Jul
20

අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!
කුරුලෙකු වෙමි මම මොහොතක ඉඳහිට
නිල් අහසට පැන ගයමින් පියඹන
ගුවන් නියමුවෙක් වෙමි මම මොහොතක
අහස් තොටුපළට මග සොයමින් යන
හමන සුළං රැලි හැන්දෑ වරුවල
අඹ තුරු පත් වෙත රහස් කියන කොට
අහසෙන් මතුවෙයි පොඩි නිල් තරු කැට
අඟහරු වෙත යන ගගනගාමියෙක් වෙමි මම එතකොට
අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!
[-කැරිබියන් සුළඟ කවි පොතෙන්.]


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook