
පොඩි විමලා
හිස නමලා
කඳුළු සලා හඬන්නේ
කවි පාඩම්
පොත පාඩම්
ඇයි එහෙනම් හඬන්නේ
ගණන් පොතේ
වැරදි නැතේ
ඇයි එහෙනම් හඬන්නේ
වැට පැටලී
ගවුම ඉරී
කඳුළු පිරී හඬන්නේ
එයම මිසක්
වෙන ගවුමක්
නැති ළමයෙක් හඬන්නේ
එකතු වෙමූ
අපි සිතමූ
කාටද මෙය කියන්නේ
[අතුරු මිතුරු- ළමා කවි සංග්‍රහය- 1979]
 මොනිකා රුවන් පතිරණ
 මොනිකා රුවන් පතිරණමේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

 
 

