Nov
25
ඉරහාමී බයවෙලා
වලාකුලක ගුලි වෙලා
වලාකුලම බර වෙලා
වතුර බිංදු ඇහැරිලා
හුළඟ මෙන්න සැර වෙලා
ගහ කොළ වැල් අඹරලා
හමන සද්දෙ වැඩි වෙලා
කුරුළු රංචු හැංගිලා
වැහි පොද මහ වැහි වෙලා
මල් වල පෙති විසිරිලා
සමණල තටු දිය වෙලා
වතුර ගලයි බොර වෙලා
පුංචි පැටව් එක් වෙලා
කඩදහි ඔරු අලවලා
පා කරනවා හැඩ බලා
මූණෙ හිනා ඉතිරිලා
වලාකුලක ගුලි වෙලා
වලාකුලම බර වෙලා
වතුර බිංදු ඇහැරිලා
හුළඟ මෙන්න සැර වෙලා
ගහ කොළ වැල් අඹරලා
හමන සද්දෙ වැඩි වෙලා
කුරුළු රංචු හැංගිලා
වැහි පොද මහ වැහි වෙලා
මල් වල පෙති විසිරිලා
සමණල තටු දිය වෙලා
වතුර ගලයි බොර වෙලා
පුංචි පැටව් එක් වෙලා
කඩදහි ඔරු අලවලා
පා කරනවා හැඩ බලා
මූණෙ හිනා ඉතිරිලා
ලිව්වේ :වසිලිස්සා
චිත්‍ර ඇන්දේ : නම නොකියූ සුරංගනාවි මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook