සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පො‍රොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක් සිනමා උළෙලේ දී තිරගත වීමට නියමිතයි.

2014, සැප්තැම්බර් 03 සිට 07 දක්වා සෑම දිනකම, කොළඹ 02, රීගල් සිනමා ශාලාවේ දී හා බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පෙ.ව. 10.00 ට, මෙම ජාත්‍යන්තර ගෞරවාදරයට පත් ළමා චිත්‍රපට පෙළ තිරගත කෙරෙනු ඇත.

2013 වසරේ මොන්ට්‍රියල් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ, ළමා ජූරි සම්මානය දිනාගත්, Clara and the secret out the Bears (2013), බර්ලින් ජාත්‍යන්තර සිනමා ‍උළෙලේ දී, Crystal Bear සම්මානය දිනාගත් ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක Avinash Arunගේ Killa (2014) වැනි ජාත්‍යන්තර සම්මානලාභී ළමා චිත්‍රපට, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී තිරගත වන මෙම ළමා චිත්‍රපට පෙළට ඇතුළත් වනු ඇත. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක Avinash Arun ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය චිත්‍රපටය ඉදිරිපත් කිරීම සඳහා කොළඹ සිනමා උළෙලට පැමිණෙයි.

ඔවුන්ගේ තාල විරහිත සංගීතය හේතුවෙන් ගමෙන් පළවා හරින ගායකයෙකු හා වාදකයෙකු ගැන කියැවෙන කතා පුවතක් අඩංගු අපූර්ව සහගත සජීවීකරණ (කාටුන්) චිත්‍රපටයක් වන Shilpa Ranade ගේ Goopi Gawaiya Bagha Bajaiya (2013) මෙන්ම අළුත් උපන් බිළිඳෙකුගේ වික්‍රමයන් ඇතුළත් ප්‍රංශ සජීවිකරණ චිත්‍රපටයක් වන Kirikou et les homes les femmes(2013) චිත්‍රපටය ද මෙම ළමා චිත්‍රපට මාලාවට අයත් ය.

සැප්තැම්බර් 3 – 7 දිනවලදී කොළඹ සිනමා උළෙල 2014 ට සහභාගී වී ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මෙම අපූර්ව සහගත චිත්‍රපට අත්දැකීම විඳගන්නා ලෙස කොළඹ සිනමා උළෙල ඔබට ඇරයුම් කර සිටී. මේ සඳහා නොමිලේ නිකුත් කරනු ලබන ප්‍රවේශපත්‍ර ජාතික චිත්‍රපට සංස්ථාවෙන් හෝ නිදහස් චතුරශ්‍රයේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ, කාමර අංක 12, පිහිටි කාර්යාලයෙන් ලබාගත හැක. කොළඹ සිනමා උළෙල 2014 දී තිරගත වන ළමා චිත්‍රපට හා අනෙකුත් චිත්‍රපට පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනිම සඳහා www.iffcolombo.com වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම ළමා චිත්‍රපට මාලාව වැඩි විස්තර සහිතව පහත දැක්වේ.

1. Comme Un Lion [Little Lion]





නිෂ්පාදිත රට- ප්‍රංශය
නිෂ්පාදිත වර්ෂය- 2012
ධාවන කාලය- විනාඩි 101
අධ්‍යක්ෂණය- Samuel Collardey

කථා සාරාංශය- පහළොස් වියැති මිත්‍රි, සෙනගල් ගම්මානයක පදිංචිකරුවෙකි. සම වයසේ අනෙකුත් සියළු පිරිමි දරුවන් මෙන් පාපන්දු ක්‍රීඩා කරන ඔහු Barca සහ Chelsea පාපන්දු කණ්ඩායම් ගැන සිහින මවයි. තේරීම් නිලධාරීන් විසින් ඔහුව ඉවත් කරන විට පවා ඔහු ගේ සිහිනය වනුයේ කෙදිනක හෝ ඔහුට අවස්ථාව ලැබෙන බවයි. නමුත් බලවත් යුරෝපීය පාපන්දු සමාජවල අවධානයට ලක්වීමට නම් යමෙක් විසින් ගෙවීමක් කළ යුතුය.

සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඔහුගේ පවුලට ණය වීමට සිදු වේ. එහෙත් පැරිසියේ දී සියල්ල බිඳ වැටේ. අතේ කිසිදු මුදලක් නැතිව, නැවත හැරී සිය ගමට යෑමේ දී විඳින්නට වන නින්දාව සිහිපත්වන මිත්‍රි ට තමා අතරමං වූ බවක් දැනේ. දිගු ගමනක් සඳහා අවශ්‍ය උපාය කෞෂල්‍යය ඔහු තුළින් මතු වන නමුත් ඔහුගේ පාපන්දු සිහිනය ඔහු සමඟ පෙරට යනු ඇත.

හිමි වූ සම්මාන/ගෞරව- හොඳම චිත්‍රපටය සඳහා Heike Hurst සම්මානය සඳහා නිර්දේශ වීම, Lumiere සම්මානය, ප්‍රංශය 2014


2. Clara Und das Geheimnis der Bären [CLARA AND THE SECRET OF THE BEARS]





නිෂ්පාදිත රට- ස්විට්සර්ලන්තය
නිෂ්පාදිත වර්ෂය- 2013
ධාවන කාලය- විනාඩි 90
අධ්‍යක්ෂණය- Tobias Ineichen

කථා සාරාංශය- දහතුන් වියැති ක්ලාරා සිය මව හා කුඩම්මා සමඟ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් හි කඳුකර ගොවිපලක ජීවත් වේ. ක්ලාරාගේ දැඩි සංවේදී බව හා සොබා දහම සමඟ තිබෙන්නා වූ දැඩි බැඳියාව හේතුවෙන් අන් අයට නොපෙනන හා නොදකින දේ ඇයට සංජානනය වේ. එක් දිනෙක තණ පිට්ටණියේ දී කුඩා වලහෙක් සොයා ගැනීමත් ඉන් අනතුරුව වසර 200 කට පෙර එම කඳුකර ගොවිපලේ විසූ සුසානා නමැති දැරිය මුණගැසීමත් සමඟ ක්‍ලාරාගේ ලෝකය උඩු යටිකුරු වේ. මෙම කඳුකර ගොවිපලට හා ඇගේ පවුලට ශාපයක් ඇති බවත් එයට මෙම කුඩා වලහා ගේ සම්බන්ධයක් ඇති බවත් ක්ලාරාට වැටහේ. ඇගේ දෙමාපියන් ඇයව විශ්වාස නොකරයි. ක්ලාරාට විශ්වාසය තැබිය හැකි වන්නේ අසල්වැසි ගමේ තරුණ මධ්‍යස්ථානයේ තාවකාලික පදිංචිකරුවකු වන 12 වියැති තෝමස් කෙරෙහි පමණි. අතීතයෙන් පැමිණි සුසානා හා වත්මනේ තෝමස් සමඟ එක්ව මිනිසා හා සොබාදහම අතර සමබරතාව ප්‍රතිෂ්ඨාපනය කරන්නට ක්ලාරා සමත් වේ.


3. Kirikou et les homes et les femmes [Kirikou and the Men and Women]





නිෂ්පාදිත රට- ප්‍රංශය
වර්ගය- සජීවීකරණ
නිෂ්පාදිත වර්ෂය- 2012
ධාවන කාලය- විනාඩි 88
අධ්‍යක්ෂණය- Michel Ocelot

කථා සාරාංශය- විශේෂ වීරයන්ගේ වික්‍රමයන්ගෙන් යුතු සජීවීකරණ චිත්‍රපටයක් නොවුව ද දඟකාර සහ වික්‍රමාන්විත Kirikou and the Men and Women සිත් වසඟ කරවන චිත්‍රපටය කි. Kirikou විසින් ධෛර්ය හා කෞෂල්‍යය පිළිබඳ සෙනගල් උපමා කතා 5 ක් පවසන අතර කුරුස යුද්ධ අතරතුර ස්වාභාවික හා අද්භූත විරුද්ධවාදින්ගෙන් ඔහුගේ ගම ආරක්ෂා කර දීම, Kirikou විසින් ප්‍රඥාවන්ත දෘෂ්ටාන්තයක් ලෙසින් ගසක සඟවාගත් වයස්ගත පුද්ගල‍යකු සිඟාලයකුගෙන් බේරා ගැනීම, සිය නිවස ගිනි තැබූ නපුරු මායාකාරයකු වෙතින් පළිගන්නා කාන්තාවක්, ජීවිත වෙනස් කරන Blue Monster මුදාගැනීම මෙම කතාවන්ට ඇතුළත් ය.


4. Goopy Gawaiya Bagha Bajaiya [The World of Goopi and Bagha]





නිෂ්පාදිත රට- ඉන්දියාව
වර්ගය- සජීවීකරණ (කාටුන්)
නිෂ්පාදිත වර්ෂය- 2013
ධාවන කාලය- විනාඩි 78
අධ්‍යක්ෂණය- ShilpaRanade

කථා සාරාංශය- ගෝපි නම් ගායකයාත් භාග්හා නම් ගායකයාත් ඔවුන්ගේ ගමෙන් පිටමං කරනුයේ ඔවුන්ගේ ප්‍රජාවට තවදුරටත් ඔවුන්ගේ තාල විරහිත සංගීතය උසුලාගත නොහැකි වීම හේතුවෙනි. ඔවුන් දෙදෙනා වනයට පිවිසෙනුයේ එහි සිට එක්ව සංගිතය වැයීමට අදහස් කරගනිමිනි. ඔවුන්ගේ සංගීතයෙන් උදම් වූ වනයේ වෙසෙන භූතයෙක් ඔවුන්ට වර 4 ක් ලබා දෙයි. ගෝපි සහ භාග්හා ඔවුන්ගේ සංගිතය අගයනු ලැබීමටත්, ඔවුන් ඉල්ලු විට ආහාර ලැබීමටත්, ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම වේලාවක ඕනෑම තැනක සංචාරය කිරීමේ හැකියාව ලැබීමටත් ඉල්ලා සිටියි. හතරවෙනි වරය අනාගතයේ විය හැකි හදිසි අවශ්‍යතාවයක් සඳහා ඉතිරි කර ගනී. ඔවුන් සරණ පතා Shundi රාජ්‍යයට පිවිසෙනුයේ එහි රජතුමා සිය නිවුන් සහෝදරයාගේ එනම් Shundi රජතුමාගේ ප්‍රහාරයට ලක්වීමට ආසන්න බවට අනතුරු ඇඟවීමක් ලැබී ඇති අවස්ථාවකය. ගෝපි සහ භාග්හා Shundi රජතුමාට උපකාර කරනුයේ සිය සංගීත කුසලතාවයේ බලය මගින් යුද්ධය වැළැක්වීමෙනි.


5. Killa | කිල්ලා [The Fort]



නිෂ්පාදිත රට- ඉන්දියාව
නිෂ්පාදිත වර්ෂය- 2014
ධාවන කාලය- විනාඩි 107
අධ්‍යක්ෂණය- AvinashaArun

කථා සාරාංශය- සිය පියාගේ මරණය හේතුවෙන් සංක්‍රමණය වන්නට සිදුවන්නා වූ නව ස්ථානයට අනුගතවීමට අපහසු වන 11 වියැති දරුවෙකු වටා මෙම චිත්‍රපටය ගෙතී ඇත.

හිමි වූ සම්මාන/ගෞරව- 64 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ළමා චිත්‍රපට සඳහා වන Generation Kplus අංශයේ Crystal සම්මානය.


6. Achtste Groepers Huilen Niet [Cool Kids Don’t Cry]





වර්ගය- ළමුන් සඳහා සජීවීකරණ ක්‍රියාදාම
නිෂ්පාදිත වර්ෂය- 2012
ධාවන කාලය- විනාඩි 96
අධ්‍යක්ෂණය- Dennis Bots

කථා සාරාංශය- Benelux ගේ ප්‍රසිද්ධ ළමා නවකතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයකි. ප්‍රාථමික පාසල් ශිෂ්‍යාවක් වන මුරණ්ඩු Akki සොකර් ක්‍රීඩා ලෝලිනියක් වන අතර අවශ්‍ය විට බලය පෑමට තරම් නිර්භය ය. ඇය බිය වනුයේ ආදරයට පමණි. Akki ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව සෙයාගැනීමත් සමඟම ඇයට ඇගේ ජීවිතය උදෙසා අරගල කිරීමට සිදුවේ. උසස් පාසලේ අග භාගයේ දී ඇගේ ජීවිතය ආදරයට නිරාවරණය වීම වැළැක්වීමට Akkiට නොහැකි වන අතර එය ඇයට ජීවිතට විඳීමට ධෛර්යය සපයයි.


7. වීනා වාදකයා [Fiddlesticks]



නිෂ්පාදිත රට- ජර්මනිය
වර්ගය- සජීවී ක්‍රියාදාම
නිෂ්පාදිත වර්ෂය- 2013
ධාවන කාලය- විනාඩි 82
අධ්‍යක්ෂණය- VeitHelmer

කථා සාරාංශය- "වීනාවාදකයා" කතා පුවත දිගහැරෙන යුරෝපයේ සාමාන්‍ය කුඩා නගරය අවිශේෂිත ප්‍රදේශයක් බැවින් එය සියළු ආකාරයේ වෙළෙඳපල පර්යේෂණ සඳහා නිරන්තරව යොදා ගැනෙයි. මෙහි විපාකය වනුයේ පදිංචිකරුවන්ගේ සාමාන්‍ය වයස අඩුකර තබාගැනීම සඳහා වයස්ගත පුද්ගලයන්ව සාත්තු නිවාසවලට යොමු කිරීමයි. නමුදු මෙම ළමුන් මෙම අධම ක්‍රියාදාමයට විරුද්ධ වන අතර මෙයට විරුද්ධව පියවර ගැනිමට තීරණය කරයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails