මයික් ගේ අම්මා වැඩ ඇරිලා ගෙදර ආවා. ඒ ආ හැටියෙම ඈ පුදුමයෙන් ගල් ගැසුණා.

"මොන ඇන්නෑවකින්ද ඔයා ඔය බයිසිකලේ රෝදයක් කඩා ගත්තෙ?"

"ඒක ඉබේම කැඩුනා අම්මේ"

"එතකොට ඔය කමිසෙ ඉරුණේ?"

"ඒක ඉබේටම ඉරුණා අම්මේ?"

"එහෙනම් කොහෙද ඔයාගේ අනිත් සපත්තුව අතුරුදහන් වුණේ?"

"ඒක ඉබේම කොහෙදෝ නැතිවෙලා අම්මේ"

ඊට පස්සෙ අම්මා මෙහෙම කිවුවා.

"මේ බඩු ජාති මොන තරම් නම් බයංකාරද? මේ බයානක බඩු වලට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ!"
"ඒ කොහොමද?"

"ඒක හරි ලේසියි.ඒවා දන්නවා නම් ඉබේම කැඩෙන හැටි, ඉබේම ඉරෙන හැටි,ඉබේම නැතිවෙන හැටි අපි ඉඩදෙමු ඒවාට ආපහු තනඉයම හැදෙන්න. තනියම ආපහු මැහෙන්න. තනියම ආපහු නැතිවුනු තැනින් හොයා ගැනෙන්න. ඔයයි මායි දෙන්නා ඒවා එහෙම කරනකං බලාගෙන ඉඳිමු."

ඉරුණු කමිසය පිටින්,එක කකුලක සපත්තු නැතිව, මයික් තමන්ගේ කැඩුණු බයිසිකලය ලඟට වෙලා කල්පනා කරන්නට වුණා.

ලියා ඇන්දේ - යෙව්ගිනි පෙර්මියාක්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails