පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවඳින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලසෙයි වැඩ ඔබෙන් මෙලෙස

සර හා ගස ඔබ ඇති කල
විද හා විසිතුරු පත් පෙළ
සනහා ලන අප යදි රළ
ඔබ හා සම කොද ලොව තුළ

කැමැත් තෙන්ම දෙයි පැණි ඔබ
ගනිත් මගෙන් නෙක දුක් ලැබ
එහෙත් කිසිත් නැති ලෙස ලොබ
මහත් දෙඬුම් මගෙයි සුලබ

බොහෝ අයට උප දෙසකට
දො හෝ මෙලොව උපත් ඔබට
සහෝ දරව උපදින්නට
අහෝ මටත් ඇතොත් දැනට

[කුමරතුඟු කවි ගී]

කුමාරතුංග මුනිදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails