6. තුන්වන පණ
එඬේරෙක් හරක් රළ දක්කා ගෙන කැළෑව මැදින් යන්නට ආයේය. ඒ රැළෙහි මහ මී ගොන්නුද අං දිග මී ගොන්නුද වූහ. පැටවු ඔවුන් සමග දිව ආහ.
මළ කිරිහාමි හරක් රළ දැක්කේය. හරකුන්ගේ කුරෙහි මහතද දිගද ඔහුට හොඳහැටි පෙනුණේය. හරක් රළ ළං වන විට කිරිහාමිට තමා මළ බව මතක නොවීය. වහා නැගිට දිව ගොස් හේ එඬේරාට බැණ වදින්නට විය. "පව් කාරයා, හරකුන් දක්කන්නෙ මළවුන්ගේ ඇඟ උඩින්ද? මෙහෙම පව් කළාම යන්නෙ කොයි ලෝකෙද?"
එඬේරා පුදුම විය.
"මළ කා ගේ ඇඟ උඩින්ද මා හරකුන් දැක්කුවේ?"
"මගේ ඇඟ උඩින්"
එඬේරාට මහ සිනාවක් පහළ විය.
"හා..හා..මේ කතා කරන්නේ මැරි-ලා"
"ඔව්... හිසත් පයත් එක සැටි සීතල වුණු දා මා මැරෙන බව දිවැස් ඇති අපේ හාමුදුරුවන් කීවා. අද වැස්සට තෙමී මගේ හිසත් පයත් එක සැටි සීතල වුණා. මා මලා...."
එඬේරාට මේ මරණය හොඳින් වැටහුණේය.
"ඉතින් ඒ ගිය පණ ගෙන්නීමට ගුරුකමක් කළේ නැද්ද...?"
"අනේ නෑ..."
"පණ ගෙන්නා ගන්නටද කැමැත්ත?"
"අනේ ඔව්. අනේ ඔව්. ඔබ ගුරුකමක් දන්නවා නම් කරන්න. පණ තිබෙන තාක් මම ඔබට මෙහෙ කරනවා"
"හා, ඒ ගුරුකම අමාරු එකක් නොවෙයි. මගේ හරකුනුත් එහෙම ඉඳල හිටලා මැරෙනවා. එවිට මා උන් ගේ පණ ගෙන්වන්නෙ මෙයින්..."
මෙසේ කියා එඳේරා තමා අතෙහි තුබූ කෙවිට පෑයේය.
කිරිහාමි ගුරුකම කරවා ගන්නට කැමති වීය. එඬේරා කිරිහාමි මුණින් බිම හොවා, කෙවිට ඔසවා මෙසේ කීයේය.
"හැබැයි, පණ එන විට ටිකක් රිදෙයි. ඊට බයක් ගන්නට එපා. හොඳටම පණ ආවාම මට කියන්නට ඕනෑ."
මෙසේ කියා එඬේරා හැකි තරම් වැරෙන් පහර හත අටක් දුන්නේය. කිරිහාමි මුලදී ඇඟ අඹරවමින් වේදනා ඉවසා ගත්තේය. කෙළවර ඉවසිලි නැතිව, "පණ ආවා...." යි මහ හඬ නගමින් නැගී දුවන්නට වීය.
"ඒක තමා මා කීවේ" යි එඬේරා ගසක් මුල හීඳගෙන හති අරින්නට වූයේය. වේදනාව මදක් අඩු වූ පසු කිරිහාමි එඬේරා ළඟට අවුත් වැඳ වැටී "අනේ ඔබට පින් සිදු වේවා. යාන්තම් ඒ වාරෙත් ගිය පණ ආවා. පණ ඇති තාක් මෙහෙ කරන්නට එන්නෙමි" යි කීය. හා...ඒක කෙසේ කරන්නට බැරිදැයි කියා, එඬේරා කිරි හාමි ගේ සිත සැනසුවේය. හේ අන්තිමයේ දී "ඉතින් අපි යමු ගෙදර" යි කියා කිරි හාමි කැඳවා ගෙන ගියේය.
එඬේර බිරින්දෑ කිරිහාමි දැක ඔහු ගේ පිට පුරා සිටි ලේ දැක, හිසේ අත් තබා ගෙන, "අනේ, මේ කුමක් වුණාද.." මේ කවුදැයි" ඇසු දෑය. "හා..හා..බයක් ගන්නට එපා. මේ ළමයා කැලෑව මැද්දේ මැරී උන්නා. මා ඉතින් ගුරු කමක් කැර ලා බොහොම අමාරුවෙන් යන්තම් ගිය පණ ගෙන්නුවා. ඒ ගුරුකමට මෙහෙම වෙනවා. ඉතින් මේ ටික වෙලාවත් ගිය පණ ආවා නරකද..?" එඬේරා මෙසේ කී කල බිරින්දෑ නොයෙක් ප්‍රශ්න අසන්නට වූයේ දෑය. "මැරුණේ කෙසේද? කළ ගුරුකම කිමෙක්ද" යන මේ ආදී ප්‍රශ්න වලට උත්තර දෙමින් කිරිහාමි තමාගේ සම්පූර්ණ ජීවිත කථාව කීයේය.
කථාව ඇසූ එඬේර බිරින්දෑට හිනායෙන් නම් ඉඩෙක් නැත. එහෙත් උන්දෑ ගෙයින් තෙල් ගෙනවුත් කිරිහාමිගේ පිටේ ගා, ඔහුට කන බොන දෑ දුන් දෑය. කිරිහාමි ඒ ගැන නොකැමැත්තක් නොදක්වා, ගෙයි පිළ උඩට වී හොඳටම නිදා ගත්තේය.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook