පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවඳින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලසෙයි වැඩ ඔබෙන් මෙලෙස

සර හා ගස ඔබ ඇති කල
විද හා විසිතුරු පත් පෙළ
සනහා ලන අප යදි රළ
ඔබ හා සම කොද ලොව තුළ

කැමැත් තෙන්ම දෙයි පැණි ඔබ
ගනිත් මගෙන් නෙක දුක් ලැබ
එහෙත් කිසිත් නැති ලෙස ලොබ
මහත් දෙඬුම් මගෙයි සුලබ

බොහෝ අයට උප දෙසකට
දො හෝ මෙලොව උපත් ඔබට
සහෝ දරව උපදින්නට
අහෝ මටත් ඇතොත් දැනට

[කුමරතුඟු කවි ගී]

කුමාරතුංග මුනිදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


පිනි බිඳිති ඇහැරිලා
මල් මත ම හිනැහිලා
සියපතක ගී ලියා
ගයමු අපි සැනසිලා..

සමනලුන් ඉගිලිලා
යන්නෙ කොහි කැළඹිළා
සුදු අහස කළු වෙලා
අඬනු ඇයි දුක වෙළා..

කඳු මුදුන් තැනිතලා
තුරුවදුලු සරසලා
ගුමු ගුමුව බිඟු ගුලා
දියවැල්ය ගල ගලා..

පවන් රැළ් විසිරිලා
තරු කිණිති නෙත් සළා
සඳ රැසේ වැතිරිලා
සා පැටවු නිදි නොලා..

හෙට උදේ පිපෙන මල්
හැඩ කරන අහස නිල්
නෙක පාට සුවඳ මල්
ලොව තනන පුංචි මල්..

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


පුරුක් තුන බැගින් ඇති දම්වැල් කෑලි පහක් කම්මල් කරු වෙත ගෙනා මිනිසෙක් ඒවා එකම දම්වැලක් ලෙස පාස්සා දෙන මෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා පුරුක් කීයක් කපා පෑස්සිය යුතුදැයි වැඩය ආරම්භ කිරීමට පෙර කම්මල් කරුවා මඳ වේලාවක් කල්පනා කළේය. පුරුක් හතරක් කපා නැවත් පෑස්සිය යුතු බව ඔහු තීරණය කළේය.

එහෙත් ඊට අඩු පුරුක් ගණනක් කපා පෑස්සීමෙන් එම වැඩය කළ හැකිය. ඒ කෙසේද?

[වයි පෙරෙල්මාන්ගේ 'ගණිත විනෝදය'ඈසුරිනි.]




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails