
අයිස්ක්‍රීම් කඳු උඩින් බලන් අර
අන්න බලන් සඳ පායනවා
කඳු මුදුනේ අර චෙරි ගෙඩි කන්නට
සූටික්කෝ අර පියඹනවා
ඉල්ල ඉල්ල අර අයිස්ක්‍රීම් තව
වලස් පැටවු හිම පොරකනවා
ඇස්කිමෝ සීයෙක් හැන්දක් අරගෙන
අයිස්ක්‍රීම් බෙද බෙද දෙනවා
අයිස්ක්‍රීම් හැදු ඉග්ලු ගෙවල් වල
ඇතුළේ ඇයි උණුසුම් සීයේ
මෙච්චර සීතල අයිස්ක්‍රීම් ඇයි
උෂ්ණයි කියන්නෙ ඇයි සීයේ
ඉග්ලු ගෙවල් වල අයිස් ගඩොල් බැඳි
බදාම අයිස් ද අපෙ සීයේ
මෙච්චර රස මේ අයිස්ක්‍රීම් වල
ඉතිහාසේ කොහෙන්දො සීයේ
රෝමය ගිනිගෙන වැටෙද්දි නීරෝ
අයිස්ක්‍රීම් කෑවලු ළමයෝ
චීන මාමලා ඊටත් කලිංලු
අයිස්ක්‍රීම් කෑවේ ළමයෝ
රාවණා සීයා හෝර්ටන් තැන්නෙදි
හිම කිරමක් කෑවා ළමයෝ
කියන්න හිතුණත් මම නෑ කියන්නේ
දන්නැති දේවල් හෙම ළමයෝ

කේ.කේ. සමන් කුමාර මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අන්න බලන් සඳ පායනවා
කඳු මුදුනේ අර චෙරි ගෙඩි කන්නට
සූටික්කෝ අර පියඹනවා
ඉල්ල ඉල්ල අර අයිස්ක්‍රීම් තව
වලස් පැටවු හිම පොරකනවා
ඇස්කිමෝ සීයෙක් හැන්දක් අරගෙන
අයිස්ක්‍රීම් බෙද බෙද දෙනවා

ඇතුළේ ඇයි උණුසුම් සීයේ
මෙච්චර සීතල අයිස්ක්‍රීම් ඇයි
උෂ්ණයි කියන්නෙ ඇයි සීයේ
ඉග්ලු ගෙවල් වල අයිස් ගඩොල් බැඳි
බදාම අයිස් ද අපෙ සීයේ
මෙච්චර රස මේ අයිස්ක්‍රීම් වල
ඉතිහාසේ කොහෙන්දො සීයේ

අයිස්ක්‍රීම් කෑවලු ළමයෝ
චීන මාමලා ඊටත් කලිංලු
අයිස්ක්‍රීම් කෑවේ ළමයෝ
රාවණා සීයා හෝර්ටන් තැන්නෙදි
හිම කිරමක් කෑවා ළමයෝ
කියන්න හිතුණත් මම නෑ කියන්නේ
දන්නැති දේවල් හෙම ළමයෝ

කේ.කේ. සමන් කුමාර මාමා