කාලා පළතුරක්
පසට දැමුවොත් ඇටයක්
වැටුනු පසු වැස්සක්
හිමින් මතුවේ සිඟිති ගොබයක්
පස තුලට ඇදෙනා
ටිකිරි මුලකින් නා
රස අහර උරනා
ලපටි පැලයක් කෙමෙන් නැගෙනා
පැමිණි විට නිසි කල
වදුලේ පිපෙයි නෙක මල
ඒ හා වැඩෙන පල
පුරයි ලෝ වැසි සතුන්ගේ දොල
කැපුමට එන තමන්
දැව වැද්දන්ට කුළුනින්
''පොරෝ මිට'' සමගින්
සෙවණ දෙන සුදනෝ වෙතිද අන්
පස ජලය වාතය
සතුන් හා සෙසු ජීවය
පවතිනු උගහටය
ගසින් තොර නම් සොබා දිනිතිය
ගහකොල සම්පතකි
ලොවම රකිනා දෙවියෙකි
ඒ රැක්ම පිය සකී
ඔබම ඔබ දිවි රැක ගැනීමකි
[මහේෂ් ප්‍රසන්න රත්නායක. 7 වසර.
උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කරපු 'පුබුදු' සඟරාවෙන්.]
මහේෂ් ප්‍රසන්න රත්නායක
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook