මී මැස්සා - එහි බැස්සා
මල උස්සා - බල ගස්සා

ගොඩ ඉතා - ලොකු සතා
බලවතා - දළ ඇතා

ලොල් වඩමු - මල් කඩමු
වැල් ගොතමු - බෙල්ලෙ ලමු

ගස වතුසුදු - වී පිරිසිදු
පොහොය නැත දු - සිල්ගත් බඳු

ගස අග නා - අර රඳ නා
මලට ම නා - බොහොම හි නා

-
කුමාරතුංග මුනිදාස-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

මහලු අයට සරදම් නො කරන්නේ
විහිළු කමට ගල් මුල් නො ගසන්නේ
යහළු කමට ඔලගුව නා ඳින්නේ
මහලු අයට කරුණා කර පන්නේ

දුප්පත් නෑයන් සළකා පන්නේ
පරඬැල් විලසින් එම නො සිතන්නේ
සරදම් කරමින් දුරු නො සිතන්නේ
හිඟ මඟ බලමින් සනසා පන්නේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

මල් විසිරීලා වගේ
තාරකා පිරී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා


ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : කීර්ති පැස්කුවල් සහ ළමා පිරිසක්


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
බීරි අලියා

බිහිරිව අලියා ඇත්ගාලේ
වැනි වැනි හිටියා ගමරාළේ
මිහිරට වයනා වීණාවේ
තාලෙට මතු වෙයි ගී රාවේ

මහ ලොකු කන්දෙක නොම සැලුවා
හොඬ හකුළා කිතුලක් තැලුවා
වෙණ වෙණ හඬ තව තව නැඟුවා
අලියා හට ගානක් නැතුවා

වාදකයා වීණා ගානා
වන වන ඔළුවක් ඉඟි පානා
අලියා ඉන් කලබල නූනා
ලේනෙකු හිඳ ටිං ටිං ගානා

වීණා තත් බිඳිනා හඬ රසයක් නැති සැටි යා
අලියා කට බලියා ගෙන ඔහේ බලා සිටි යා

"මල් පෙරහැර"
-ළමා ගී-
සුනිල් සරත් පෙරේරා මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post

ඔන්න ඉතින් දවසෙ වැඩ ඉවර කරලා අම්මා ගෙදර ආවා. හෙන්රි ත් ගෙදර ආවා. ජෙනි ත් ගෙදර ආවා. තාත්තාගේ සපත්තු උණුසුම් වෙන්නට කියලා අම්මා ඒවා ගිනි උඳුනට ලං කලා.

හුඟ වෙලාවක් බසයක් එනතුරු බලා හිටපු තාත්තාත් ඔන්න ගෙදර ආවා. ආ හැටියෙම තාත්තා දැක්කා ගිනි උඳුන ළඟ උණුසුම් වෙමින් තිබුනු එයාගෙ සපත්තු. ඉතින් සපත්තු දමා ගන්නයි දැන් තාත්තාගේ සූදානම. ගිනි උඳුන ළඟට ගිහින් තාත්තා දකුණු සපත්තුව දමා ගත්තා කිසි කරදරයක් නැතුවම. ඊළඟට වම් සපත්තුව. දමනවා දමනවා...ම්හු...ඇතුලට යන්නෙම නැහැ. කොතෙක් දැඟලුවත් සපත්තුව දමන්නම බෑ.


ඔන්න ඒ අතරේ අපේ පුංචි විලී හීනයක් දැක්කා. මොකද්ද දන්නවද ඒ හීනය? මහ විසාල හිපපොටේමසයෙක් විලීගේ ඇඟ උඩ ඉඳගෙන ඉන්නවා. හිපපොටේමසයාගේ බර කොච්චරද කියනවා නම් පුංචි විලී තක්කාලි ගෙඩියක් වගේ තැලීගෙන තැලීගෙන යන්න පටන් ගත්තා... බයවුණු පුංචි විලී එක පාරටම අවදි වෙලා තාත්තාගේ මාපටැඟිල්ල හපා කෑවා.

"ඌ...ඌ...යී!" තාත්තා කෑ ගැහුවා. සපත්තුව පැත්තකට විසි වුනා. එක කකුලකින් පැන පැන ගිය තාත්තා පුටු සැටියේ ඉඳගත්තා.

"හෙන්රි, ආයෙත් හෙම ඔය විසේකාර මීපැටියව එළියට දමලා තිබුනොත් මං හොඳ වැඩක් කරනවා ඔන්න... එහෙම වුනොත් තව දුරටත් ඌ මෙහෙ තියාගන්නෙ නැහැ. තේරුනාද?" තාත්ත තරහෙන් කිව්වා.

"ඒත් තාත්තේ...." බිම බලාගෙන හෙන්රි කිව්වා.

ඒ අතරෙ පණ බේරගත්තු විලී මී ගුලෙන් රිංගලා ආපහු එයාගෙ ගෙදර ගියා.

"කොහෙද හිටියෙ මෙච්චර වෙලා?" විලීගේ අම්මා ඇහුවා.

"එකතු කිරීම එක ගණනක් වත් හදලා නැහැ" විලීගේ තාත්තා පැමිණිලි කළා.

"මොකක්?" පුරුදු විදියටම විලී ඇහුවා.

"එකතු කිරීම... එතකු කිරීම" විලීගේ අම්මා ඔන්න ආයෙමත් විලීට මතක් කලා.

ඊළඟට.......
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails