විලී ගියේ ගබඩා කාමරේට. විලීගේ අම්මයි තාත්තයි මී පවුලෙ අයට ගබඩා කාමරේට ඇතුලු වෙන්න පුළුවන් විදියට පුංචි ගුලක් හදලයි තිබුණෙ. හැබැයි විලී ගබඩා කාමරේට යන්න ඒ ගුල පාවිච්චි කලේ බොහොම කලාතුරකින්. මොකද එයාගේ පවුලෙ අය ඔක්කොමලා ඉන්නකොට ඒ ගුලෙන් පිට වෙන්න බොහෝ වේලාවක් ගත වෙන හින්දා හොඳහැටි කන්න බොන්න පුළුවන් වෙලාවේ පෝලිම් ගැහිලා කාලේ නාස්තිකරන්න විලී කැමති වුණේ නෑ.
ඒ නිසා විලී හිතුවා එයාටම කියලා ගුලක් හදා ගන්න. ඒක විලී ඇරෙන්න වෙන කවුරුවත්ම දැනගෙන හිටියෙ නෑ. ඒ ගුලෙන් පිට වුණාම ආයෙ මතු වුණෙ රාක්ක පේළියේ ඉහලම තට්ටුවෙන්.උඩ තට්ටුවේ තමයි හැමවෙලාවෙම රසම රස විස්කෝතු ගබඩා කරලා තිබුණේ. ඒ නිසා විලීට පුළුවන් උනා එයා ඉගෙන ගන්න ඕනේ කියලා තාත්ත කියපු හැම වෙලාවකම වාගේ රසම රස ක්‍රීම් කැකර් සහ චොකලට් තවරපු ඇඟිලි විස්කෝතු අතරට වෙලා බොහොම ප්‍රීතිමත් දහවල් කාලයන් ගණනාවක්ම ගත කරන්න.
අද නම් උඩ තට්ටුව පිරෙන්නම විස්කෝතු. එක එක ජාති.
"ගෙදර කට්ටිය සාප්පු සවාරි ගිහින් වගෙයි" විලී කිව්වා.
"අහා..මේකෙන් පුංචි කටක් කෑවොත් කොහොමද?" කස්ටර්ඩ් ක්‍රීම් තවරපු විස්කෝතු පැකට්ටුව දැකලා විලී කිව්වා.
"ඇයි..මේකෙනුත් ඩිංගක් කන්න ඕනෙ!" හුළං විස්කෝතු පෙටිටියක් උඩට පැන්න විලී කිව්වා.
විලීට දැන් හුඟක් සතුටුයි.
"පහළ තට්ටුත් විපරම් කරලා බලන්න ඕනෑ" ඔන්න විලී තීරණය කළා.
ඔන්න එහෙම හිතලා විලී ඊලඟ තට්ටුවට බහින්න සූදානම් වෙද්දිම වාගේ පය ලිස්සලා ගිහින් පහළම තට්ටුවට ඇදගෙන වැටුණා. ඒ තට්ටුවෙ පිරිලා තිබුණෙ මකුළු දැල් වලින් පිරිච්ච එක එක විදියේ ලේබල් අලවාපු හිස්ම හිස් බෝතල් ගොඩක් විතරයි.
"මදැයි මට වුණ වැඩක්" ඔන්න විලී කියා ගත්තා එයාටම. ආයෙත් රාක්කය උඩට නගින්න බැරි තරම් එයාට මහන්සියි වාගේ.
"පුස් කාපු විස්කෝතු, වැඩක් නෑ"
එහෙම කියාපු විලී ගබඩා කාමරේ දොර යටින් රිංගලා යන්න හිතා
ගත්තා. ඔන්න ඉතිං අහල පහළ පෙනෙන මානෙක කවුරුවත් නෑ. අමාරුවෙන් දොර අස්සෙන් බඩ ගා ගත්තු විලී රසම රස විස්කෝතු කුඩු හැම තැනම ඉහිරිලා තියෙනව දැක්ක.විස්කෝතු කැබලි ඉහිරුණු පාර දිගේ ඒවා රස බලමින් ඉදිරියටම ගිය විලී අන්තිමේදී නැවතුනේ ගෙදර සාලෙන්. තාත්තා ගෙ හාන්සි පුටුව යටත් හොඳ හැටි විස්කෝතු කැබලි විසිරිලා. විලීටත් කිසිම මහන්සියක් නැතුව වාගෙ විස්කෝතු කැබලි ඔක්කොම ඉක්මනින් කාල ඉවර කලා.
විලී කොච්චර කෑවද කියනවා නම් දරාගන්න බැරි තරම් නිදිමතක් එයාට දැනුනා. ඇස් පියවෙන්න පටන් ගත්තා ඉබේම.
එතකොටම විලී දැක්ක මුල්ලක තියල තිබුනු අපූරු සපත්තු කුට්ටමක්.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඊලඟට……….