අහස් යානයක් අහසින් යනවා
කෝච්චියක් අර බිමින් දුවනවා
අහස් යානෙ පස්සෙන් දුම් යනවා
කෝච්චියේ මුදුනින් දුම් යනවා

රයිට් මාමලා හැදුව අහස් නැව
වළාකුළු මැදින් පියඹනවා

ජේම්ස් වොට් ගේ වාෂ්ප එන්ජිම
පීලි දෙකක් උඩ දිව යනවා

අහස් යානෙ දුම අහසට යනවා
කෝච්චියෙ දුමත් අහසට යනවා
හැම එකකම දුම් අහසට යනවා
දුම් දමනා දෙය පොළොවට එනවා

අහස් නැවත් යළි බිමටම එන්නේ
මුහුදේ යන නැව් ගොඩටම එන්නේ
කොහේ ගියත් අපි පොළොවට එන්නේ
දුම් විතරක් ඇයි අහසට යන්නේ

කේ.කේ. සමන් කුමාර
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails