මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//
තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ….//
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ….//
නිවාඩුවට ඇඳුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ….//
මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//
දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//
ගායනය/තනුව: නන්දා මාලිනී
සිතුවම : Donald Zolan
පී.බී. අල්විස් පෙරේරා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක් බිහිකළ හැකි ජාන පිටපත් කිරීම හෝ ක්‍රෝමසොමවල එවැනි කොටස් පිටපත් කිරීම යි. මේ ජාන පිටපත්කරණය මඟින් ජානමය වශයෙන් සම්පූර්ණයෙන් ම එකිනෙකාට සමාන සත්ත්වයින් බිහිකළ හැකියි. අනෙක් ක්‍රමය වන නිවුන්කරණය ("Twinning"), එනම් සංසේචනය වූ විගස යුක්තානුවක් බෙදා වෙන්කොට එක සමාන ජානමය ලක්ෂණ දරණ කළල වර්ධනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සමාන ජාන ලක්ෂණ දරණ දරුවන් බිහිවීමයි.
ලෝකයේ මුල්ම ජාන පිටපත වන්නේ ස්කොට් ජාතික විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1996 දී බිහිකළ ඩොලී නමැති බැටළු දෙනයි. ඉපදී වසර හයකට පසු මිය ගිය ඩොලී, අභ්‍යවකාශගත වූ ලයිකා බැල්ල තරම් ම, ඇතැම් විට ඊටත් වැඩියෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූවා.
ක්ෂීරපායී සතුන් ක්ලෝනීකරණය පිළිබඳ මෙසේ උදාහරණ බිහිවෙද්දී මිහිමත විශිෂ්ටම ක්ෂීරපායී සත්ත්වයා වන හෝමෝ සේපියන් සේපියන් හෙවත් මිනිසාගේ පිටපත් නිර්මාණය කිරීම ගැනත් අවධානය යොමුවෙලා. නමුත් මේ ගැන වාද විවාද බොහොම යි.
මාලතී
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ළමයින්
රංචු ගැහී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…
තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?
එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…
මහගම සේකර
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|