මලක් නෙලාගෙනවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන්
මේ මල මම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන්
නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ
ගිය ඉරිදා ඉස්කෝලෙ එන්න බැරි උනේ
ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ
මා දැක හිනැහෙන්නේ
අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙලාගත්තෙ මේ මල නංගිගෙ මල් ගසකින්
නංගිගෙ මල් ගසකින්
දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනවි ළමයිනේ //
ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : පේෂලා මෙන්ඩිස්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි //
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ගී පද : එස් මහින්ද හිමි
ගීත මියැසිය : රෝහණ වීරසිංහ
ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //
මල් විසිරීලා වගේ
තාරකා පිරී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා
ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : කීර්ති පැස්කුවල් සහ ළමා පිරිසක්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook