ඒත් කිසිම දෙයක් වුණේ නෑ. අනිත් අය ඔක්කොම එයාට හිනා වුනා විතරයි.
ඊට පස්සෙ දවසක් මාෂා කල්පනා කළා බිම අතුගාන්න ඕනෑ කියලා.
එයා කොච්චර හොඳට අතු ගෑවද කීවොත් අම්මාත් පුදුම වුණා.
"ඔයා හැබෑටම ලොකු ළමයෙක් වෙමින් ඉන්නව නොවැ."
ඊට පස්සෙ දවසක් මාෂා පිඟන් කෝප්ප ටික හේදුවා. ඒවා හැබෑවටම දිස්නය දෙන තරමටම එයා හෝදලා තිබුණා. ඊට පස්සෙ මාෂා ඒවා තෙත බිංදුවක් වත් නැති වෙන තරමට පිහ දැම්මා. ඒ වෙලාවේ නම් අම්මා විතරක් නෙමෙයි තාත්තාත් පුදුම වුණා. තාත්තා කොච්cඅර පුදුම වුණාද කියනවා නම් හැමෝටම ඇහෙන්න මෙන්න මෙහෙම කිව්වා.
"අපේ මාෂා මෙච්චර ලොකු වුණේ කොහොමද කියල අපි දැක්කෙත් නෑ නොවැ. එය බිම අතුගානවා විතරක් නෙවෙයි, ඒ තරමටම හොඳට පිඟක් කෝප්ප හෝදනවා නේ."
දැන් හැමෝම පුංචි මාෂාට කතා කරන්නෙ ලොකු දුව කියලා. මාෂාටත් හිතෙන්නෙ දැන් තමන් ලොකු ළමයෙක් කියලායි. ඒත් මාෂා තාමත් දාන්නෙ එයාගෙ පරණ පුංචි සපත්තුමයි. අඳින්නෙ පුංචි ගවුම් පොඩිමයි. ඒ වගේම කොණ්ඩ මොස්තර දාන්නෙත් නෑ, පබළු මාල දාන්නෙත් නෑ, ඔරලෝසුවක් බඳින්නෙත් නෑ.
පැහැදිලිව පේනවා මේ දේවල් නොවෙයි පුංචි අයව ලොකු කරන්නෙ කියලා.
ලිව්වේ - යෙව්ගිනි පෙර්මියාක්
ඇන්දේ -ගෙන් රික් වල්ක්