Jan
05

සමහර නැව් ලොකුයි. සමහර නැව් කුඩායි. එක නැවක් බොහොම ලෙහෙසියෙන්ම පාරු තුනක් ඇදගෙන යනවා. තවත් නැවකට ගමන පවා අපහසුයි. ලස්සන වගේම අවලස්සන නැව් තිබෙනවා.
නැව් වල ඉරණම එකිනෙකට වෙනස්. වාසනාවත් නැව් ද අවාසනාවත් නැව්ද තිබේ. සමහර නැව් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
නැව් හරියට මිනිස්සු වගේ. එකිනෙකට වෙනස්. ඒ වගේම පුදුමාකාරයි.
විප්ලවයේ නැව
ලෙනින්ග්‍රාඩ් නගරයේ නේවා ගඟේ ලස්සන ඉවුරු තියෙනවා. ඒවා වල තියෙන ලෝකඩ හා කිරිගරුඞ සිහිවටන බොහොම ලස්සනයි. හිම කාලෙට වැහි පොද වෙනුවට, හිම පියලි වැටෙනකොට සිහිවටන සුදු රෙදි වලින් එතුවා වගේ පේනවා.
බොහොම වටිනා එක සිහිවටනයක් නේවා ගඟ මැද තියෙනවා. ඒ "අව්රෝරා" යුද්ධ නැවයි. නැව ගඟ හරහා ගිහිල්ලා හතුරෝ හිටිය හිම මාළිගාවට කාල තුවක්කු එල්ල කළා.
හිම මාළිගාව අල්ලා ගැණීමට දැනුම් දෙන වෙඩි තැබුවේ "අව්රෝරා" නැවයි. මේ නැව ලඟ හැමදාම බොහෝ මිනිස්සු රැස්වෙනවා. බොහෝ වේලාවක් ඔවුන් නැව දිහා බලනවා.
නේවා ගඟේ එහා ඉවුරේ හිම මාළිගයයි. දැන් එතැන කෞතුකාගාරයක්. මාලිගාව ඉදිරිපිට මෙහා ඉවුරේ "අව්රෝරා" නැවයි. එහි කාල තුවක්කු බිමට හරවා තියෙනවා.
දැන් මේ නැවේ අයිතිකාරයෝ ළමා යුද්ධ නැවියෝය.
අනුවාදය- දැදිගම වී රුද්‍රිගු