White is pale,
Pale as a cloud,
a cloud without water.

It is quiet
as quiet as a leaf
falling from an empty branch.

White is like a soul
without heart
or a paper with no words.

White is clean
as clean as a wintry lake
Or fresh snow
falling from the sky.

White is the blinding light
that leads you to nowhere.

White covers fear.
White.

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//

තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ….//

වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ….//

නිවාඩුවට ඇඳුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ….//

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//

දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//

ගායනය/තනුව: නන්දා මාලිනී

සිතුවම : Donald Zolan



පී.බී. අල්විස් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක් බිහිකළ හැකි ජාන පිටපත් කිරීම හෝ ක්‍රෝමසොමවල එවැනි කොටස් පිටපත් කිරීම යි. මේ ජාන පිටපත්කරණය මඟින් ජානමය වශයෙන් සම්පූර්ණයෙන් ම එකිනෙකාට සමාන සත්ත්වයින් බිහිකළ හැකියි. අනෙක් ක්‍රමය වන නිවුන්කරණය ("Twinning"), එනම් සංසේචනය වූ විගස යුක්තානුවක් බෙදා වෙන්කොට එක සමාන ජානමය ලක්ෂණ දරණ කළල වර්ධනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සමාන ජාන ලක්ෂණ දරණ දරුවන් බිහිවීමයි.

ලෝකයේ මුල්ම ජාන පිටපත වන්නේ ස්කොට් ජාතික විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1996 දී බිහිකළ ඩොලී නමැති බැටළු දෙනයි. ඉපදී වසර හයකට පසු මිය ගිය ඩොලී, අභ්‍යවකාශගත වූ ලයිකා බැල්ල තරම් ම, ඇතැම් විට ඊටත් වැඩියෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූවා.

ක්ෂීරපායී සතුන් ක්ලෝනීකරණය පිළිබඳ මෙසේ උදාහරණ බිහිවෙද්දී මිහිමත විශිෂ්ටම ක්ෂීරපායී සත්ත්වයා වන හෝමෝ සේපියන් සේපියන් හෙවත් මිනිසාගේ පිටපත් නිර්මාණය කිරීම ගැනත් අවධානය යොමුවෙලා. නමුත් මේ ගැන වාද විවාද බොහොම යි.



මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ළමයින්
රංචු ගැහී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ඔන්න එකමත් එක රටක ඉබි ගමක් තිබුණා. මේ ඉබි ගමේ ලොකු ගල් ඉබ්බෝ , පුංචි තාරකා ඉබ්බෝ වගේම කිරි ඉබ්බොත් හිටියා. දුර බැහැර ගියොත් ඒගොල්ලන්ට යන්න එන්න බොහොම කාලයක් ගත වෙන නිසා කෑම වතුර හැම දේම අහල පහල තිබුණ තැනක තමයි ඉබි පවුල් ගෙවල් හදා ගත්තෙ. මොකද ඉබි ගමන බොහොම හෙමින් හින්දා. ඒ ගම අයිනෙ තිබුණා ගැඹුරු ළිඳක්. වයසක ඉබි සීයලා ඒකට කිව්වෙ මන්තරකාර ළිඳ කියලා. ඒ ළිඳට ගිය ආය ආපහු එන්නෙ නැතිලු. ඒ නිසා ඒ පැත්තට යන එක කාටත් තහනම්.

හැම ගමක වගේම මේ ගමෙත් පුංචි ඉබි පැටවු බොහොම එකතුයි. යාළු මිතුරුකම් ගොඩයි. ඒ හින්දම දඟ වැඩත් බොහොමයි. ඉබ්බෙක් වුනාම සෑහෙන කාලයක් ඥානවන්තව ජීවත් වෙන්න ඕනෙ. අවුරුදු එකසිය පණහකටත් වැඩියෙන් ජීවත් වෙන අය හින්දා සෑහෙන්න දේවල් ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට තමයි ඉබි ඉස්කෝලෙ තියෙන්නෙ. ඉබි ඉස්කෝලෙ උගන්නන්නෙ අවුරුදු සීයක් විතර වයස ඉබි සීයලා. ඒගොල්ලො ඉබි පැටවුන්ට කෑම හොයා ගන්න හැටි, අනතුරක් අඳුර ගන්න හැටි, අනතුරකින් ගැලවෙන හැටි හෙමින් හෙමින් කියල දෙනවා.



ඉබි ඉස්කෝලෙ යන ඉබි ළමයි අතර හිටිය කුඩා ම ඉබි පැටියා තමයි ටෝටි. ටෝටි හිටපු ගමන් දඟ වැඩ කරනවා. උගන්නන වෙලාවට කටුව ඇතුළට වෙලා කල්පනා කරනවා. ප්‍රශ්නයක් ඇහුවම එක පාරම ඔළුව එළියට දාලා උත්තර දෙනවා. ඔන්න එතකොට අනෙක් ඉබි පැටවුන්ට හිනා යනවා. ඉබි ගුරුතුමා තරහෙන් පොඩි ඉබි කටු උඩට වේවැල් පාර දෙනවා. ඉබි කටු හයිය නිසා රිදෙන්නෙ නැති බව ගුරුතුමා දන්නවා.

ඉස්කෝලෙ ඇරුණම ඉබි පැටවු ගමේ ඇවිදින්න යනවා. ඒත් ඒගොල්ලො වැඩියෙන්ම කැමති රංචු ගැහිලා කතා කර කර තම තමන්ගෙ ඉබි කටු ඔප දමා ගන්න. කටුව තියෙන්නෙ පිට උඩ නිසා කෙනෙකුට තමන්ගෙම කටුව ඔප දමා ගන්න අමාරුයි. ඒ හින්දා කෙනෙක් තවත් කෙනෙකුගෙ කටුව ඔප දමනවා. ඒගොල්ලො කටු ඔප දමද්දි බලන් ඉන්න ලස්සනයි. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔන්න එක ඉබ්බෙකුගෙ පිට උඩ තව කෙනෙක්. එයාගෙ පිට උඩ තවත් කෙනෙක්. මේ විදිහට කටු ඔප දමාගෙන ඉර අව්වට දිළිසෙද්දි වැඩිපුරම දිළිසෙන ඉබි කටුව තෝරන්න ගත්තම මුළු හවස් වරුව ම ගෙවිලා යනවා. මේ හින්දා ඉබි ළමයි හිටියෙ බොහොම සමඟියෙන්.



දවසක් වෙනදා වගේම ඉස්කෝලෙ ඇරිලා ටෝටියි යාළු ඉබි පැටවු රංචුවයි ඇවිදින්න ගියා. මේ යන පාරේ යන්නෙ ඉබි ගමේ අය විතරක් නෙවෙයි. වෙන වෙන අයත් යනවා. පාරෙ හෙවණක නතර වුණ ඉබි පැටවු රෑන කටු ඔප දමන්නයි සෙල්ලම් කරන්නයි පටන් ගත්තා. එක්කෙනක් අනෙක් එක්කෙනාගේ පිට උඩ නැගගෙන පාර පුරා පෙරළි පෙරළි සෙල්ලම් කරනවා. ඔන්න දැන් රෑ බෝ වේගෙන එනවා. ඉර බෝලයක් වගේ ඈත කන්දෙන් නොපෙනී යන්න හදන කොට මී මැසි ගමේ නෑගම් ගිහින් වලස් හාමි කෙනෙක් ගෙදර යන්න පාර දිගේ එනවා. පාර පුරා ඉබි පැටවු පෙරළෙනවා.

වලස් හාමි උගුරෙ රැල් බුරුල් ඇරියා. ලොකු වලස්හාමිලා එකපාරට කතා කරන්නෙ නෑ. ආඩම්බර කමටයි ඉන්න කැමති. මේ බව නො දන්න ටෝටි වලස්හාමිගෙ කකුල් අතරිනුත් රිංගලා පෙරළුණා. වලස්හාමිට තරහා ගියා.



"කමකට නැති ගල් ඉබ්බො" වලස්හාමි හයියෙන් ගෙරෙව්වා. ඉබි පැටවු ගෙරවිල්ලට බයවෙන්නත් කලින්ම එයාගෙ ලොකු අත් දෙකෙන් ඉබි පැටවු ටික එකතු කර ගත්තා.

"ජොකොස්! ජොකොස්! ! ජොකොස්! ! !"

හිතා ගන්නත් කලින් ඉබි පැටවු හිටියේ කළුවර වතුරක. වැටුණු පාරට ටෝටි වතුර යටට ම ගියා. අන්දමන්ද වුණ ටෝටි ඇස් දෙක ලොකු කරලා කරකවලා වට පිට බලනවා. ටෝටි වගේම යාළුවොත් වැටුණ පාරට ඊතල වගේ වතුර විදගෙන යට යනවා. හොඳටම බය වුණ ටෝටි කකුල්වලින් වාරු අරන් අමාරුවෙන් වතුර උඩට ඇවිත් බලන කොට යි තෙරුණේ- වලස්හාමි තරහ ගිය පාර ඉබි ළමයි ටික මන්තරකාර ළිඳට අත් ඇරලා.
දැන් මොනවා කරන්නද?

"ටෝටි, උඹ හරිම පල් මෝඩයෙක්. මොන එකටද අර වලස් තඩියගෙ ඇඟේ පෙරළුණේ?" යාළුවෝ ටෝටිට බැණ වැදුණා.

"මම හිතුවෙ ඒ ලොම් තියෙන කන්දක් කියලයි" ටෝටි අහිංසක විදිහට කිව්වා.

"හපොයි උඹ වගේ මැටි ගුලියක්. උඹ ඉබ්බෙක් කියලා කියන්නත් ලැජ්ජයි. - ලොම් තියෙන කඳු තියෙන්නේ කොහේද?" යාළුවන් තරහෙන් පිපිරෙනවා දැකපු ටෝටි ළිඳේ කොණකට පීනලා ගිහින් තරු දිහා බලාගෙන කණගාටුවෙන් කල්පනා කරනවා.



ඔන්න එතකොට කවුදෝ ටෝටිගේ කකුලෙන් ඇද්දා.. ටිකක් ගැස්සුණ ටෝටි වටපිට බැලුවා. කවුරුවත් නෑ.. ආපහු තරු දිහා බලද්දි මෙන්න ආයෙත් කකුලෙන් අදිනවා.

"මම මේ ඉන්නෙ මන්තරකාර ළිඳේ. මේ නම් යකෙක් තමයි" බයවුණ ටෝටි කෑ ගහන්න කට ඇරියා.

"කෑ ගහන්න එපා පුංචි ඉබ්බො. මේ මම" ඔන්න ඒ පාර එතන ගෙම්බෙක් ඉඳගෙන ඉබ්බෙක් වගේ ඉබි බාසාවෙන් කතා කරනවා.

"අපොයි මම බය වුණ තරමක්- මේ ගෙඹිහාමි කෙනෙක් නෙ" ටෝටි දැනුමැත්තෙක් වගේ කියනවා.

"ඇත්තටම මම ගෙම්බෙක් වගේද?" ගෙඹිහාමි දුකෙන් අහනවා.

"මේ මොනව අහනවද? ගෙම්බෙක් ගෙම්බෙක් වගේ නොවී වෙන කවුරු වගේ වෙන්නද?" ටෝටි පුදුම වෙලා අහනවා.

"ඒ කියන්නෙ මම කැතම කැත සෙවල ගෑවුණ ගෙම්බෙක්?" ගෙඹිහාමි අඬන්න පටන් ගත්තා. හොඳටම කළබල වුණ ටෝටි මෙහෙම කියනවා.

"අපොයි ගෙඹිහාමි අඬන්න එපා. කවුද කිව්වෙ ගෙඹිහාමි කැතයි කියලා. ගෙඹිහාමිට තියෙන්නෙ හරිම ලස්සන කොළ පාටක්. බලාපන් ඔය හම- හඳ එළියට මැණිකක් වගේ දිළිසෙනවා." ටෝටි ඒ කිව්වෙ ඇත්තටමයි. ටෝටි කැමති වුනේ නෑ ගෙම්බෙක් වුනත් දුකෙන් ඉන්නවා බලන්න.

"මම ලස්සන නෑ. මම කැත ගෙම්බෙක්" ගෙඹිහාමි තවත් අඬනවා.

"අපොයි නෑ . ගෙඹිහාමි හරිම ලස්සනයි." ටෝටි ගෙඹිහාමිට කියනවා.

"මම දන්නවා මම කැතයි" ගෙඹිහාමි වැළපුණා.



"මේ බලාපන් ගෙඹිහාමි. කෙනෙකුට තමන්ගෙ ලස්සන පෙනෙන්නෙ නෑ. එය දකින්නෙ වෙන කෙනෙක්. ඔය දිළිසෙන ඇස් දෙකත් එක්ක ගෙඹිහාමි කොයි තරම් ලස්සනද?"

ටෝටි එහෙම කියන කොටම මන්තරකාර ළිඳ එළිය වුණා. ගෙඹිහාමි අතුරුදහන් වුණා. ඒ වෙනකොට එතන හිටියෙ වචනවලින් කියල ඉවර කරන්න බැරි තරම් ලස්සන සුරංගනාවියක්.

"නුඹට ස්තූතියි ආදරණීය ඉබි පැංචෝ. මම අවුරුදු දාහක් මේ ළිඳේ හිටියා. මම සුරංගනාවියක් වෙලා ඉන්න කොට මේ ළිඳේ වතුර බිව්වා. ඒකට තරහ ගිය මේ ළිඳට අරක් ගත් මන්තරකාරි මට සාපයක් කළා. ඒ සාපයෙන් මම ගෙම්බෙක් වුණා. පණ තියෙන කෙනෙකු ඇවිත් ඒ ගෙඹි රූපෙ ලස්සනයි කියල තුන් පාරක් කිව්වොත් මට ඒ සාපයෙන් ගැලවෙන්න පුලුවන් කිව්වා. ඒ වගේ කැත ගෙම්බෙකුට ලස්සනයි කියන්න තරම් ලස්සන හදවතක් තියෙන කෙනෙක් මේ ලෝකෙ නෙවෙයි මම ඉන්න සුරංගනා ලෝකෙවත් ඉන්නවා කියලා මම හිතුවෙ නෑ. නුඹ මට කළේ සුරංගනාවියක්වත් නොකරන උදව්වක්."

ගෙඹිහාමි වෙලා හිටිය සුරංගනාවි ගීතයක් වගේ ලස්සන කටහඬකින් කිව්වා.



"මේ කළ උපකාරයට මම නුඹට වරයක් දෙන්න කැමතියි. නුඹ කැමති දෙයක් ඉල්ලපන්."

ටෝටි හොඳටම කලබල වෙලා. ගෙම්බෙක් ඇස් ඉදිරිපිට සුරංගනාවියක් උනාම ඉබි පැටියෙක් කලබල නොවී කොහොමද? ටෝටිගෙ යාළු ඉබි පැටවු දැන් ටෝටිගෙ වටේ බලන් ඉන්නවා.

ටෝටි කල්පනා කරනවා.

"හරි." ටෝටි කිව්වා.

" අපි, ඉබ්බෝ හැමෝම කන්නෙ, බොන්නෙ, ඇවිදින්නෙ, වැඩකරන්නෙ හෙමිහිට. මට ඕනෙ හැම දේම වේගයෙන් කරන්න වරයක්"
සුරංගනාවි හිනාවුණා.

"හරි ටෝටි. නුඹට එය ලැබෙයි. මම තව තෑග්ගක් නුඹලාට දෙනවා. ඒ තමයි නුඹලා හැමෝම මේ ළිඳෙන් ගොඩට ගෙනියන එක. මහ රෑට මන්තරකාරි මේ ළිඳට එනවා. ඒ එනකොට නුඹලා හිටියොත් ඇය නුඹලාව කා දමාවි."

ඉබි පැටවු ටික ළිඳෙන් ගොඩට ගෙනාපු සුරංගනාවි සමු අරගෙන තරු අතරට අතුරුදහන් වුණා. ටෝටිට කිසිම ඉබ්බෙකුට කවදාවත් හිතන්නවත් බැරි තරම් වේගයෙක් වැඩ කරන්න පුලුවන් වුණා. ඒ හැකියාවෙන් ඉබි ගමේ හැමෝටම උදව් කරමින් ටෝටි අවුරුදු එකසිය පණහකටත් වඩා කල් සන්තෝසෙන් ජීවත් වුණා.


[චිත්‍ර : අන්තර්ජාලයෙන්]

~ඉවරයි.~

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails