආනන්ද අබේසේකර / දැදිගම වී.රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


White is pale,
Pale as a cloud,
a cloud without water.

It is quiet
as quiet as a leaf
falling from an empty branch.

White is like a soul
without heart
or a paper with no words.

White is clean
as clean as a wintry lake
Or fresh snow
falling from the sky.

White is the blinding light
that leads you to nowhere.

White covers fear.
White.

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails