
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
වැහිලිහිණියෝ රැල් බැඳලා
පිණුම් ගසති උඩ පැනලා
වැහි කුමරිගෙ හිනා කටයි
වැහි බිඳු අතු රිකිලි නටයි
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
සිංදුව අහන්න
මියැසිය- අමරදේව
ගායනය- අමරදේව ඇතුලු පිරිස
 ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
 ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහමේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

 
 

