පිනි බිඳිති ඇහැරිලා
මල් මත ම හිනැහිලා
සියපතක ගී ලියා
ගයමු අපි සැනසිලා..

සමනලුන් ඉගිලිලා
යන්නෙ කොහි කැළඹිළා
සුදු අහස කළු වෙලා
අඬනු ඇයි දුක වෙළා..

කඳු මුදුන් තැනිතලා
තුරුවදුලු සරසලා
ගුමු ගුමුව බිඟු ගුලා
දියවැල්ය ගල ගලා..

පවන් රැළ් විසිරිලා
තරු කිණිති නෙත් සළා
සඳ රැසේ වැතිරිලා
සා පැටවු නිදි නොලා..

හෙට උදේ පිපෙන මල්
හැඩ කරන අහස නිල්
නෙක පාට සුවඳ මල්
ලොව තනන පුංචි මල්..

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails