පරණ ගොවිපලක ජීවත් වුණ තාරා පවුලක තාර අම්මා, දවසක් බිත්තර රකිමින් හිටියා. එක ලස්සන උදෑසනක තාර බිත්තර දෙබෑ කරගෙන හුරතල් තාර පැටව් හයදෙනෙක් එළියට ආවා. ඒත් බිත්තර ගොඬේ තිබුණ එක ලොකු බිත්තරයක් විතරක් නොකැඞී තිබුණා. ඒ බිත්තරේ තවත් රකින්න නොසිතුව තාර අම්මා, බිත්තර ගොඩට එය කෙසේ පැමිණියාදැයි කල්පනා කරමින් පසුවෙද්දි, එක පාරටම බිත්තරේ කැඩිලා හිරවී හිටිය පුංචි සිරකරුවා එළියට ආවා.
”මම බිත්තර වැරදියටවත් ගණන් කෙරුවද....” තාරා අම්මා කනස්සල්ලෙන් සිතුවා. ඒත් ඒ ගැන කල්පනා කරන්නට පෙර, අන්තිමට කැඩුණු බිත්තරෙන් එළියට ආව, කහපාට පිහාටු වෙනුවට අළුපාට පිහාටු උරුමකරගත් පුංචි තාර පැටියා, අම්මා දිහා ඕනෑකමින් බලා සිටියා. තාර පැටව් ඉක්මණින් ලොකු වුණා. ඒත් තාර අම්මා රහසින් දුක් වුණා.
”මට හිතාගන්න බැහැ කොහොමද මේ වගේ අවලස්සන තාරාවෙක් මගේ දරුවෙක් වුණේ කියලා”.... තාරා අම්මා එයාටම කිය ගත්තා. කහ පැහැ තාරාවන් මෙන් හුරුබුහුටි නොවුණු අළු පැහැති තාරාවා, ආහාර වැඩිපුර ගත් නිසා සෙසු තාරාවන් අභිබවා වේගයෙන් වැඩුණා.
දවස් හිමින් ගත වෙනවාත් එක්කම අළු පැහැ තාරාවා වැඩියෙන් දුක් වුණා. ඔහුගේ සහෝදරයින් ඔහුව කිසිම සෙල්ලමකට එකතු නොකර ගත්තා පමණක් නොවේ, කිසිම හැඩක් නැති අසරණ තාරාවට ගොවිපළේ සියලුම ගොවි ගෙවිලියෝ ද හිණා වුණා.
වේදනාවෙන් තණිවුණ තාරාවා ව එයාගේ අම්මා සනසපු ආකාරයට, තාරාවගේ දුක තවත් වැඩි වුණා. ”අනේ අවලස්සන පුංචි තාර පැටියෝ.. ඇයි ඔයා මගේ අනෙක් දරුවන්ට වඩා වෙනස්”.... අම්මා තාර පැටියගෙන් ඇහුවා. ඉතින් දුක උහුලගන්න බැරි වුණ තාර පැටියා රෑට හොරෙන් හොරෙන් ඇඬුවා.
”කාටවත්ම මාව ඕනේ නෑ.... කවුරුත් මට ආදරේ නෑ.... හැමෝම මට විහිළු තහළු කරනවා.. ඇයි මම මගේ සහෝදරයින්ට වඩා වෙනස්..”.. තාර පැටියා ලතවෙමින් එයාගෙන්ම ප‍්‍රශ්න කළා.
දවසක් හිරු උදාවෙනවාත් එක්කම තාරා පැටියා හොරෙන් පැන ගොස්, පොකුණක් ළග නතර වෙලා, අනෙක් කුරුළු කිරිලියන්ගෙන් මේ විදිහට ඇහුවා....
”අනේ යාළුවනේ ඔයාලා දන්නවාද, මට වගේ අළුපාට පිහාටු තියෙන තාරාවෝ ගැන ? ”....
නැහැයි කියන්නට අවමානයෙන් හිස් සෙලවූ ඒ කුරුල්ලෝ.... ”අපි ඔයා වගේ අවලස්සන කිසිම කෙනෙක් දැකලා නෑ” යි තාරාවට කීවා.
ඒ කතාවෙන් හිත නොරිදවාගත් තාර පැටියා, දිගින් දිගටම විපරම් කරමින් පාත්තයෝ ජෝඩුවක් ඉන්න පොකුණක් ළගටවිත්, එකම ප්‍රශ්නය ආයෙමත් ඇහුවා....
කුරුල්ලන් දුන් පිළිතුරම තාරාවට දුන් පාත්තයෝ.... ”ඉතින් තවත් මොනවද ඔයාට දැනගන්න ඕනැ ? මෙහෙ ඉන්නෙ නැතුව යන දිහාවක යන්න ! තුවක්කු ගත්ත මිනිස්සු මේ හතර වටේටම ඉන්න නිසා මේ පැත්ත හරිම භයානකයි”.... තාරාවට කීවා....
ඒ කතාව ඇහුණට පස්සෙ ගොවිපළේ නොසිට හොරෙන් පැන ඒම ගැන තාරාවා කණගාටු වුණා. ඒත් විපරම් කරමින් ඉදිරියටම යෑම දිගටම සිදු කළ තාරාවා දවසක්, පිටිසර කාන්තාවකගේ කුඩා නිවසක් අසලට සේන්දු වුණා. පාර වැරදිලා ආපු පාත්තයෙක් යැයි සිතූ ඇස් පෙනීම දුර්වල ඒ කාන්තාව, තාරාවව අල්ලගෙන....
”මම මූව කූඩුවක දානවා. මම හිතන්නෙ මේ ගෑණු සතෙක්.. ඒක නිසා බිත්තර ගොඩක් දමාවි” යි, තමාටම කියා ගත්තා.
ඒත් තාරාවා එකම එක බිත්තරයක්වක් නොදමපු නිසා, කුකුළන් ඔහුව බය කරා....
”ඔයා බිත්තර දැම්මෙ නැතිනම් අර වයසක ගෑණුකෙනා ඔයාගෙ බෙල්ල මිරිකලා ඔයාව මරයි.. ඊටපස්සෙ මුට්ටියකට දමයි....”
ඒ කතාව ඇහිලා ආපු පූසා ”හී.. හී.... හී....” ගා හිනාවෙලා.... ”ගෑණුකෙනා ඔයාව ඉව්වොත් හොඳයි.. එතකොට මට පුළුවන් ඔයාගේ කටු හපන්න” යැයි තාරාවට කීවා.
ඒ කතාවට තාරාවා කොච්චර බය වුණාද කියනවනම්, එයාට තිබුණ බඩගින්නත් නැති වුණා. වයසක කාන්තාවත් තාරාවගේ අඩු වැඩිය සම්පූර්ණ කළේ.... ”බිත්තර දමන්න බැරිනම් අඩුම තරමේ ඉක්මණින් මහත් වෙන්න” යැයි කොඳුරමින්....
”අනේ ! අසරණ මම ! කවුරුත් මට ආදරේ නැති හැටියක්.... මම දැන් බයටම මැරෙනවා....” තාරාවට සිතුණා.
දවසක් රෑ, කූඩුවේ දොර අඩවල් කර තිබෙනවා දුටු තාරාවා ඉන් පැන බේරි ගියා. නැවතත් තනිවෙමින් යන්න පුළුවන් උපරිම දුරට ගිය තාරා පැටියට, තණ පඳුරු යායක් හම්බ වුණා.
”කාටවත්ම මාව ඕනෙ නැතිනම්, සදහටම මම මෙතැන හැංඟිලා ඉන්නවා....” තාරාවා එයාටම කියා ගත්තා. තනි වුණත් අලුත් නවාතැනේ කෑම බීම ඇති වෙන්න තිබුණ නිසා තාරාවට ටිකක් සන්තෝස හිතුණා.
දවසක් අරුණැල්ල වැටෙනකොට කහපාට හොටවල් සහ සිහින් බෙලි සහිත කුරුළු රෑනක්, දකුණ දිශාවට පියාඹා යන අයුරු දුටු තාරාවට.... ”අනේ ! දවසකටවත් මට එයාලා වගේ වෙන්න පුළුවන්නම්” යැයි, සිතුණා.
කෙමෙන් කෙමෙන් සීත ඍතුව පැමිණියා. ඒ නිසා තණ පඳුරු වැවී තිබුණ දිය සීරාව ගල් ගැහුණා. අසරණ තාරාවා හිම මැද්දෙම කෑම සොයාගෙන නවාතැන හැර දමා යන්න ගියා. ඒත් ආහාර සොයාගත නොහැකිව, සාගින්නෙන් බිම වැතිර සිටි තාර පැටියාව ගොවියෙක් සිය නිවසට රැගෙන ගියා.
”මම මූව ගෙදර අරන් යනවා.... පව් අසරණ සතා සීතලට ගල් ගැහිලා වගේ.... මගේ ළමයි මූව හොඳට බලාගනීවි” යි, ගෙදර යන ගමන් ගොවියට සිතුණා.
ගොවියගෙ අනුකම්පාව නිසා තද සීත සිසිරයේ, කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්නට තාරාවට හැකි වුණා.
ඒත් වසන්තය උදාවෙනකොට තාර පැටියා, සිතාගත නොහැකි තරම් සීඝ්‍රයෙන් වර්ධනය වී සිටි නිසා, ගොවියා ඔහුව පොකුණකට ගෙන ගොස් නිදහස් කෙරුවා. කාලාන්තරයකට පසු සිය ඡායාව ජලය තුළින් දුටු තාර පැටියා පුදුම වුණා.
”දෙයියනේ ! මම වෙනස් වෙලා තියෙන් තරම්.... මට මාවම අඳුනගන්න බෑනේ” .... තාර පැටියා එයාටම කියා ගත්තා.
එතකොටම හංස රෑනක් උතුරු දෙසින් පියාඹාවිත් පොකුණේ වැහුවා. හංසයින්ගේ හැඩරුව දැක තමාත් හංසයෙක් බව වහා වටහාගත් තාරාවා, ඔවුන් සමග සැණෙකින් මිතුදමින් බැඳුණා.
”අපිත් ඔයා වගේම හංසයෝ තමයි”.... හංස රංචුව ඔහුව ආදරෙන් පිළිගත්තා. ”කොහෙද ඔයා මෙච්චර දවසක් හැංඟිලා හිටියේ ?”
”ආ.... ඒක දිග කතාවක්”.... තවමත් මවිතයෙන් සිටි හංසයා පිළිතුරු දුන්නා.
”අර බලන්න.. අර බලන්න.. අර හංසයා තමා, හංස රංචුවේ ඉන්න ලස්සනම හංසයා”යි පැවසුවා.
ඒ වචන ඇහුණ හංසයාට ඇතිවුණේ දරාගත නොහැකි සතුටක් !
පරිවර්තනය: මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඉන්පසු කවදාවත් තනි නොවුණ හංසයා, දවසක් සිය මිතුරු හංසයින් හා ආඩම්බරෙන් දියේ පීනමින් සිටින විට, එතැනට පැමිණි ළමයින් පිරිසක්....