
පිහාටුවල - පුංචි පුංචි
පුල්ලි තියෙන - සමනළයෝ
කහ පාටයි - නිල් පාටයි
බොහොම හැඩයි - සමනළයෝ
පියා ඹබා - මල් සොයන්න
යනවද පොඩි - සමනළයෝ
යාළු කමට - මල් මොකටද
මම නරකද - සමනළයෝ
මෙන්න මේක - රෝස මලක්
පැණි බීපන් - සමනළයෝ
පැණි බීලා - මගේ අතට
වරෙන් වරෙන් - සමනළයෝ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook