
There’s nothing wrong with being small
It could be fun and scary
Sometimes being small is very scary.
Walking through big people with big arms and deep voices,
Growing time by time,
thinking you have a bad sickness that makes you large.
First time feeling the coldness of air,
Gazing at the clouds while singing the ABCs
Being helpless to other people who are hurt
because you don’t know what to do.
Meeting problems you don't know how to solve.
Getting some pain for once, being bullied,
Being teased like a banana being squashed,
or a pear left there to rotten
and falling down in a hole of sadness
You see being small is hard,
But it is not bad,
Cause you never know what you will see,
that you never would have seen if you were big.
[Painting By : Donald Zolan]
සිඳුසර මුණසිංහ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

එකෝමත් එක කාලෙක හංචවි කෝරළයේ අභිරහස් ගමක කාන්තාවක් සැඟවී වාසය කලා. එක්තරා ගමක පුංචි දැරියක් වූ කුවෝ හැර අන් කිසිවෙක් ඒ කාන්තාව දැක නෑ.
කුවෝට අවුරුදු නවය වෙනකොට ඇගේ අම්මා මියගියා. ඇය මියගියේ කුවෝ සහ ඇගේ හතර හැවිරිදි මල්ලී ද තනිකර දමාය. තාත්තා නැවත විවාහයක් කරගත්තා. අලුත් කුඩම්මා හරිම නපුරුයි. ඇය සිතුවේ මේ දරුවන් දෙදෙනා කවන්නට පොවන්නට ඇති අමතර කටවල් දෙකක් ලෙසය. හේතුව, ඔවුන් ඇගේ දරුවන් නොවීමයි.
එක් සීත වැසි දවසක කුඩම්මා කුවෝට මෙහෙම නියමයක් කළා.
"ගිහින් තණකොළ ටිකක් අරන් වරෙන්. උඹට මල්ල පුරෝගෙන එන්න බැරිනම් ගෙදර ඇවිත් වැඩක් නැහැ. රෑට කන්න ලැබෙන්නේ නෑ. තේරුණාද?"
දැරිය උදෑසනින් හිස් මල්ලත්, හිස් බඩත් උස්සාගෙන ගෙදරින් පිටත් වුණා. ඈ තණ පිට්ටනියේ සිට කෙත් වතු ද ගංතෙර සිට කඳු මුදුන් ද පීර පීරා උදේ පටන් හවස් වන තුරුම ඇවිද්දා. ඒත් තණ කැබෙල්ලක් වත් සොයා ගන්නට බැරි වුණා. කුසගින්න සහ සීතල උහුලන්න බැරිතරම්. ඒත් කුඩම්මාට මුහුණ දෙන්නට ආපසු ගෙදර යන්නට ඈ බය වුණා. ගලක් උඩ වාඩි වූ ඈ වෙහෙස මහන්සිය නිසා ගිමන් ඇරියා. ඇගේ දෙකම්මුල් දිගේ කඳුළු බිඳු කඩා වැටුණා. පුංචි හිතේ නොයෙක් සිතුවිලි පහල වුණා. සීතලේම මැරිලා යනව නම් සියලු කරදර ඉවරයි කියල ඇයට හිතුණා.
උණුසුම් හිරු එළිය ඇති ජූනි මාසයේදී ගස්වල මල් ලස්සනට පිපෙනවා. ඇයට සිහිපත් වුණා. කුරුල්ලන් කීචි බීචි ගාලා සිංදු කියනවා. ඈ පිල අද්දර මල්ලිත් එකා සෙල්ලම් කරනවා. ඇගේ අම්මා සිනා සිසී අලුතින් කැපූ තණකොළ මල්ලක් ගෙන එනවා. ඈ ළඟට එමින් "නිදාගන්න යන්න එපා. බැටළුවන්ට කන්න දෙන්න ඕනේ..." කියලා කුවෝට කියනවා. මේවා මතක් වෙනකොට ඇයට මහ දුකක් දැනෙනනවා.
"අර සැඟවුණු ගුහාවේ හුඟක් තණකොළ තියෙනවා" එකපාරටම කාගේදෝ කටහඬක් ඇයට ඇසුණා.
ඒ හඬ ආපහු කුවෝට ඇහුනා.
"අර සැඟවුණු ගුහාවේ හුඟක් තණකොළ තියෙනවා."
සුදු වළලු කරක් ඇති කුරුල්ලකු අළු පැහැති අහසට කෙලින් පියාඹනවා ඈ දුටුවා. හඬ පිට වුණේ කුරුල්ලගෙන් කියලා ඇයට හිතුනා. ඌ ඇයට මග පෙන්වනව කියලා ඇයට දැනුනා. ඈ ඉබේම් උගේ පසු පස ගියා. වංගු කීපයක් පසු කළාම කුරුල්ලා අතුරුදන් වුණා. තමා අතරමං වුණයි කියලා පුංචි කුවෝ තැති ගත්තා. කුරුල්ලාට කතා කරන්න පුළුවන්ද? මේක නිකං හීනයක්ද? මෙහෙම හිතමින් ඉස්සරහට යනකොට ඇයට ලොකු පයින් ගහක් හමුවුණා. ඒ ගසෙන් පාර ඇහිරිලයි තිබුණේ. ඒ ගහ ඒ තරමට විශාලයි. හිරු එළියක් වත් බිමට වැටුණේ නෑ. ඈ ගස ළඟ නතර වුණා. ගහ ළඟ කඳු පාමුල ලොකු ගුහාවක් තිබුණා. මොහොතක් ඈ ඒ දෙස බලා සිටියා. හදිසියේම අවට නිහඬතාව බිඳිම්න් ගලා යන දිය පහරක හඬ ඈට ඇසුණා. ඇයට සිහිය ආවා වගේ දැනුණා. කුවෝ හෙමිහිට ගුහාවට ළං වුණා. ඇතුලට යන්න පුළුවනි. ඈ අඩිය තැබුවා. ගුහාව ඇතුලේ තෙතමනය සහ උණුසුම ද දැනුනා. ගුහාවේ සිට ගලන කුඩා ඔය පාරට නැමිලා දිය දෝතක් අරන් බිවුවා. එය හරිම රසයි. ඔය අද්දර හොඳට තණකොල වැවිලා තිබුණා. ඈ නැමි නැමී තණ කොළ කප කපා මල්ලට දමාගෙන ඉදිරියට ගියා. ටිකින් ටික ඉස්සරහට යනකොට ඔය අද්දර මල් පිපී තිබුණා.
තණකොළ වලින් මල්ල පිරෙන කොට ඈ ගුහාව කෙළවරට ඇවිත් සිටියා. සුදු ඇඳුමෙන් සැරසුණු ලස්සන කාන්තාවක් ඇය ඉදිරියට ආවා. කුවෝ ළඟට ආ ඈ "බය වෙන්න එපා මගේ පුංචි යාළුවා, ඔයාට මහන්සි පාටයි. ඔයා කැමතිද අපිත් එක්ක ටික දවසක් ඉන්න?" කියලා ඇහුවා. කුවෝ හිස වනා ඊට කැමති වුණා.
ගුහාව කෙළවර ඇත්තේ තැනිතලා බිමක්. ඈ විමසිල්ලෙන් වටපිට බැලුවා. කඳු බෑවුමේ සුන්දර පරිසරයක සුදු උළු සෙවිලි කල සුදුපාට ගෙවල් ඈ දුටුවා. ඒ ගෙවල් ඉදිරිපිට තද නිල් කොළ වලින් පිරුණු මිටි ගස් පෙළක් තිබුණා. සුදු ඇඳුමෙන් සැරසුණු තරුණ ගැහැණු ළමයි සිංදු කිය කියා ඒ කොල කැඩුවා. කුවෝට හරිම සතුටක් දැනුනා. ඇගේ මවගේ මරණයෙන් පසු ඇයට මෙහෙම සතුටක් මෙතෙක් ලැබිලා නෑ. සුදු ඇඳි කාන්තාවත් හිටියේ ලොකු සතුටකින් කියලා පුංචි කුවෝට දැනුණා. ඒ නිසා ටික දිනක් නතර වෙලා සිටීම හොඳයි කියලා ඇයට හිතුණා.
කුවෝටත් සුදු ඇඳුම් අඳින්නට ලැබුණා. ඈ දහවල් කාලයේ අනෙක් ගෑනු ළමයි එක්ක එකතු වෙලා මිටි ගස් වල නිල් පාට කොළ එකතු කළා. රාත්‍රි කාලයේ හිම මෙන් සුදුපාට පණුවන් දහස් ගණනකට ඒවා කන්න දුන්නා. මේ පණුවන් පට පණුවන් බවත්, කොළ මල්බෙරි ගස්වල කොළ බවත් ඈ පසුව දැනගත්තා. පණුවන්ගේ පට කෝෂ වලින් නූල් ගන්න හැටිත්, එයින් සේද රෙදි වියා ගන්නා හැටිත්, කුඩා පැලෑටි වලින් සායම් සාදා නූල් එක එක පාටින් හැඩ ගන්නා ගන්න සැටිත් සුදු කාන්තාව පුංචි කුවෝට කියා දුන්නා.
ඉතින් ඈ මේ පාඩම් ඉතා හොඳින් මතකයේ තියාගත්තා.
දවසක් ඇයට ගෙදර මතක් වුණා. කාලය ගෙවිලා ඇතියි කියලා ඈට හිතුණා. "ඇයි මං මගේ පුංචි මල්ලි මේ ලස්සන සුරංගනා ලෝකේ එකට ඉන්න එක් කරගෙන එන්නෙ නැත්තේ?" කියලා කුවෝ කල්පනා කළා.
ඈ පසුවදා එළිවෙන්නට කලියෙන් කාටවත් නොකියා ගෙදර බලා පිටත් වුණා. ඇය යන විට පට පණු බිත්තර ද, මල්බෙරි පඳුරු ද, කොළ ද මල්ලක් ගෙන යන්නට අමතක කළේ නෑ. මල් බෙරි යන මගට දමාගෙන යන කොට, ආපසු එන මග සොයා ගන්නට හැකි වේ යයි ඈ හිතුවා.
නිවෙසට පැමිනි පසු ඇගේ තාත්තා මහල්ලකුව සිටිනවා දැකලා කුවෝ පුදුම වුණා. ඇගේ මල්ලී තරුණයෙක් වෙලා හිටියා.
"නුඹ අවුරුදු පහළොවක්ම කොහෙද ගිහින් හිටියේ? නුඹට මොකද වුණේ?" සතුටු කඳුළු ඇතුව ඇගේ තාත්තා ඇසුවා.
සැඟවුණු මිටියාවතේ කතාවත්, සුදු ඇඳි ළමයින් හා සුදු කාන්තාව ගැනත් ඈ තාත්තාට විස්තර කලා. ඈ පට පණුවන් හැඳින්වූයේ "දිව්‍ය ලෝකයේ සතුන්" කියලයි.
ඇය පට පණු බිත්තර තාත්තාටත්, මල්ලීටත් කුඩම්මාටත් පෙන්නුවේ ආඩම්බරයෙන්.
කුවෝට දිව්‍යාංගනාවක් මුණගැහිලා. කුවෝට කියලා හංචවි කෝරලේ ගම්වැසියන්ට පට පණුවන් බෝ කරලා පට රෙදි වියන හැටි කියලා දෙන්න එවලයි කියලා අසල්වැසියන් කියන්නට වුණා.
පසුවදා කුවෝ සැඟවුණු මිටියාවත සොයා යන්නට පිටත් වුණා. ඇය මහ මග දමා ආ මල්බෙරි එකක් නෑර හොඳින් පැලවෙලා වැවිලා තිබුණා. ඈ මල්බෙරි ගස් වැවිලා තිබුණු මග දිගේ යෝධ පයින් ගස ළඟට ආවා. නමුත් කඳු පාමුල ගුහාව අතුරු දහන් වෙලා. ඇයට ගුහාව සොයා ගත නොහැකි වුණා.
සුදු වළලු කරක් ඇති කුරුල්ලා කුවෝගේ හිසට ඉහළින් පියාඹමින් සිංදුවක් කිවුවා.
"කුවෝ හොරකම් කළා වස්තුව...
කුවෝ හොරකම් කළා වස්තුව..."
එසේ ගැයූ කුරුල්ලා කඳු වළල්ලේ නොපෙනී ගියා. සැඟවුණු මිටියාවතෙන් පට පණු බිත්තට හා මල්බෙරි පඳුරු ද ගෙන ඒමෙන් තමා කළේ වරදක් කියලා කුවෝ පසුතැවිලි වුනා. ආපසු ගෙදර යනවා ඇරෙන්නට ඇයට වෙන කරන්නට පුළුවන් දෙයක් දැන් නෑ. ඒත් කුවෝට අහිමි වූ වාසනාව පසුව හංචවි කෝරලයට උදා වුනා. දැන් හංචවි කෝරලය චීනයේ පට රෙදි නිෂ්පාදනයේ මුල් තැනක් ගන්නවා. "දිව්‍ය ලෝකයේ සතා" හංචවි කෝරළයට ගෙනා තැනැත්තිය කුවෝ ලෙසද, නම නොදත් සුදු හැඳි කාන්තාව "පටසේද අම්මා" ලෙසත් කටින් කට පැතිරුණා.
පරිවර්තනය - නිමල් හොරණ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Under light,
the dark is new.
Don't fight,
tight the might,
goes through fire.
Petal is the same as metal
Fire is the dark of water
Fire goes back,
water goes forward,
air goes either way,
never gets to play.
The last back,
is the lack of a back,
a back that has no pain.
Water rises,
while times goes down
A flower is white,
time is a fright.
Under light
is fire.
සිඳුසර මුණසිංහ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

If I create 10,000 poems,
my room and the halls
would be filled with paper,
And the roof would break
and shatter the windows,
fill the city and break someone’s clan,
fill up the country and takeover the lakes,
cover the rivers,
cut down all the trees,
stack so high and touch the sky
Filled with poems,
it would reach in space,
reach mars,
take all the planets and connect them,
break all the spaceships,
and fall down
covering the entire North America,
making a bridge to Asia,
takeover half of Russia
And after a few minutes
the world would be covered in papers,
If that happened…
The globe would be gray,
from all the papers,
I used…
සිඳුසර මුණසිංහ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|