There’s nothing wrong with being small
It could be fun and scary

Sometimes being small is very scary.
Walking through big people with big arms and deep voices,
Growing time by time,
thinking you have a bad sickness that makes you large.

First time feeling the coldness of air,
Gazing at the clouds while singing the ABCs
Being helpless to other people who are hurt
because you don’t know what to do.

Meeting problems you don't know how to solve.
Getting some pain for once, being bullied,
Being teased like a banana being squashed,
or a pear left there to rotten
and falling down in a hole of sadness

You see being small is hard,
But it is not bad,
Cause you never know what you will see,
that you never would have seen if you were big.

[Painting By : Donald Zolan]

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


කමත් එක කාලෙක එකමත් එක ගමක හිටියා කුකුල් පවුලක්. ඒ පවුලෙ හිටියා චුට්ටු බුට්ටු කියන කුකුල් පැටියයි එයාගෙ මල්ලිලා හය දෙනයි , අම්මයි , තාත්තයි කුකුල් පැටවුන්ගෙ වයසක සීයයි. මේ කුකුල් ගමේ අයට ටිකක් දුර පියාඹන්න පුලුවන්. ඒගොල්ලො ඒ ගැන සතුටු වුනා. ඒ අහල පහළ තිබුණා තව කුකුල් ගෙවල් කීපයක්. මේ කවුරුත් හිටියෙ බොහොම අලංකාර පුංචි පුංචි පිදුරු ගෙවල්වල.. ඒ ගෙවල් තිබුණෙ ගැඹුරු ගංගාවක් අයිනෙ. වැඩිහිටියො ඒකට කිව්වෙ කැඩපත් ගංගාව කියලයි. ගඟට යන කාගෙ වුනත් මූණ බොහොම ලස්සනට පෙන්නන හින්දයි ඒ ගඟට ඒ නම වැටුණෙ.



චුට්ටු බුට්ටු හැමදාම උදේට නැගිටලා එයාගෙ මල්ලිලා එක්ක ගඟ ට ගිහින් නානවා. නානවා කිව්වට ඒගොල්ලො වැඩිපුර කරන්නෙ දිය බුං ගහන එක. ඊට පස්සෙ අම්මයි තාත්තයි අහුලලා තියෙන පණුවන්ව උදේ කෑමට ගන්නවා. බඩ පිරුණම ගං ඉවුරෙ උදෑසන අවුවෙ ආපහු දුව පැන පැන සෙල්ලම් කරල අහල පහල ඇවිදිනවා. කාල ඉවර වෙලා ඒගොල්ලන්ට කරන්න නියමිත වැඩක් තියෙනවා. ඒ තමයි සීයගෙ දේශනා අහන එක.

"ඌහ් ... නිදිමතයි"

ඒ වෙලාවට චුට්ටු බුට්ටු පියාපත් කම්මැලි කමින් දිගඇරලා එහෙම කියනවා. සීයා කියලා දෙන්නෙ කෑම අහුල ගන්න හැටි, පණුවො වැඩි පුර ඉන්න තැන් ගැන විතරක් නෙවෙයි ලොකු රාජාලියන්ගෙන් හිවල්හාමි ගෙන් වගේම කැලේ ඉන්න අනෙක් නපුරු සත්තුන්ගෙන් පරිස්සම් වෙන හැටිත් කියල දෙනවා. ඒ වුනාට කුකුල් පැටව් පාඩම් අහන් ඉන්න කම්මැලියි. ඒගොල්ලන්ට ඕනෙ හැමදේම තමන් ම කරලා ඉගෙන ගන්න.
"පරිස්සම් වෙන එක ඒ හැටි ලොකු දෙයක්ද? අපි ගඟේ දිය බුං ගහන්නත් පුලුවන්. අපි දැන් ලොකු කුකුල් පැටව්" ඒගොල්ලො පියාපත් ගස්සලා එකිනෙකාට කොඳුර ගන්නවා.

සීයා මේවා නෑහුණා වගේ ගහක මුලක් උඩට පියාඹලා උගුරෙ රැල් බුරුල් අරිනවා. සීයා වයසයි. කෙට්ටුයි. පිහාටු හැලිලා . තියෙන පිහාටු වුනත් තරුණ අයගෙ වගේ දිළිසන්නෙ නෑ. කරමල තද රතුපාට නෑ. අවපැහැ වෙලා. පහළට කඩා වැටිලා. කුකුලු පැටවුන්ට පේන්නෙ සීයගෙ තට්ටෙ පෑදිලා වගෙයි. ඒ වුනාට සීයගේ කටහඬ බොහොම ගාම්භීරයි. සීයා කතාව පටන් ගන්නවා.
කතාව අහන් ඉන්න කුකුල් පැටවු ඔන්න නිදි කිරා වැටෙනවා.

"ගර් ර් ර්ර්...." චුට්ටු බුට්ටු බොරුවට නින්දෙන් ගොරවනවා. සීයා සැර වුනාම ආයි නැගිටලා අහන් ඉන්නවා. අනෙක් අය හිනාවෙනවා. ඔය විදිහට තමයි මේ පාඩම් අහගැනිල්ල කෙරුණේ.

ඔන්න එදා උදෙත් කුකුල් පැටවු ගඟේ සෙල්ලම් කළා. එදා ඒගොල්ලො තව අලුත් වැඩක් යොදාගෙන තිබුණා. ඒ තමයි කැලේ හැංගිමුත්තං තරගයක් තියන්න. කැලේ ගොඩක් ඉඩ තියෙනවා. හැංගුනාම හොයන්නත් අමාරුයි. මේ ලොකු අදහසේ අයිතිකාරයා තමයි පුංචි චුට්ටු බුට්ටු. ඒ වුනාට ලොකුම බාධාව තමයි සීයගේ උදේ වරුවෙ කතාව. මේගොල්ලො කල්පනා කළේම කොහොමද එදා පාඩමෙන් ගැලවෙන්නෙ කියලා.

"අපි සීයව කේන්ති ගස්සමු. එතකොට සීයා අපි අක්ක තරහ වෙලා යන්න යාවි. ඊට පස්සෙ අපි කැලේට දුවමු."

චුට්ටු බුට්ටු අදහසක් ගෙනාවා. හැමෝම එක පයින් කැමති වුණා.



වෙනද වගේම ඉර ගඟ උඩින් හිනාවෙද්දි සීයා ගස් මුල උඩට පියාඹලා උගුර පෑදුවා.

"අද ළමයිනේ මං කියල දෙන්න යන්නෙ සුප් බඩගිනි රාස්සයා ගැන"

කුකුල් පැටවු ටික ආයෙත් කිචි බිචි ගාන්න පටන් ගත්තා. සුප් බඩගිනි රාස්සයා ගැන කොච්චර නම් අහලා තියෙනවාද? ඔය කිව්වට එහෙම රාස්සයෙක් නෑ කියලමයි චුට්ටු බුට්ටු අනිත් අයට සහතික කරල කියලා තිබුණේ.

"අපේ මේ කුකුල් ගමට පිටිපස්සෙන් තියෙන්නෙ සුප් බඩගිනි රාස්සයා ඉන්න මහ වනන්තරේ. මේ රාස්සයට හැමදාම අස්සයො දෙන්නෙකුගෙන් සුප් හදලා බොන්න ඕනෙ. රාස්සයට සුප් හදලා දෙන්නේ රාජාලියෙක්. මේ රාජාලියාට හැතැප්ම සීයක් දුර පේනවා. රාජාලියා සුප් බඩගිනි රාස්සයාගේ කන්දක් උස උරහිසට නැගලා කැලේ බැලුවම අස්සයො ඉන්න තැන් පේනවා. ඊට පස්සෙ රාජාලියා ගිහින් අස්සයෙකුට ඇස්වලට ඇනලා අන්ධ කරනවා. තවත් අස්වයෙකුගෙ ඇස්වලට ඇනලා අන්ධ කරලා මෙන්න මෙහෙම සින්දුවක් කියනවා.

අහස යටින් අකුණු අරන්
පොළව යටින් ගින්න අරන්
මායා දූවරුනි ඇවිත්
අස්සයෙක්ව ඇහිඳ ගන්න
රාස්සයගෙ රාක්කයෙන්
අස්සයෙක්ව තියල එන්න


ඔන්න එතකොට මායාකාර දූවරු හත් දෙනෙක් අහසින් පොළවෙන් මතුවෙනවා. ඒ වෙලාවට අහසෙ අකුණු ගහලා පොළව දෙබෑ වෙලා ගින්දර මතුවෙනවා. ඒ ගින්දරට රස්නෙ ඉවසන්න පුලුවන් රාජාලියාට ම විතරයි. මායාකාරියො හත් දෙනා අස්සයින්ව මරලා රාස්සයගේ ගව්වක් දිග රාක්කෙ තියලා අතුරුදහන් වෙනවා. රාජාලියා පියාඹලා ගිහින් අස්සයින්ගෙන් සුප් හදනවා.

රාජාලියා අවුරුද්දකට සැරයක් විවේක ගන්න දුර ඈත කඳුමුදුනකට යනවා. එදාට රාස්සයට සුප් නැති වෙනවා. බඩගිනි රාස්සයා එතකොට වනන්තරේ දෙදරන්න ගොරවලා ලොකු කන්දක් පෙරළෙනවා වගේ ඇවිදින්න පටන් ගන්නවා. අහුවෙන ඕනෙ දෙයක් කනවා.
ඒ හින්දයි මේ ළමයින්ට කියන්නේ කැලේ ඈත ඇවිදින්න එපා කියලා. "
සීයා කතාව කියලා අවවාද දෙන්න හරි බරි ගැහුණා.

කුකුල් පැටවු ටිකක් කල්පනා කළා. සීයා හරියට රහස දැනගත්තා වගේ මේ කතාව කිව්වේ සෙල්ලම නවත්තන්න තමයි. ඒ ගොල්ලො හිතුවා. චුට්ටු බුට්ටු එකපාරටම පැනලා කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. අනෙක් අයත් පස්සෙන් දිව්වා. අන්ද මන්ද වුන සීයත් "කොක් කොක් කොහෙද යන්නෙ" කිය කිය දුවන්න ගත්තා. කුකුල් පැටවු ටික ගස් අස්සෙ හැංගිලා.. සීයට දුවන්න බැරුව නැවතිලා. ඈතට දුවපු නිසා පැටවුන්ට සීයගේ කරමල නැති ඔළුව පෙනුනෙ තට්ටෙ වගේ. චුට්ටු බුට්ටු එක පාරටම හීනි හඬින් හනි හනිකට මෙහෙම කියන්න ගත්තා.

"තට්ට ගෙඩිය පෑදේ..
තට්ට ගෙඩිය පෑදේ."


ඒකට අනෙක් අයත් එකතු වුනා.



"තට්ට ගෙඩිය පෑදේ..
තට්ට ගෙඩිය පෑදේ.."
හැමෝම ගයන්න පටන් ගත්තා.

මේක ඇහුන සීයට හොඳටම තරහ ගියා. සීයා ගියා කුකුල් පැටවුන්ගේ තාත්තට මේ ගැන කියලා දඬුවම් අරන් දෙන්න. ඒ අතරෙ කුකුල් පැටවු තව තවත් කැලේට දිව්වා. දුවලා හැංගිමුත්තං කරන්න පටන් ගත්තා. සෙල්ලම් කරමින් ඉන්න කොට එකපාරට පොළව පෙරළෙනවා වගේ සද්දයක් ආවා. චුට්ටු බුට්ටු යි අනෙක් කුකුල් පැටවු ටිකයි හොඳටම බයවෙලා එහෙ මෙහෙ දිව්වා.



ඔන්න එතකොටම මහා විසාලෙට සුප් බඩගිනි රාස්සයා මතු වුණා. රාස්සයෙක් නෑ කියලා හිතාගෙන හිටපු චුට්ටු බුට්ටු බය වෙලා ගස් බෙනයක් ඇතුළට රිංගුවා. අනෙක් කුකුල් පැටවු ටිකත් ඒකටම රිංගුවා. ඒක දැකපු රාස්සයා මහ හයියෙන් හිනාවෙලා ගහ දෙකට ඉරලා කුකුල් පැටවුන්ව අරන් සාක්කුවෙ දා ගත්තා.

"අද මං අස්ස සුප් බීලා නුඹලව අතුරු පසට ගන්නවා."

කුකුල් පැටවු බයට වෙව්ලන්න පටන් ගත්තා. දැන් මොනවා කරන්නද? රාජාලියා නිවාඩු ගිහින් නිසා අද රාස්සයා දඩයමේ ඇවිත්. රාස්සයා අස්සයොයි කුකුල් පැටවුන්වයි අරන් එයාගෙ විමානෙට ගිහින් සාක්කුවෙ හිටපු කුකුල් පැටවුන්ව මේසයක් උඩ තියෙන ලොකු කෝපපෙක දැම්මා. ඒකෙ කට පොඩියි. පතුල ගැඹුරුයි. උඩට එන්න බෑ. කුකුල් පැටවු කණගාටු වුණා. චුට්ටු බුට්ටු හැමෝටම වඩා කණගාටු වෙලා සුසුම් හෙලන්න ගත්තා.

" මා නිසා තමයි මේ හැම දේම" ඔහු තමන්ටම බැණ ගත්තා. ඔන්න එතකොට ඒගොල්ලන්ට ඇහුණා සුප් බඩගිනි රාස්සයා ලිප පත්තු කරනවා.



"මම ඉස්සරවෙලා සුප් හදලා බීලා නුඹලව බදින්නම්" රාස්සයා කියනවා. කුකුල් පැටවු බයට වෙව්ලනවා.

එකපාරටම කුකුල් පැටවුන්ට "කොක් කොක් කොක්" කියලා කෑ ගහන, පිහාටු ගහන මහ සද්ද ගොඩක් ඇහුණා. කෝප්පෙ පෙරළුණා. පෙරළුණ කෝප්පෙන් එළියට ආපු කුකුල් පැටවු මේසය උඩට වැටුණා. එතකොටයි ඒගොල්ලො දැක්කේ කුකුල් ගමේ හැමෝම එයාලව හොයගෙන ඇවිත් බව. වැඩිහිටි කුකුල්ලුන්ට උපදෙස් දුන්නෙ චුට්ටු බුට්ටුලගෙ සීයා.

"අපි දැන් සුප් බඩගිනි රාස්සයට කොටන්න ඕනෙ"

සීයා ගැඹුරු හඬින් අණ දුන්නා. ඔක්කොම පියාඹලා ගිහින් රාස්සයගේ ඇස්වලට, ඔළුවට, කකුල්වලට කොටන්න ගත්තා. කලබල වුණ රාස්සයා ඇස් ඇරගන්න දැඟලුවා. අතපය ගැසුවා. ඊට පස්සෙ පය පැටලිලා නටන සුප් ඇතිලියට වැටුණා. රාස්සයා ගෙ කෑ ගැහිල්ලට වනන්තරේ ගස් ඉදිරුණ බවයි කුකුල් ගමේ කතන්දරවල නම් තියෙන්නෙ.

සුප් බඩගිනි රාස්සයා සුප් ඇතිලියේම මැරිලා ගියා. වැඩිහිටියෝ කුකුල් පැටවු හත්දෙනාව පිහාටු අතර තියාගෙන ගෙදර ආවා.

චුට්ටු බුට්ටුවත් එයාගෙ සහෝදරයොවත් ආයි කවදාවත් සීයට විහිළු කළේ නෑ. සීයා කියපු හැමදේම අහගෙන හොඳ ළමයි වෙලා හැදුණා වැඩුණා. ඉඳ හිට පුංචි පුංචි දඟකාරකම් කළා. ඒගොල්ලො කැඩපත් ගංගාවෙ දියබුං ගහන සද්දෙ බොහොම කාලයක් ඒ ගං ඉවුරෙන් ඇහුණා.



[චිත්‍ර : නම නොදන්න සුරංගනාවි සහ අන්තර්ජාලයෙන්]

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


එකෝමත් එක කාලෙක හංචවි කෝරළයේ අභිරහස් ගමක කාන්තාවක් සැඟවී වාසය කලා. එක්තරා ගමක පුංචි දැරියක් වූ කුවෝ හැර අන් කිසිවෙක් ඒ කාන්තාව දැක නෑ.

කුවෝට අවුරුදු නවය වෙනකොට ඇගේ අම්මා මියගියා. ඇය මියගියේ කුවෝ සහ ඇගේ හතර හැවිරිදි මල්ලී ද තනිකර දමාය. තාත්තා නැවත විවාහයක් කරගත්තා. අලුත් කුඩම්මා හරිම නපුරුයි. ඇය සිතුවේ මේ දරුවන් දෙදෙනා කවන්නට පොවන්නට ඇති අමතර කටවල් දෙකක් ලෙසය. හේතුව, ඔවුන් ඇගේ දරුවන් නොවීමයි.

එක් සීත වැසි දවසක කුඩම්මා කුවෝට මෙහෙම නියමයක් කළා.

"ගිහින් තණකොළ ටිකක් අරන් වරෙන්. උඹට මල්ල පුරෝගෙන එන්න බැරිනම් ගෙදර ඇවිත් වැඩක් නැහැ. රෑට කන්න ලැබෙන්නේ නෑ. තේරුණාද?"

දැරිය උදෑසනින් හිස් මල්ලත්, හිස් බඩත් උස්සාගෙන ගෙදරින් පිටත් වුණා. ඈ තණ පිට්ටනියේ සිට කෙත් වතු ද ගංතෙර සිට කඳු මුදුන් ද පීර පීරා උදේ පටන් හවස් වන තුරුම ඇවිද්දා. ඒත් තණ කැබෙල්ලක් වත් සොයා ගන්නට බැරි වුණා. කුසගින්න සහ සීතල උහුලන්න බැරිතරම්. ඒත් කුඩම්මාට මුහුණ දෙන්නට ආපසු ගෙදර යන්නට ඈ බය වුණා. ගලක් උඩ වාඩි වූ ඈ වෙහෙස මහන්සිය නිසා ගිමන් ඇරියා. ඇගේ දෙකම්මුල් දිගේ කඳුළු බිඳු කඩා වැටුණා. පුංචි හිතේ නොයෙක් සිතුවිලි පහල වුණා. සීතලේම මැරිලා යනව නම් සියලු කරදර ඉවරයි කියල ඇයට හිතුණා.

උණුසුම් හිරු එළිය ඇති ජූනි මාසයේදී ගස්වල මල් ලස්සනට පිපෙනවා. ඇයට සිහිපත් වුණා. කුරුල්ලන් කීචි බීචි ගාලා සිංදු කියනවා. ඈ පිල අද්දර මල්ලිත් එකා සෙල්ලම් කරනවා. ඇගේ අම්මා සිනා සිසී අලුතින් කැපූ තණකොළ මල්ලක් ගෙන එනවා. ඈ ළඟට එමින් "නිදාගන්න යන්න එපා. බැටළුවන්ට කන්න දෙන්න ඕනේ..." කියලා කුවෝට කියනවා. මේවා මතක් වෙනකොට ඇයට මහ දුකක් දැනෙනනවා.

"අර සැඟවුණු ගුහාවේ හුඟක් තණකොළ තියෙනවා" එකපාරටම කාගේදෝ කටහඬක් ඇයට ඇසුණා.

ඒ හඬ ආපහු කුවෝට ඇහුනා.

"අර සැඟවුණු ගුහාවේ හුඟක් තණකොළ තියෙනවා."



සුදු වළලු කරක් ඇති කුරුල්ලකු අළු පැහැති අහසට කෙලින් පියාඹනවා ඈ දුටුවා. හඬ පිට වුණේ කුරුල්ලගෙන් කියලා ඇයට හිතුනා. ඌ ඇයට මග පෙන්වනව කියලා ඇයට දැනුනා. ඈ ඉබේම් උගේ පසු පස ගියා. වංගු කීපයක් පසු කළාම කුරුල්ලා අතුරුදන් වුණා. තමා අතරමං වුණයි කියලා පුංචි කුවෝ තැති ගත්තා. කුරුල්ලාට කතා කරන්න පුළුවන්ද? මේක නිකං හීනයක්ද? මෙහෙම හිතමින් ඉස්සරහට යනකොට ඇයට ලොකු පයින් ගහක් හමුවුණා. ඒ ගසෙන් පාර ඇහිරිලයි තිබුණේ. ඒ ගහ ඒ තරමට විශාලයි. හිරු එළියක් වත් බිමට වැටුණේ නෑ. ඈ ගස ළඟ නතර වුණා. ගහ ළඟ කඳු පාමුල ලොකු ගුහාවක් තිබුණා. මොහොතක් ඈ ඒ දෙස බලා සිටියා. හදිසියේම අවට නිහඬතාව බිඳිම්න් ගලා යන දිය පහරක හඬ ඈට ඇසුණා. ඇයට සිහිය ආවා වගේ දැනුණා. කුවෝ හෙමිහිට ගුහාවට ළං වුණා. ඇතුලට යන්න පුළුවනි. ඈ අඩිය තැබුවා. ගුහාව ඇතුලේ තෙතමනය සහ උණුසුම ද දැනුනා. ගුහාවේ සිට ගලන කුඩා ඔය පාරට නැමිලා දිය දෝතක් අරන් බිවුවා. එය හරිම රසයි. ඔය අද්දර හොඳට තණකොල වැවිලා තිබුණා. ඈ නැමි නැමී තණ කොළ කප කපා මල්ලට දමාගෙන ඉදිරියට ගියා. ටිකින් ටික ඉස්සරහට යනකොට ඔය අද්දර මල් පිපී තිබුණා.

තණකොළ වලින් මල්ල පිරෙන කොට ඈ ගුහාව කෙළවරට ඇවිත් සිටියා. සුදු ඇඳුමෙන් සැරසුණු ලස්සන කාන්තාවක් ඇය ඉදිරියට ආවා. කුවෝ ළඟට ආ ඈ "බය වෙන්න එපා මගේ පුංචි යාළුවා, ඔයාට මහන්සි පාටයි. ඔයා කැමතිද අපිත් එක්ක ටික දවසක් ඉන්න?" කියලා ඇහුවා. කුවෝ හිස වනා ඊට කැමති වුණා.

ගුහාව කෙළවර ඇත්තේ තැනිතලා බිමක්. ඈ විමසිල්ලෙන් වටපිට බැලුවා. කඳු බෑවුමේ සුන්දර පරිසරයක සුදු උළු සෙවිලි කල සුදුපාට ගෙවල් ඈ දුටුවා. ඒ ගෙවල් ඉදිරිපිට තද නිල් කොළ වලින් පිරුණු මිටි ගස් පෙළක් තිබුණා. සුදු ඇඳුමෙන් සැරසුණු තරුණ ගැහැණු ළමයි සිංදු කිය කියා ඒ කොල කැඩුවා. කුවෝට හරිම සතුටක් දැනුනා. ඇගේ මවගේ මරණයෙන් පසු ඇයට මෙහෙම සතුටක් මෙතෙක් ලැබිලා නෑ. සුදු ඇඳි කාන්තාවත් හිටියේ ලොකු සතුටකින් කියලා පුංචි කුවෝට දැනුණා. ඒ නිසා ටික දිනක් නතර වෙලා සිටීම හොඳයි කියලා ඇයට හිතුණා.

කුවෝටත් සුදු ඇඳුම් අඳින්නට ලැබුණා. ඈ දහවල් කාලයේ අනෙක් ගෑනු ළමයි එක්ක එකතු වෙලා මිටි ගස් වල නිල් පාට කොළ එකතු කළා. රාත්‍රි කාලයේ හිම මෙන් සුදුපාට පණුවන් දහස් ගණනකට ඒවා කන්න දුන්නා. මේ පණුවන් පට පණුවන් බවත්, කොළ මල්බෙරි ගස්වල කොළ බවත් ඈ පසුව දැනගත්තා. පණුවන්ගේ පට කෝෂ වලින් නූල් ගන්න හැටිත්, එයින් සේද රෙදි වියා ගන්නා හැටිත්, කුඩා පැලෑටි වලින් සායම් සාදා නූල් එක එක පාටින් හැඩ ගන්නා ගන්න සැටිත් සුදු කාන්තාව පුංචි කුවෝට කියා දුන්නා.

ඉතින් ඈ මේ පාඩම් ඉතා හොඳින් මතකයේ තියාගත්තා.

දවසක් ඇයට ගෙදර මතක් වුණා. කාලය ගෙවිලා ඇතියි කියලා ඈට හිතුණා. "ඇයි මං මගේ පුංචි මල්ලි මේ ලස්සන සුරංගනා ලෝකේ එකට ඉන්න එක් කරගෙන එන්නෙ නැත්තේ?" කියලා කුවෝ කල්පනා කළා.

ඈ පසුවදා එළිවෙන්නට කලියෙන් කාටවත් නොකියා ගෙදර බලා පිටත් වුණා. ඇය යන විට පට පණු බිත්තර ද, මල්බෙරි පඳුරු ද, කොළ ද මල්ලක් ගෙන යන්නට අමතක කළේ නෑ. මල් බෙරි යන මගට දමාගෙන යන කොට, ආපසු එන මග සොයා ගන්නට හැකි වේ යයි ඈ හිතුවා.

නිවෙසට පැමිනි පසු ඇගේ තාත්තා මහල්ලකුව සිටිනවා දැකලා කුවෝ පුදුම වුණා. ඇගේ මල්ලී තරුණයෙක් වෙලා හිටියා.

"නුඹ අවුරුදු පහළොවක්ම කොහෙද ගිහින් හිටියේ? නුඹට මොකද වුණේ?" සතුටු කඳුළු ඇතුව ඇගේ තාත්තා ඇසුවා.

සැඟවුණු මිටියාවතේ කතාවත්, සුදු ඇඳි ළමයින් හා සුදු කාන්තාව ගැනත් ඈ තාත්තාට විස්තර කලා. ඈ පට පණුවන් හැඳින්වූයේ "දිව්‍ය ලෝකයේ සතුන්" කියලයි.

ඇය පට පණු බිත්තර තාත්තාටත්, මල්ලීටත් කුඩම්මාටත් පෙන්නුවේ ආඩම්බරයෙන්.

කුවෝට දිව්‍යාංගනාවක් මුණගැහිලා. කුවෝට කියලා හංචවි කෝරලේ ගම්වැසියන්ට පට පණුවන් බෝ කරලා පට රෙදි වියන හැටි කියලා දෙන්න එවලයි කියලා අසල්වැසියන් කියන්නට වුණා.



පසුවදා කුවෝ සැඟවුණු මිටියාවත සොයා යන්නට පිටත් වුණා. ඇය මහ මග දමා ආ මල්බෙරි එකක් නෑර හොඳින් පැලවෙලා වැවිලා තිබුණා. ඈ මල්බෙරි ගස් වැවිලා තිබුණු මග දිගේ යෝධ පයින් ගස ළඟට ආවා. නමුත් කඳු පාමුල ගුහාව අතුරු දහන් වෙලා. ඇයට ගුහාව සොයා ගත නොහැකි වුණා.

සුදු වළලු කරක් ඇති කුරුල්ලා කුවෝගේ හිසට ඉහළින් පියාඹමින් සිංදුවක් කිවුවා.

"කුවෝ හොරකම් කළා වස්තුව...
කුවෝ හොරකම් කළා වස්තුව..."


එසේ ගැයූ කුරුල්ලා කඳු වළල්ලේ නොපෙනී ගියා. සැඟවුණු මිටියාවතෙන් පට පණු බිත්තට හා මල්බෙරි පඳුරු ද ගෙන ඒමෙන් තමා කළේ වරදක් කියලා කුවෝ පසුතැවිලි වුනා. ආපසු ගෙදර යනවා ඇරෙන්නට ඇයට වෙන කරන්නට පුළුවන් දෙයක් දැන් නෑ. ඒත් කුවෝට අහිමි වූ වාසනාව පසුව හංචවි කෝරලයට උදා වුනා. දැන් හංචවි කෝරලය චීනයේ පට රෙදි නිෂ්පාදනයේ මුල් තැනක් ගන්නවා. "දිව්‍ය ලෝකයේ සතා" හංචවි කෝරළයට ගෙනා තැනැත්තිය කුවෝ ලෙසද, නම නොදත් සුදු හැඳි කාන්තාව "පටසේද අම්මා" ලෙසත් කටින් කට පැතිරුණා.
පරිවර්තනය - නිමල් හොරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


Under light,
the dark is new.
Don't fight,
tight the might,
goes through fire.

Petal is the same as metal
Fire is the dark of water
Fire goes back,
water goes forward,
air goes either way,
never gets to play.

The last back,
is the lack of a back,
a back that has no pain.

Water rises,
while times goes down
A flower is white,
time is a fright.

Under light
is fire.

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


If I create 10,000 poems,
my room and the halls
would be filled with paper,
And the roof would break
and shatter the windows,
fill the city and break someone’s clan,
fill up the country and takeover the lakes,
cover the rivers,
cut down all the trees,
stack so high and touch the sky

Filled with poems,
it would reach in space,
reach mars,
take all the planets and connect them,
break all the spaceships,
and fall down
covering the entire North America,
making a bridge to Asia,
takeover half of Russia

And after a few minutes
the world would be covered in papers,

If that happened…

The globe would be gray,
from all the papers,

I used…

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails