එකෝමත් එක දවසක මැඩියෙකුයි, කුකුල් පැටියෙකුයි, මීයෙකුයි, කූඹියෙකුයි, කුරුමිණියෙකුයි ගමනක් ගියා.
ඔහොම යන කොට යන කොට මේ අය පුංචි ඔයක් ළඟට ආවා.
"අපි නාමු" මැඩියා කීවා. කියලා පැන්නා වතුරට.
"අපි පීනන්න දන්නෙ නෑ!" කුකුල් පැටියයි, මීයයි, කූඹියයි, කුරුමිණියයි කීවා.
"අපි නාමු" මැඩියා කීවා. කියලා පැන්නා වතුරට.
"අපි පීනන්න දන්නෙ නෑ!" කුකුල් පැටියයි, මීයයි, කූඹියයි, කුරුමිණියයි කීවා.
"උඹලගෙන් ඇති වැඩේ මොකද්ද?" කියල මැඩියා බක බක බක ගාලා හිනාවෙන්න පටන් ගත්තා. ඌ කොතෙක් හිනාවුණාද කීවොත් වතුර් ගිලිලා නොමැරුණා විතරයි.
කුකුල් පැටියටයි, මීයටයි, කූඹියටයි, කුරුමිණියටයි බොහොම හිතට අමාරු වුණා. මේකට මොනවා කරන්නද කියලා උන් කල්පනා කළා. උන් හිතුවා, හිතුවා, හිතුවා. හිතලා උන් කළේ මෙයයි:
කුකුල් පැටියා ගිහිල්ල කොළයක් අරගෙන ආවා.
මීයා කොට්ටන් ලෙල්ලක් ගෙනාවා.
කූඹියා පිදුරු ගහක් ගෙනාවා.
කුරුමිණියා දිගනූල් පොටක් ගෙනාවා.
ඉතිං ඔක්කොම දෙනා එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. පිදුරු ගහ කොට්ටන් ලෙල්ල පතුලේ ඇලෙව්වා. කොළෙඔ පිදුරු ගහට තියලා නූලෙන් බැන්දා. විනාඩියෙන් පදින්න පුළුවන් යස පුංචි ඔරුවක් ඔවුන් හදා ගත්තා.

ලියා ඇන්දේ -වී. සුතේයෙව්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook