
බලන්න පුත හිරු
සක්වල තරණය කරමින්
පතුරයි අරුණලු
ගස් වඩන්න - මුල් ඇදෙන්න
මල් පිපෙන්න - ඵල දරන්න
බලන්න පුත හිරු
අනන්ත දුරු කතර සරා
දුරු කරලයි අඳුරු
වෙර වඩන්න - වර ලබන්න
සරු කරන්න - නිසරු පොළොව
බලන්න පුත හිරු
බසින්න යන හිරු
යළිත් නැඟෙන හිරු
බිම වැටෙන්න - යළි නැඟෙන්න
ඉගෙන ගන්න - යළි නැඟෙන්න
පුත බලන්න නැඟෙන හිරු
බලන්න පුත බසින හිරු
බැස නැඟ එන හිරු බලන්න
අවදිවන්න, අවදිවන්න පුතු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook