හොයි හොයි…...// හෝයි/// හෝයියා

හොයිය මලේ හෝයියා
හොයි ඇඳපන් හෝයියා
ගොඩ ගන්නට හෝයියා
හෝයියා .. හෝයියා ..
හෝයියා ..හෝයියා //

කොළඹ යනවා මාලු
ඔහෙ ඇදපන් යාලු
මඩියත් තද වීලු
බරටම දැණුනීලු

අර පනිනව මාලු
දැල මත නැත පාලු
යවතැකි තව ගාලු
හොයි ඇදපන් යාලු

හුරුල්ලො කටුවල්ලෝ
තොණ්ඩයො කාරල්ලෝ
බොල්ලෝ කාරල්ලෝ
ඉන්නව ලොකු දැල්ලෝ

පුලුන්නො පන්නාවෝ
කලන්දො කට්ටාවෝ
මරන්දො අයිරාවෝ
නගරයො පොර කෑවෝ

පුල්ලි අන්ජිලාවෝ
මඩුවො කුම්බලාවෝ
මරලු වෙංගනාවෝ
මේ හැම ගොඩ ආවෝ

හොයි/ හොයි// හෝයියා
හෝයියා/හෝයියා // හෝයියා

(ධීවර ගීතයක්)
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
මහ පුදුමෙකි - මලෙක මලකි
නැහැ එහි සකි - සමනළයෙ කි

කුමාරතුංග මුනිදාස
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

මී මැස්සා - එහි බැස්සා
මල උස්සා - බල ගස්සා

ගොඩ ඉතා - ලොකු සතා
බලවතා - දළ ඇතා

ලොල් වඩමු - මල් කඩමු
වැල් ගොතමු - බෙල්ලෙ ලමු

ගස වතුසුදු - වී පිරිසිදු
පොහොය නැත දු - සිල්ගත් බඳු

ගස අග නා - අර රඳ නා
මලට ම නා - බොහොම හි නා

-
කුමාරතුංග මුනිදාස-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

මහලු අයට සරදම් නො කරන්නේ
විහිළු කමට ගල් මුල් නො ගසන්නේ
යහළු කමට ඔලගුව නා ඳින්නේ
මහලු අයට කරුණා කර පන්නේ

දුප්පත් නෑයන් සළකා පන්නේ
පරඬැල් විලසින් එම නො සිතන්නේ
සරදම් කරමින් දුරු නො සිතන්නේ
හිඟ මඟ බලමින් සනසා පන්නේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

මල් විසිරීලා වගේ
තාරකා පිරී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා

ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : කීර්ති පැස්කුවල් සහ ළමා පිරිසක්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails